තරිදු ජයවර්ධන
කොළඹ නාලාන්ද විද්‍යාලයයේ විදුහල්පති ජේ එච් එන් ඩබ්ලිව් රංජිත් ජයසුන්දර මහතා එම තනතුරින් ඉවත් කළ බව අධ්‍යාපන අමාත්‍යංශ්‍ය කියයි.
පාසලේ සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය විමර්ශනයක් පැවැත්වූ අතර එහි වාර්තාව විමර්ශන ඒකකය මගින් අධ්‍යාපන ලේකම්වරයා වෙත බාර දී තිබිණි. එම හේතුව සහ තවත් හේතු ගණනාවක් නිසා ජයසුන්දර මහතා නාලාන්දා විද්‍යාලයෙන් ඉවත් කළ බව අමාත්‍යංශය සඳහන් කරයි.
නාලන්දා විදුහල්පති ස්ථාන මාරු කිරීමට මීට මසකට පමණ පෙර තීරණය කර තිබුණත් අලුත් විදුහල්පතිවරයකු සොයා ගැනීමේ දුෂ්කරතාවය නිසා එය ප්‍රමාධ වූ බවත්, ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයකු ද මේ ආකාරයටම ඉදිරියේදී ඉවත් කරන බවත් අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොටම ඉස්සෙල්ලා ඉවත් කරන්න ඕනේ ඇමතිවනේ.
බොහොමයක් ලොකු විදුහල්වලට අරක්ගත් ආදී ශිෂ්‍ය මාෆියාවට මුහුණ දෙන්න අධ්‍යාපන අමාත්‍යංශයට සිදුවෙනවා. මෙතෙක් කල් මේවගේ ප්‍රශ්න මේ විදිහට එඩිතරව විසඳගන්න බැරිවෙන්න ඇත්තේ ඒ හින්ද වෙන්න ඇති කියලයි මට නම් හිතෙන්නේ.
සමහර දියුණු රටවල්වල නම් ගුරුදෙගුරු ශිෂ්‍ය සංගම් වලටත් අයිතියක් තිබෙනවා විදුහල්පතිවරු සහ ගුරුවරු මාරු කිරීමට සහ මාරුවීම් අත්හිටුවීමට. එත් වංචා දුෂණ වලට මාරුවීම් ලබාදෙනකොට නම් එව්වට විරුද්ධ වෙන්න බැහැ. හොඳ ගුරුවරු සහ විදුහල්පතිවරු විශ්‍රාම ගියාමත් ගුරුදෙගුරු සමිති වලින් වැටුප් ගෙවල එම තනතුරුවලම තබාගත් අවස්ථාත් එම රටවල තිබෙනවා. ඒ සඳහා බලධාරීන් අනුමැතිය පවා දෙනවා.
උසස් විදුහල් වල විදුහල්පති වරුන් ලෙස පාසලේ ආදී ශිෂ්‍ය ගුරුවරුන් (සුදුසුකම් සහිත) ගන්නේ නම් බොහෝ දුරට මෙම ගැටළු නිරාකරණය කර ගත හැකි බව මගේ අදහසයි ඕල්ඩ් බෝයි
නිට්ටඹුවේ සංඝ බෝධියත් පිරිහිලා. කලින් සිටිය විදුහල්පති හාමුදුරුවෝ ආපසු එවන්න. ඉරිසියාකාර ගුරුවරු උන්වහන්සේව එලවා ගත්තා.
ඔව් සංඝබෝධි පාසලේ දැන් ඉන්න විදුහල්පතිට පෞරුෂයක් නෑ.