‘ශ්‍රී ලංකා ද සෆායර් කැපිටල්‘ (ශ්‍රී ලංකා ඉන්ද්‍රනීල අගනුවර) තේමාව යටතේ ඇමෙරිකා ඩොලර් සිය කෝටියක් (රුපියල් කෝටි 13305.50 ) මෙරට ජාතික ආදායමට දායක කර දීම උදෙසා සවිමත් සංවර්ධන සැලසුමක් ක්‍රියාවට නැං වු බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධීකාරියේ සභාපති ප්‍රධාන විධායක නිලධාරී පරිසර අමාත්‍යංශයේ ලේකම් වජිර නාරම්පනාව මහතා පැවසීය.
මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයෙන් මෙම ආදායම උපයා ගැනීම ඉලක්කය වී ඇත.
ශ්‍රී ලංකාවේ නිල් මැණික් ලොව කොතැනකින්වත් සොයා ගැනීමට නැතැයි කියති.
එම නිසා මැණික් ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට එය රුකුලක් බව කියැවේ .
සියයට අසූවක් පමණ වන මැණික් ප්‍රමාණයක් තවමත් පොළව යට සැඟවී තිබෙන බව මැණික් හා සම්බන්ධ විද්‍යාඥයෝ කියති.
එම නිසා පරිසරයට හානියක් නොවන ආකාරයට සැඟවුණ මැණික් සොයා ගැනීම ප්‍රධාන අරමුණක් වී ඇතැයිද නාරම්පනාව මහතා පැවසීය.දැනට පරිහරණය වන්නේ සීයයට විස්සක් පමණ වන මැණික් ප්‍රමාණයකි.
මැණික් හා ස්ර්ණාභරණ ක්ෂේත්‍රය හරහා වර්තමානයේ ලැබෙන ආදායම ඇමෙරිකා ඩොලර් කෝටි තිස්තුනක් (රුපියල් කෝටි 4391) පමණ වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උරුමය අපට නොව මතු පරපුරටය (දිල්)
ඒ පාර නියම ගැරිල්ලකට අර අදිනවා වගෙයි (දිල්)
මේ යහ පාලනය දැනට තිබුනට ඔය වගේ සම්පත් ලැබෙන කොට මේ පාලකයින් අමනුස්සයින් වෙනවා. තෙල් මැණික් වගේ දේවල් නැතුව මොළය යොදා කරන කර්මාන්ත සහ පරිසර හිතකාමී දේවල් වලින් ආදායම සොයන්න බලන්න. නැත්නම් ඔබගේ දුව සහ පුතා තමා මේවට පස්සේ වන්දි ගෙවන්න වෙන්නේ. අපි තාම ලාමක අවදියේ ඉන්න සමාජයක්, කැලේ නීතිය නේද වැඩිපුර තියෙන්නේ ? (ස)
මුතු ඇටය, මුතු නැති ඇටය කරන මෙහෙයුමක්ද? (ස)
මුතු ඇටය, මුතු නැති ඇටය කරන මෙහෙයුමක්ද ?(ම)
ඔච්චරයි දැන් විකුනන්න ඉතුරු වෙලා තියෙන්නේ. බලමු එකවත් දීලා හරි යයිද කියලා. (ර)
ශ්‍රී ලංකාවේ නිල් මැණික් ලොව කොතැනකින්වත් සොයා ගැනීමට නැතැයි කියනවා (නි)