(ඉන්දිකා රාමනායක)
ශි‍්‍ර ලංකා නාවික හමුදාවේ 21 වැනි නාවික හමුදාපතිවරයා වශයෙන් රියර් අද්මිරාල් ට්‍රැවිෂ් සින්නයියා අද (18) ජනපති මෛති‍්‍රපාල සිරිසේන මහතා අතින් පත්වීම ලබා ගත්තේය.
ට්රවිෂ් සින්නයියා මහතා මෙම පත්වීමට පෙර නැගෙනහිර ආඥාපතිවරයා වශයෙන් කටයුතු කළේය.
වත්මන් නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ගේ ධුරකාලය මෙම මස 22 දිනෙන් අවසන් වන අතර ඒ මහතාගෙන් හිස්වන නාවික හමුදාපති ධුරයෙට සින්නයියා මහතා පත්කර තිබුණි.
නව නාවික හමුදාපති ට්රෑවින් සින්නයියා මහතා මෙම මස 22 දින සිය ධුරයේ වැඩ බාරගැනීමට නියමිතය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳටම රාජකාරිය කිරීමට සුභ පැතුම්.!!!
ඉතාම ඉහළ "නාවික" දැනුමක් ඇති මෙතුමාට තම ජාතිය හෝ ආගම නිසා අසාධාරණයක් නොවීම "යහපාලනයයි ". වත්මන් අගවිනිසුරුතුමාගේ පියා බෞද්ධයෙකු නොවීම නිසා පොලිස්පති කම නොලැබීම වැනි සිද්ධීන් යහපාලනය යටතේ සිදු නොවිය යුතුයි.
මොනතරම් සුභවාදී පත්කිරීමක්ද? මගේ දැනීමේ හැටියට ප්‍රථම සුළුජාතික නාවික හමුදාපතිවරයා කළේ රටටම සුභවාදී පත්කිරීමක්. මගේ දැනීමේ හැටියට පළමු සුළුජාතික නාවික හමුදාපතිවරයා. මෙවැනි පත්කෙරීම් නිතර සිදුවීම සුභවාදී සිදුවීම් ලෙස දැකිය හැකිවේ.
දෙයක් වී නම් යම් සුදුස්සාටම එය ලැබිය යුතු- රියදුරු මනාවු දිනිය යුතුමය සේම අස්රිය. හුණු වටයේ කථාව
මෙතුමා තමයි පැය හතලිස් අටක් ඇතුලත ඈත මුහුඳේ එල් ටී ටී ඊ නැව් හතරක් ගිල්ලවීමේ මෙහෙයුමේ මුලිකයා.
අප අගය කළයුතු හොඳ තීරණයක්...
ශ්‍රී ලංකාවේ 21 වැනි නාවික හමුදාපති රියර් අද්මිරාල් ට්රවිෂ් සින්නයියා මහතාට සියලු දෙවි දේවතාවන්ගේම පිහිටයි.
එතුමා හොඳ මහත්මයකු වගේම හොඳ දැනුමක් අැති පුද්ගලයකුද විය.
සුදුස්සාට සුදුසු තැන දීම අත්‍යාවශ්‍ය දෙයක්. නමුත් කලින් කරපු දේශපාලන පලිගැනීම ඉවත් කරලා ඔය තනතුර දුන්නේ අපියි කියලා කඩේයන්න කිව්වොත් තමයි වැඩේ? කවුරු දුන්නත් වැටුප් ලබන්නේ මහජන මුදලින් බවත් සේවය කරන්නේ මහජනතාවට සහ රටට බවත් සිහියේ තබා ගෙන වැඩකලොත් මරණ මංචකය කිට්ටු වුණාම ප්‍රදර්ශන තියලා ප්‍රසිද්ධියක් ලබාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සැමදාමත් ජනතා සිත් සතන් තුල නම පවතීවි.
ඔබට ජය වේවා..!!!
සුපිරි වැඩකාරයෙක් .
මේක නිකන් වාහනේ මාරු කර කර එකම ගමන යනවා වගේ වැඩක්නේ. මාස කිහිපයකට සැරයක් ත්‍රිවිධ හමුදාවේ හමුදාපති කෙනෙක් වෙනස් වෙනවා. ඉස්සර කොටින් විතරයි හමුදාවට බය උනේ. දැන් ලංකා ආණ්ඩුවත් හමුදාවට බයයි වගේ.
සුදුස්සාට සුදුසු තැන දීම අත්‍යාවශ්‍ය දෙයක් නමුත් කලින් සිදුවූ සිදුවීම් ගැන අප අවධානය යොමුකළ යුතුය. මෙයින් මා කියන්නේ නව ශ්‍රී ලංකාවේ 21 වැනි නාවික හමුදාපති රියර් අද්මිරාල් ට්රවිෂ් සින්නයියා මහතා එවැනි අදුරදර්ශී පුද්ගලයෙක් කියා නොවේ. නමුත් අතීතයේ අප කල අනුවණ ක්‍රියා හා ඒහා බැඳුණු සිදුවීම් ගැන බැලුවොත් අපට වැරදුණු තැන බොහොමයක් ඇත. මන්ද ශ්‍රී ලංකා යුද හමුදාවේ සිටි උසස් ද්‍රවිඩ නිලධාරියෙක් කල ක්‍රියාවක් නිසාවෙන් එදා අපට මුලතිව් බර අවි හමුදා කදවුර අහිමි විය. හමුදා මූලස්ථානයේ සේවයේ යෙදී සිටි ඔහු මුලතිව් කඳවුර වෙත ගියේ ඔහුගේ ඉල්ලීම පරිදි යැයි කියවේ. අප දැඩි විශ්වාසයකින් යුතුව ඔහුව එම කඳවුරේ දෙවන හෝ තුන්වන බලධාරියා ලෙසද පත් කරමු. නමුත් අවසානයේ සිදු වූයේ අවැසි බලය හා අවස්ථාව ලාබා ගෙන එම කඳවුර ත්රස්තවාදීන්ට බිලිදීම හා ඔහුද කොටින් සමග පලායාමයි. ඒ නිසාවෙන් රටට සිදුවූ විනාශය අපමණයි මෙන්ම කොටින් ලබාගත් අවි ප්‍රමාණය විශාලයි. එමෙන්ම හිටපු ජනපතිවරයා යුද්ධය නිමාකර දැහැමි සමාජයක් උදෙසා උතුරු පළාතට හිටපු විනිසුරුවරයෙක් මහා ඇමති ලෙස පත් කළේය. නමුත් අද සිදුවන්නේ ඔහුද කොටින්ගේ පාරේ යමින් ත්‍රස්තවාද උදවු දීමයි.