පසුගිය වසර වල පැවති දූෂිත ඡන්ද ක්‍රමය අහෝසි කොට නව ඡන්ද ක්‍රමයක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හඳුන්වා දී කඩිනමින් එය ක්‍රියාත්මක කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා වව්නියාව බෝගස්වැව ජනතා හමුවකදී මාධ්‍යට අදහස් දක්වමින් පැවසීය.
‘පළාත් පාලන මැතිවරණය කල් තැබීම පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ වශයෙන් අපි එකඟ නැහැ. නමුත් අපි වගකීමෙන් කියනවා දැනට මේ සම්මත කරගෙන තිබෙන පළාත් පාලන ඡන්ද නීතිය ගිය ආණ්ඩුවෙන් කරපු 18 වන සංශෝධනය වගේ දේශපාලන තක්කඩි වැඩක් ඒකාධිපති වැඩක්. ඒ ඡන්ද ක්‍රමය අතිශය අසාර්ථක අසාධාරණ ඡන්ද ක්‍රමයක් කියලා මැතිවරණ කොමිසමේ සභාපති ඇතුළු මැතිවරණ කොමිෂමත් කියනවා අවුරුදු 80 ක් පමණ ඡන්දයක් තිබුණු රටක ඉතාම දූෂිත අසාධාරණ ඡන්ද ක්‍රමයක් තමයි තියෙන්නේ. ඒක නිසා ජවිපේ වශයෙන් දැන් මේ සම්මත කරල තියෙන ඡන්ද ක්‍රමයට කිසිසේත්ම එකඟතාවයක් නැහැ. අපි විතරක් නොවෙයි පාර්ලිමේන්තුවෙත් අති බහුතරය දේශපාලන භේදයකින් තොරව මේ ඡන්ද ක්‍රමයට විරුද්ධයි මේක හදන්න දායක වෙච්ච අය විතරයි අද මේ ඡන්ද ක්‍රමය ඕන කියන්නෙ‘ යැයි ද මන්ත්‍රීවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්ද ඡන්ද කිය කියා ඉන්න එක විතරමයි මොවුන්ගේ රාජකාරිය. වෙන රටවල ඡන්දයක් ඉවරවුණාම ඊළඟ ඡන්දෙ එනකම් ඡන්දෙ ගැන කතා කිරීමෙන් වැළකී දිනපු ආණ්ඩුවට සහයෝගය ලබා දෙනවා. අපේ රටේ ඡන්දෙට පසුවදා ඉඳලම බලන්නේ කොහොමද දිනපු ආණ්ඩුව පෙරළගන්නේ කියලයි ... (නි)
ඇයි ඉතින් මේගොල්ලන්ට පාඩුයිනේ. (නි)