හිටපු ලොකු තැන පහුගියදා චූන් චෑන්ල හම්බුවෙන්න චීනෙ ගියා... එහේ ගිහින් සනීපෙට හිටියට මෙහේ දේසපාලන වැඩත් අතෑරලා තිබුණේ නැහැ...
ඔන්න ඒ අස්සෙ දැන් ඉන්න රටේ ලොකු මහත්තයා පහුගිය ඡන්දෙ කාලෙ මාතර නිල්වලාව දියුණු කරන්න දීපු කෝටි සිය ගණනකට වෙච්ච දෙයක් නැහැ කියල ලොකු බරබරේකුත් දැම්මා. මේ කතාව ප්රචාරය වුණ ගමන් චීනෙ හිටපු පරණ ලොක්කගෙ ටැලිෆෝන් එකට හිටු කියල කෝල් එන්න ගත්තලු... නිල්වලා ගඟේ සල්ලි දියවුණාද කියලලු කතා කළ අය ඇහුවෙ...
ඒ වෙනකොටත් කාරණේ ගැන දැනුම්වත්ව හිටපු පරණ ලොකු මහත්තයා තමන්ගෙන් ප්රශ්න කළ අයට ආණ්ඩුවෙ බලවත් පුටු දෙකක ඉන්න දෙන්නෙක්ගෙ නම් කිව්වලු. එක්කෙනෙක් ඒ කාලෙ විෂය භාර ලොක්ක හැටියට හිටපු නිමල හදක් ඇති කෙනෙක්ලු... අනික් එක්කෙනා අප්පච්චි මළ බව මුලින්ම හොයාගත්ත කෙනාලු... එයා දැන් මේ විෂයට වගකියනවලු... ඔය දෙන්නා තමයි කාරණේ දන්නෙ. එයාලගෙන් ඇහුවනම් තමයි හොඳ කියල හිටපු ලොක්ක ලොකු කතාවක් කීවලු...

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd