(හර්ෂණ තුෂාර සිල්වා)
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට කිසිසේත් එකඟ නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ අද (6) ප්‍රකාශ කළහ.
විධායක ජනපතිධුරය අහෝසි කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපේක්ෂා කළත් එසේ කළ පමණින් එය කළ නොහැකි බවත් රතන හිමියෝ එහිදි කීහ.
රාජගිරිය ජයසේකරාරාමයේ පැවැති ශ්‍රී ලංකා ජාතික මහ සභාවේ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ මෙසේ කීහ.
විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නේ නම් ඒ සඳහා ජනමත විමසුකට යා යුතු බව කී රතන හිමියෝ ජනමත විමසුකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධනයකට නොයන බව ජනාධිපතිවරයා තම මැතිවරණ ප්රකාශනය ඔස්සේ පොරොන්දු වී ඇති බව ද සිහිපත් කළහ.
ව්‍යවස්ථා සංශෝධනයට තමන් වහන්සේලා කිසිසේත් විරුද්ධ නැති බවත් ව්‍යවස්ථා සංශෝධනයක් කළ යුත්තේ මැතිවරණ ප්රකාශනයේදී පොරොන්දු වූ පරිදි බවත් රතන හිමියෝ කීහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහල තියෙනවද බයිලා ගහනවා කියල වචනයක්? ඒ කියන්නේ ඔන්න ඔව්වට තමයි. තිබුණු ආණ්ඩුව පෙරලලා දැන් බොරුවට කතාකළාට වැඩක් නැහැ.
සිංහල බෞද්ධයාට ද්‍රෝහිවෙන කට්ටියකට රටේ පාලනය බාරදීමෙන් කරගත්තේ රට, ජාතිය, ආගමට ද්‍රෝහිවීමක් නේද අපේ හාමුදුරුවනේ?
හාමුදුරුවනේ විනය පිටකයට එකඟද ?
Mata අපේ අච්චි මටක් වෙනවා!
මෙයාගේ බන අහන්න කව්රුවත් නැහැ මන්ත්‍රී කමින් අයෙන්වෙලා පන්සලට වෙලා ඉන්න
ඕවට කියන්නේ වැදී බන කියලා.......
ජනපතිවරණ වෙදිඅවලදී කොහොමද මෙයාට තිබුණු හයිය. රට බෙදන්න දෙන්නේ නැහැ කිවුවේ , විදුලි පුටු කතාව රාජපක්ෂලාගේ බොරු කිවුව, යුද්ධ කලේ පසි කිවුව , ඒ කාලේ මෙයාට බැරි වැඩක් නැහැ . අද ආණ්ඩුව එයාලට ඕනෙදේ කරනවා ගනිපු ඩොලර් කුට්ටිවලට , මෙයාල නිකම්ම අලුක්කාල් . සොබිත හාමුදුරු උනෙත් ඕකම තමා . . මෙයාලට එහෙම රටගැන කකුමක් නැහැ . දැන් තියෙන්න කිසිකෙනෙක් තමන්ව ගණන් ගන්න නැති දුකේ
ඇයි මේ අය නේද මිනිස්සුන්ට පොරොන්දු වුනේ විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න.. අළුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගේනවා කියලා...
විරුද්ධ වෙනවා කියන්නේ.., ඔබවහන්සේට ව්‍යවස්ථා කෙටුම් පතේ පිටපතක් ලැබුණාද? එහෙම නම් එ්ක ප්‍රසිද්ධ කරන්න ජනතාවගේ දැන ගැනීම පිණිස...