නිල් පැහැති රෙදිවලින් ජම්පර මසා අන්දවා සිරුකරුවන් ද දේශපාලන වැඩවලට යොදා ගැනීමට හෙළා දකින බව කැෆේ සංවිධානය කියයි.
අකුරැස්සේ දේශපාලන රැලියක දී සිරකරුවන් 44 දෙනකු මැතිවරණ වේදිකාවක් ඉදි කළ බවද , දෙපාර්තමේන්තුවේ සම්පත් විශාල වශයෙන් ඡන්දයට යොදා ගන්නා බව ද ද, ඒ අතර වේදිකා ඉදි කිරීම, සැරසිලි හා වෙනත් කටයුතු සදහා මානව සම්පත් ලෙස රැදවියන් යොදා ගන්නා බව ද එම සංවිධානය පවසයි.
මාතර පැවැති එම රැලියට බන්ධනාගාරයේ තූර්ය වාදක කණ්ඩායම, බන්ධනාගාර බස් රථයක් ඇතුඵ වාහන, කොඩි කණු, රෙදි, සැරසිලි ද යොදා ගෙන තිබුණු බව ද කැෆේ සංවිධානයේ අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කරයි.
මේ අතර පානදුර පැවැති රැලියකට ලංගම බස් විශාල ප්‍රමාණයක් යොදා ගත් බව ද මැතිවරණ නිරීක්ෂකයෝ කියති.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදිකරණයේ සිට සිරගෙදර පහල සිරකරුවා දක්වා දේශපාලනයේ ඉත්තන් බවට පත්කරලා. (නදී)
සාදාරනය ගැන කතාකරන්නේ කොහොමද ? (නදී)
මට නම් කරකවලා අත ඇරියා වගෙයි මොනවද මේ අපේ රටේ වෙන්නේ මගේ ජිවිතේට මෙහෙම වැඩක් ඇහුවෙත් අද දැක්කෙත් අද.(හේ)
අපේ මිනිස්සු කී දෙනාද අන්තර්ජාලය භාවිතා කරන්නේ? මේ පුවත් රටේ බහුතරයකට දකින්න නෑ. (නදී)
අනේ නාමල්, නිකන් කකා ඉන්නවා නම් යෙදවිය යුත්තේ සමාජ සේවයේ. අනෙකුත් දියුණු රටවල කෙරෙන්නේ එහෙමයි. එතකොට නිකන් ගෙවල් වල ඉන්න මිනිස්සු කරන්න ඕනා බලවතුන්ගේ මැතිවරණය වැඩද ? (නදී)
බන්ධනාගාරයට එයාලගේ ශ්‍රමයට මුදල් ගෙවලා ගත්තාද දන්නෙ නැහැනේ (නි)
ලෝකය 21 ශතවර්ෂයට ගියාට ලංකාවේ ඉන්නේ වනචාරී කාලයේ අය....? (බ)
සාධාරන සමාජයක්.(හේ)
දෙන්නම්කෝ 8 වෙනිදාට. (නි)
අපි සිතුවේ නැහැ මෙහෙම කරයි කියලා (නි)
මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්.(හේ)
දැන් මුදලටවත් මිනිස්සු හොයා ගන්නත් බැරි තරමට වැටිලා ඉන්නේ.8 වෙනිදට වටෙන්නම කතිරේ ගහලා දාන්නයි තියෙන්නේ.(හේ)
සුවාසිලන්තයේ,කෙන්යාවේ, වුගන්දාවේ, බන්ග්ලාදේසයේ...... නෙමෙයි මේ ශ්‍රී ලංකාවේ.(බ)
මම නිකන්ද කියන්නේ ඔය ගෙන්වන්නේ දිස්ත්‍රික්ක 22 ම ඉන්න මිනිස්සු ටික. (බ)
