
(ෂේන් සෙනෙවිරත්න)
ඉදිරියේදී ගෙන ඒමට නියමිත නව පනතක් මගින් ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය මෙන්ම අනෙකුත් පෙරහර මංගල්‍යයන් සිදු සිදු කිරීමට බාධා ඇති විය හැකි බවත් අලි ඇතුන්ට අවශ්‍ය ආරක්ෂක විධි ක්‍රම භාවිතා නොකර මහ මඟ ගෙනයාමෙන් අනතුරුදායක තත්වයක් උද්ගත විය හැකිකි බවත් තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශවයේ මහානායක හිමියෝ අභිනව මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සුරංග ප්‍රනාන්දු මහතා හමුවේ පැවැසූහ.
ගෙන ඒමට නියමිත සත්ව සුභසාධන පනත් කැටුම්පත මගින් මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයට අලි ඇතුන් යොදාගැනීමට බාධා ඇතිවන්නේද නැද්ද යන්න සම්බන්ධව සමාජයේ කතාබහක් නිර්මාණය වී තිබෙන බවත් එමඟින් එවැන්නක් සිදු නොවන්නේ නම් රජය මැති ඇමතුරුන් ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම අත්‍යවශ්‍ය කාරණයක් බවත් මල්වතු මාහා නාහිමියෝ එහිදීී වැඩිදුරටත් අවධාරණය කළහ.
මෙම නව පනත ගෙන ඒමෙන් පසු පෙරහරට සම්බන්ධ වෙන අලි ඇතුන්ට දම්වැල් යොදා පාරේ ගෙනයාමට නොහැකි බවට යම් යම් පිරිස් තමන් වහන්සේ දැනුවත් කළ බවත් ඔවුන් පවසන දේ සම්බන්ධයෙන් නිහඬව නොසිට සැබෑ තත්ත්වය රටට හෙළි කිරීම රජයේ වගකීමක් බවද උන්වහන්සේ එහිදී අවධාරණය කළේය.
මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයා ශ්‍රී දළදා මාලිගාවට ගොස් දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මල්වතු අස්ගිරි උභය විහාරයන්ට ගොස් එහි මහා නාහිමිවරුන් බැහැදුටු අවස්ථාවේදී මල්වතු නාහිමියෝ බව අවධාරණය කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd