IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


නව තාක්ෂණය බස් සේවයට

නව තාක්ෂණය බස් සේවයට ද හඳුන්වා දෙමින් මගීනට ජී.පී.එස්. (ගෝලීය ස්ථාන නිර්ණයන පද්ධතිය) තාක්ෂණය ඔස්සේ බසයේ ගමන් මාර්ගය හඳුනා ගැනීමටත් පෙරගෙවුම් කාඩ්පත් ක්‍රමය විධිමත් කිරීමටත් සැලසුම් සකස් කරන බව ඡායාරූපමය උපාය මාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනයේ සභාපති අශෝක අබේගුණවර්ධන මහතා අද (28) මාධ්‍ය හමුවක දී කීවේය.

මෙම සැලසුම මහනුවර නගරයේ මාර්ග අංක දෙකක බස්රථ වෙනුවෙන් ජූනි 01 වැනිදා සිට ක‍්‍රියාවට නංවන බව ද කීවේය.

DSC_7384



අදහස් (0)

නව තාක්ෂණය බස් සේවයට

විපුල Friday, 29 April 2016 03:55 AM

කලිනුත් කලා. කතාව විතරයි .ටිකක් දුර ගිහිල්ල නවතිනවා.(ම)

:       0       0

නිමලරත්න Friday, 29 April 2016 04:36 AM

තමුන් නන්සේලා යන්නේ සැප වාහන වන බැවින් බස් මගියා විඳින දුක දන්නේ නැත. එබැවින් මුලින්ම සුළු දුර සේවා මගින් විඳින දුක දන ගැනීමට ඔබ යටතේ සිටින නිලදාරීන් යොදවන්න. (ම)

:       0       0

රාධා Thursday, 28 April 2016 02:23 PM

නව තාක්ෂනය කෙසේවෙතත් බොහෝ බස්රථ කොන්දොස්තර වරුනට පිළිවෙලකට ඇඳුමක්වත් ඇඳලා නැහැ. කොන්ඩේ හරියටවත් පීරන්නේ නැහැ.. ප්‍රවේශ පත්‍ර ගන්නයි ඉල්ලා මරලතෝනි දෙන අතර ප්‍රවේශ පත්‍ර තියෙන බවක්වත් නැහැ. මොවුන් ලොතරැයි මණ්ඩලයට දැම්මොත් ස්වීප් මුද්‍රණයට යන වියදම අඩුකරගත හැක . (ර)

:       0       0

ගයනාත් Thursday, 28 April 2016 03:09 PM

නියම වැඩක්. (බ)

:       0       0

සෙනරත් Thursday, 28 April 2016 04:13 PM

ජී.පි.එස්. දාන්න හදන්නේ ඩ්‍රයිවර්ට පාර සොයාගන්න බැරිවෙයි කියලද නැත්නම් බස් අයිතිකරුට ඩ්‍රයිවර් වෙන පාරවල් වල යනවද කියල බලා ගන්නද? මෙයින් ජනතාවට සැලසෙන්නේ මොන වගේ සෙතක්ද? (ර)

:       0       0

මංජුල Friday, 29 April 2016 08:35 AM

මේක නම් කරන්න අමාරුවෙයි. මොකද රටේ ජනගහනයෙන් කිසියම් ප්‍රතිශතයකට කාඩ් ,ස්මාට් ෆෝන් පාවිච්චි කරන්න අමාරුයි. ඒ නිසා ටිකට් දෙන එක වෙනම කරනන් වෙනව. ඒක වැඩ දෙකක්. නමුත් උත්සාහ කරන එක වටිනවා. (ර)

:       0       0

රජිත් මංජුල Thursday, 28 April 2016 04:26 PM

මිනිස්සුන්ට ඕවා නෙමේ ඕන ගෙවන මුදලට සරිලන සුවපහසු ඉක්මන් ප්‍රවාහන සේවයක්. ඉතාලියේ කිලෝමීටර් 214ක් විනාඩි 60 යද්දී හලාවත ඉදන් කොලබ යන්ඩ පැය 3ක් යනවා කිලෝමීටර් 62යි මුළු දුර. (ර)

:       0       0

ප්‍රදීප් Friday, 29 April 2016 09:21 PM

සීට් කුඩා කිරීමෙන් මැදින් වැඩි පිරිසක් හිටගන යාහැකියි. ලාබයත් වැඩියි. (ර)

:       0       0

කමනි Thursday, 28 April 2016 05:20 PM

ඔය පෙර ගෙවුම් කාඩ් පත දැන් අවුරුදු 5ක් තිස්සේ ක්‍රියාත්මක කරනවා. බස්වලත් ටච් කියලා බෝඩ් ගහලා තියනවා. ඒත් ඕවා භාවිතා කරන බස් රථයක් නැහැ. අධිකාරීන්, අරවා කළා මේවා කළා කිව්වත් පුද්ගලික බස් රථ තාමත් අර දහයේ පහේ කෑලිවලට ධාවන වන බස් සේවයම තමයි. (ර)

:       0       0

සුමුදු Friday, 29 April 2016 09:43 AM

බස් රථයක සීට් එකක පළල එන්න එන්නම අඩුවෙනවා. මුලින්ම ඒ සඳහා ප්‍රමිතියක් ගෙන ආ යුතුයි. ඉන්දීයාවේ නිෂ්පාදිත කිසිම බස් රථයක සීට් එකක දෙදෙනෙකුට නිසි පරිදි වාඩි වී යා නොහැක. (ර)

:       0       0

විජිත් Friday, 29 April 2016 01:12 AM

ඉතාමත්ම කාලෝචිත වැඩක්.මේ සමගම ඉතාම අඩු මුදලකට,ස්මාර්ට් ෆෝන් වල භාවිත කළ හැකි බසයේ ගමන්මාර්ගය සහ ඒ ඒ මොහොතේ එය තිබෙන ස්ථානය හඳුනාගත හැකි ජි පි එස් මගින් ක්‍රියාත්මකවන මෘදුකාංගයක් හඳුන්වා දෙන්න පියවරගත්තොත් තවත් හොඳයි. දියුණු රටවල මේ ක්‍රමය බෙහෙවින් භාවිතා වෙනවා. (බ)

:       0       0

ඉමේෂ් Friday, 29 April 2016 01:28 AM

අම්මෝ ලොකු දෙයක්. එතකොට අපිට ෆොනේ එකෙන් බලාගන්න පුළුවන් බස් එක නැවතුමට එන්න තව විනාඩි කීයක් යනවද කියල. අනේ මුළු රටටම මේවා දාන්න. දැනටමත් ගොඩක් පරක්කුයි.(ම)

:       0       0

චානක Friday, 29 April 2016 01:31 AM

ඉතාමත් හොඳ වැඩක්, අනික පෙරගෙවුම් පත් නිසා හරි ලෙහෙසි, ඉස්සරහ කොන්දොස්තරලා ඕන වෙන එකක් නැහැ (ම)

:       0       0

සුමනපාල Friday, 29 April 2016 02:00 AM

ඉතා හොඳයි. අඩුගානේ කොන්දොස්තරලාගෙන් කුණු කතා අහන්න වෙන්නේ නැත්නම්. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 79 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site