(සුජිත් හේවාජුලිගේ )
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මෙතෙක් සාකච්ඡා කෙරුණූ කරුණුවලට අදාළව සැකසුණු දළ කෙටුම්පතක් බදාදා (18) රැස්වීමට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවට ඉදිරිපත් කිරිමට නියමිතය.
දැනට ඉදිරිපත්ව ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව හා අනු කමිටු හයේ වාර්තා පදනම් කරගෙන මෙම දළ කෙටුම්පත සකස් කළ බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කමිටුවේ සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා පැවසීය.
ආණ්ඩුවේ ව්‍යවස්ථා සම්බන්ධයෙන් විවිධ දේශපාලන පක්ෂ දැක්වු වෙනස් අදහස් පිළිබඳ සටහනක් ද ඇතුළත් කර සැකසු මෙම දළ කෙටුම්පත ඉදිරි සාකච්ඡා සඳහා පදනම් කර ගන්නා ලියවිල්ලකැයි වික්‍රමරත්න මහතා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය සම්මත වෙන්න දෙන්න එපා. 2/3 ඡන්දයක් ලැබෙන එකක් නැත.
කොහොම හරි මෙයින් බේරිය යුතුය.
ඔන්න දැන් කෙටුම්පතක් තියනවා. අගමැතිතුමා දැන්වත් කට අරීද?
නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්මත විය යුත්තේ පවත්නා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අදාළ ප්‍රතිපාදන වලට අනුකූලවයි. ඒ කිව්වෙ ජනමත විචාරණයක් යටත්වයි. හැබැයි මේ ජනාධිපත්වරයා රටට පොරොන්දු වෙලා තියෙන්නෙ ජනමත විචාරණයකට තුඩු නො දෙන ව්‍යවස්ථා සංශෝධන පමණක් ගෙන එන බවටයි. එම නිසා ඊට පටහැනිව කුමන හෝ නව ව්‍යවස්ථාවක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහොත් එය පරාජය කිරීම ජනතා මතයට ගරු කරන පාර්ලිමේන්තු නියෝජිතයින්ගේ වගකීමයි.