අනුරාධපුරේ රැස්වීමට දිස්ත්‍රික්ක 22 ක්ම ඇද්ද බස් තොගය1300 කටත් වැඩියි. (බ)
මෙවැනි දේවල් අපි හෙළා දකිනවා (නි)
මේවාට මම මොකුත් කියන්නේ නැහැ (දී)
අපි ඉන්නේ නීතිය වල් වැදුන ගෝත්‍රික රටකද කොහෙද ? (බ)
ඕව ගණන් ගන්න එපා තව ටික දවසනේ! (බ)
තවත් මෙහෙම ගියොත් ඉස්සරහට මොනවා වෙයිද? (නි)
මේවට කතා කරන්න කවුරුත් නෑ.. දේවාලේ කපුවා දේවාලේ ..... කලට ගඳ නෑ කියනවලුනේ.(හේ)
ලංකාවේ නැති අපිට ලංකාවේ ඇත්ත කියන ලංකාදීපයට පින්. (නි)
මෙන්න මහලොකු සදරණේ සහ ප්‍රජතන්ත්‍රවදේ. සියලු බුද්ධිමත් ජනතාව මේවා බලලා හරි තීරණ ගන්න. ඉතින් කොහොමද නියම මැතිවරණයක් කරන්නේ.(හේ)
මේවා දකිද්දී අපිත් ඡන්දෙ දුන්නනේ කියලා හිතෙනවා.අපිට අපි ගැනම කළකිරෙනවා (නි)
බල තණ්හාවෙන් වියරු වැටිලා.(හේ)
ඇයි ඡන්දෙට මෙච්චර බය.(හේ)
නිලට නිලේ රටම දිලේ. කාටද ආඩම්බර .(හේ)
මෙහෙම ජනාධිපති ක්‍රමයක් තවදුරත් ඕනෑ කියලා කියන්න පුළුවන් කාටද: තීරණය ඔබේ අතේ.(හේ)
කියන්න දෙයක් නැතිව දැන් ඉතින් මොනවා හරි ඇදයක් හොයනවා.(හේ)
චීනයෙන් උගත් පාඩම්.(හේ)
මෙය හොඳටම ප්‍රමාණවත් ඡන්ද පෙත්සමකට.(හේ)
පැහැදිලිවම මෙය ඉතා පහත් වැඩක්.(හේ)
දිනුවම හිරෙන් නිදහස් කරනවා කියල ඇති. හරිම ලජ්ජා සහගතයි.(හේ)
මේවාට හිනා වෙන්නද අඬන්නද කියලා මම කල්පනා කරන්නේ ! (හේ)
මේවා බලලා ඡන්දෙ දෙන අපි තමයි ලොකුම මෝඩයෝ. කලවානේ බස් මාතර කොහෙන්ද නැත්නම්. සී ටී බී එකට පාඩු නොවුණොත් තමයි පුදුමේ. (නි)
මට තුන්වන වරට බලය දෙන්න රටේ විනයක් අැති කරන්න. තුන්වන වර දිනන්න භාවිතා කරන ක්‍රම දැක්කම හිතාගත හැකි විනය අැති කරන ක්‍රමය. (බ)
මේවා දැක දැක ඡන්දය දෙන අයට ගහන්න ඕන (බ)
ජාතියක් ලෙස අප ලැජ්ජා විය යුතුයි. (බ)
හිරකරුවන් තමන්ගේ ඡන්ද වැඩට ගැනීමත් මානුෂික අයිතිවාසිකම් උල්ලන්ගනය කිරීමක් කියල ඔය දේශප්‍රේමීන් දන්නේ නැද්ද ? (නදී)
කොහොමද වැඩ? (නදී)
බුද්දිමත් ඔලු ගෙඩි වලින් පුරවන්න බැරි වුන අඩුව හිර ගෙවල් වල හිරකරුවන්ගෙන් පුරවන්නද හදන්නේ ? (නදී)
රජයේ දේපළ මැතිවරණයට ගැනීම මහ අපරාධයක් (බ)
