නව තාක්ෂණය බස් සේවයට ද හඳුන්වා දෙමින් මගීනට ජී.පී.එස්. (ගෝලීය ස්ථාන නිර්ණයන පද්ධතිය) තාක්ෂණය ඔස්සේ බසයේ ගමන් මාර්ගය හඳුනා ගැනීමටත් පෙරගෙවුම් කාඩ්පත් ක්‍රමය විධිමත් කිරීමටත් සැලසුම් සකස් කරන බව ඡායාරූපමය උපාය මාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනයේ සභාපති අශෝක අබේගුණවර්ධන මහතා අද (28) මාධ්‍ය හමුවක දී කීවේය.
මෙම සැලසුම මහනුවර නගරයේ මාර්ග අංක දෙකක බස්රථ වෙනුවෙන් ජූනි 01 වැනිදා සිට ක‍්‍රියාවට නංවන බව ද කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලිනුත් කලා. කතාව විතරයි .ටිකක් දුර ගිහිල්ල නවතිනවා.(ම)
තමුන් නන්සේලා යන්නේ සැප වාහන වන බැවින් බස් මගියා විඳින දුක දන්නේ නැත. එබැවින් මුලින්ම සුළු දුර සේවා මගින් විඳින දුක දන ගැනීමට ඔබ යටතේ සිටින නිලදාරීන් යොදවන්න. (ම)
නව තාක්ෂනය කෙසේවෙතත් බොහෝ බස්රථ කොන්දොස්තර වරුනට පිළිවෙලකට ඇඳුමක්වත් ඇඳලා නැහැ. කොන්ඩේ හරියටවත් පීරන්නේ නැහැ.. ප්‍රවේශ පත්‍ර ගන්නයි ඉල්ලා මරලතෝනි දෙන අතර ප්‍රවේශ පත්‍ර තියෙන බවක්වත් නැහැ. මොවුන් ලොතරැයි මණ්ඩලයට දැම්මොත් ස්වීප් මුද්‍රණයට යන වියදම අඩුකරගත හැක . (ර)
නියම වැඩක්. (බ)
ජී.පි.එස්. දාන්න හදන්නේ ඩ්‍රයිවර්ට පාර සොයාගන්න බැරිවෙයි කියලද නැත්නම් බස් අයිතිකරුට ඩ්‍රයිවර් වෙන පාරවල් වල යනවද කියල බලා ගන්නද? මෙයින් ජනතාවට සැලසෙන්නේ මොන වගේ සෙතක්ද? (ර)
මේක නම් කරන්න අමාරුවෙයි. මොකද රටේ ජනගහනයෙන් කිසියම් ප්‍රතිශතයකට කාඩ් ,ස්මාට් ෆෝන් පාවිච්චි කරන්න අමාරුයි. ඒ නිසා ටිකට් දෙන එක වෙනම කරනන් වෙනව. ඒක වැඩ දෙකක්. නමුත් උත්සාහ කරන එක වටිනවා. (ර)
මිනිස්සුන්ට ඕවා නෙමේ ඕන ගෙවන මුදලට සරිලන සුවපහසු ඉක්මන් ප්‍රවාහන සේවයක්. ඉතාලියේ කිලෝමීටර් 214ක් විනාඩි 60 යද්දී හලාවත ඉදන් කොලබ යන්ඩ පැය 3ක් යනවා කිලෝමීටර් 62යි මුළු දුර. (ර)
සීට් කුඩා කිරීමෙන් මැදින් වැඩි පිරිසක් හිටගන යාහැකියි. ලාබයත් වැඩියි. (ර)
ඔය පෙර ගෙවුම් කාඩ් පත දැන් අවුරුදු 5ක් තිස්සේ ක්‍රියාත්මක කරනවා. බස්වලත් ටච් කියලා බෝඩ් ගහලා තියනවා. ඒත් ඕවා භාවිතා කරන බස් රථයක් නැහැ. අධිකාරීන්, අරවා කළා මේවා කළා කිව්වත් පුද්ගලික බස් රථ තාමත් අර දහයේ පහේ කෑලිවලට ධාවන වන බස් සේවයම තමයි. (ර)
බස් රථයක සීට් එකක පළල එන්න එන්නම අඩුවෙනවා. මුලින්ම ඒ සඳහා ප්‍රමිතියක් ගෙන ආ යුතුයි. ඉන්දීයාවේ නිෂ්පාදිත කිසිම බස් රථයක සීට් එකක දෙදෙනෙකුට නිසි පරිදි වාඩි වී යා නොහැක. (ර)
ඉතාමත්ම කාලෝචිත වැඩක්.මේ සමගම ඉතාම අඩු මුදලකට,ස්මාර්ට් ෆෝන් වල භාවිත කළ හැකි බසයේ ගමන්මාර්ගය සහ ඒ ඒ මොහොතේ එය තිබෙන ස්ථානය හඳුනාගත හැකි ජි පි එස් මගින් ක්‍රියාත්මකවන මෘදුකාංගයක් හඳුන්වා දෙන්න පියවරගත්තොත් තවත් හොඳයි. දියුණු රටවල මේ ක්‍රමය බෙහෙවින් භාවිතා වෙනවා. (බ)
අම්මෝ ලොකු දෙයක්. එතකොට අපිට ෆොනේ එකෙන් බලාගන්න පුළුවන් බස් එක නැවතුමට එන්න තව විනාඩි කීයක් යනවද කියල. අනේ මුළු රටටම මේවා දාන්න. දැනටමත් ගොඩක් පරක්කුයි.(ම)
ඉතාමත් හොඳ වැඩක්, අනික පෙරගෙවුම් පත් නිසා හරි ලෙහෙසි, ඉස්සරහ කොන්දොස්තරලා ඕන වෙන එකක් නැහැ (ම)
ඉතා හොඳයි. අඩුගානේ කොන්දොස්තරලාගෙන් කුණු කතා අහන්න වෙන්නේ නැත්නම්. (ම)