පොලිසියට අලුතින් ලැබී කොම්පඤ්ඤවීදියේ මැලේ වීදියේ නවතා තිබූ සීසී600 මෝටර්සයිකලයක් සොරකම් කළැයි කියන රජයේ සේවකයන් තිදෙනාට රුපියල් තුන් දහස බැගින් රජයේ ගාස්තු ගෙවන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අද නියෝග කළේය.

රක්ෂණ සමාගමක හා රාජ්‍ය සංස්ථාවක සේවකයන් වන මොවුන් එම යතුරුපැදි පොලිසියට බාර දුන්හ.

මෙම යතුරුපැදි සොරකමින් පසු පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කැරිණි.  

මෙම යතුරුපැදියක මිල රුපියල් තිස් ලක්ෂයකි. පොලිසිය මෙවැනි යතුරුපැදි 312ක් පමණ ගෙන්වීය.