
(ඩයනා උදයංගනී)
ඉතාලියේ, මිලානෝ නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරිය ලෙස සේවය කරමින් සිටියදී අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ ගායිකා විශාරද නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කනත්තේ දී හෙට (29) පස්වරු 4.00ට සිදුකෙරේ.
ඇගේ දේහය අවසන් ගෞරව දැක්වීම සඳහා පැපිලියාන, දෙහිවල පාර, අංක 85/1 දරණ නිවසේ තැන්පත් කර ඇති අතර හෙට පස්වරුවේ නිවසේ දී පාංශුකූල කටයුතු සිදුකර ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව බොරැල්ල කනත්තට රැගෙන එනු ඇත.
හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් මිලානෝහි සැන් රෆායල් රෝහලට ඇතුළත් කෙරුණු නීලා වික්‍රමසිංහ මහත්මිය ඉකුත් 17 වැනිදා උදෑසන අභාවප්‍රාප්ත වූවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සොඳුරු ගායිකාවනි, ඔබට නිවන් සුව ලැබේවා!
සදා ආදරණීය නීලා වික්‍රමසිංහයිනි, පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය, 1960 දශකය, බාලිකා ශිෂ්‍ය නේවාසිකාගාරයේ පිහිටි සංගීත කාමරය තුළින් නැගුණු ඒ සොඳුරු ලයාන්විත හඬ... දෑතට වළලු මල් මුදු වැල් මාල පටයි. යායට එළලු කුන් කුසුමන් සේ බබලයි. සුදු පාට රැලි ගවුම ඇඳ ගායනා කරන අයුරු, සරත් දසනායක සර් වයලීනය වාදනය කරන අයුරු. ශිෂ්‍ය නිවාසයේ බාලිකාවන් වෙලා අපි ජනෙල් වල එල්ලිලා බලා සිටිය අයුරු... මතකයෙන් නොමියෙන මේ නිමේෂය, ඒ නිහතමානී සුන්දර සිනහව, සොඳුරු රුව ජීවිතේ අනියත බව පසක් කරමින් අප හැර යන මේ මොහොත, මම මෙසේ පතන්නම් ඔබට ඔබ මතු යළි උපදියි නම් නිදුක් නිරෝගී ජිවිතයක් ලබා සදා...!