මේවා ලෝකයා දකිනකොට මොන විලි ලජ්ජාවක්ද. මනුස්සයෙක් උනහම ලැජ්ජාවක් කියල දෙයක් තියෙන්න ඕනේ. මේ මිනිසුන්ට ලැජ්ජාවක් කියල දෙයක් නැද්ද අප්පා? (නදී)
ඔන්න හොඳ ඡායාරූපයක්. මේක විශාල කටවුට් එකකට දාලා පෙන්නන්න තියෙන්නේ සාධාරන ඡන්ද කෙරුවාව කියලා. (නදී)
දැන් මේ මිනිස්සු වැඩ කරන අතරේ පැනල ගියොත් මාතර පොලිසියද වග කියන්නේ ? නැතිනම් ඒකටත් පරීක්ෂණ පවත්වන්න කොමිටියක් පත් කරනවාද ? (බ)
කළ වැඩ ගැන සැක නැත්නම් මෙච්චර නහින්න ඕනේ නැහැනේ? නමට පන්සිල් රකින සමාජයක් වැඩක් නැහැ. බෞද්ධයන් බහුතරය වගේම අනෙකුත් සියලු ආගමිකයන් එක් විය යුතු වෙලාවක්. මත්කුඩු, දුරාචාරයෙන්,දුෂණයෙන් තොර යහපත් සමාජයකට මෙවර මුල පුරමු. (බ)
මෙහෙමත් ඡන්ද කෙරුවාවක් මගේ උපන් තේකට දැක්කාමයි. (බ)
අද උදේ ගාල්ලට එන්න එක බස් එකක්වත් නෑ. අන්තිමට ත්‍රී වීලර් එකක ගාල්ලට අවේ ඔන්න ආණ්ඩුව ජනතාව ගැන හිතන හැටි (බ)
බන්දුලත් ලජ්ජා නැතිව ජම්පරය ඇඳලා මෙතන වැඩද දන්නේ නැහැ (බ)
ඒ කියන්නේ මෙහෙම වැඩක්වත් කරවා ගන්න කවුරුවත් දැන් ඉදිරිපත් වෙන්නේ නැහැ. මට නම් තේරුනේ එච්චරයි. (බ)
කට්ටිය අහසින් එකපාරට පොළොවට බැහැලා.අපි නම් මේ චක්‍රය එදා ඉඳලා දැකපු දෙයක්.අපිට මේවා අරුම නැහැ.හඳෙන් ගොඩ බැහැපු අය පොඩ්ඩක් ඉවසලා ඉන්න 9 වෙනිදා වෙනකම්. (නි)
මේ මිනිස්සුන්ටද ඡන්දෙ දෙන්න කියන්නේ. දෙන්නම්කො හැට්ටි හැලෙන්න මෙදා පාර. (නදී)
කෝ මේ බන්දුල පෙරේරා? , දැන් කියන්න මේවා රටේ සංවර්ධනයට මේ කට්ටියවත් දායක කරගන්න වැඩ පිළිවෙලක් කියලා. (නදී)
තව ටික දවසනේ (නදී)
මේවාට මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ.(හේ)
මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවන්ට පෝස්ටර් අලවන්න කතා කරලා කියලා ආරංචියක් තියනවා. (හේ)
දැන් සමහරුන්ට පුළුවන් ඇස් දෙකෙන්ම දැක ගන්න.මේවටත් මඩ කියයිද දන්නේ නැහැ.(හේ)
ඇයි කාටවත් මේවා පෙන්නේ නැත්තේ? (හේ)
මේ වැඩේ තියන භයානක පැත්ත වගකිව යුත්තන් තේරුම් ගත්තේ නැද්ද ? (හේ)
බන්දුල පෙරේරා කටේ පිට්ටුද ? උත්තර දෙන්න මේවා නීතිය කෙසේ වෙතත් සදාචාර සම්පන්න වැඩද ? (අ)
මේවා පවතින කම්යේ වරද නොව . මෙරට ජනතාවගේ වරද මෙවන් නිවට ජනතාවක් මැද ඕනෑම දෙයක් කිරීමට ඇති හැකියවි පාලකයා මේ කරන්නේ නිතිය බිද හෙලීමක් නොව මෙරට ජනතාවක් නොමැති බවත් ඉන්නේ බෝඩින් කාරයන් පිරිසක් නිසාය .ජනතා නැගිටීමක් නැති බව දැනීමේ (අ)
දැන් අර සෙත්මි නගා මුකුළු පපා කියාවි " අයියල අක්කිලා, මේවාත් සංවර්ධනයේම කොටසක් " කියලා. (අ)
මම හිතන්නේ පක්ෂ ලාංඡනය කැරට් අලය වුනා නම් හොඳයි . (අ)
කට්ටිය අහසින් එක පාරට පොළොවට බැහැල..බලේ නැති එකා හැමදාම ඔහොම විලාප තියනවා..ඌට බලේ එනකන් ..ආවට පස්සේ කලින් එකාට වඩා හොදට ඌ ඒ වරද කරනවා..කලින් එකා ඒකට ලතෝනි දෙනවා..අපිනම් මේ චක්‍රය එදා ඉදල දැකපු දෙයක්..අපිට මේවා අරුම නැහැ..හැදෙන් ගොඩ බැහැපු අය පොඩ්ඩක් ඉවසල ඉන්න මෛත්‍රීෙග් යහ පාලනේ එනකම් පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු ඇරලා දාන්න. එතකොට කට්ටියට නාගෙනම යහපාලානේ අත් විදින්න පුළුවන් වේවි....(අ)
ආශ්චර්යය පෙන්වනවා කිව්වේ නිකමට නෙවෙයිනේ . ඔන්න බලා ගන්න කට්ටියම. (අ)
දැනට ඉන්න විපක්ෂය බලයට ආවොත් එයාලගෙ මැතිවරණ ප්‍රචාරක වැඩ වලට සීටිබි බස් වලින් සෙනග අදින්න, හිරකාරයෝ එහෙම වැඩට ගන්න එකක් නැහැ නේද?(හේ)
ලංගම බස් ඔක්කොම මේකට ගෙනල්ල.කට්ටියට යන්න බස් එකක් නෑ.(හේ)
ප්‍රියරත්න,ඔබ වැනි අයට මේ තත්ත්වය ආඩම්බරයක් වුණාට, ප්‍රජාතන්ත්‍රවාදී රටකට එහෙම නැහැ. මේවායින් රටේ මහජනතාවට බුද්ධිය පහළවේවා! (නි)
මේකට කවුරුවත් විරුද්ධ වෙන්න එපා. ප්‍රජාතන්ත්‍රවාදිව ඡන්දය පවත්වන්න ඕනෑ නිසා ඇත්තටම පාක්ෂිකයන්ගේ සහය නැත්නම් සිරකරුවන්ගේ සහය හෝ ලබාගෙන ඡන්දය කරලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළයුතුයි. (නි)
මේවා නම් අනුමත කරන්න බැරි වැඩ (නි)
මහජනතාව මෝඩයෝ කියලා නම් කවුරුවත් හිතන්න එපා (නි)
අපි නම් මොනවා වුණත් ඡන්දය නම් දෙන්නේ අපේ මහින්ද මහත්තයාටමයි (නි)
සිරකරුවන් පටු දේශපාලන වැඩවලට යොදාගැනීම අන්තිම නින්දිත වැඩක්.මේ තරමට ජනතා ආකර්ෂණයෙන් බංකොලොත් වෙලාද (බ)
අර ඇමති කිව්වේ අපි බැනර් ගහන්නේ නැහැ කට්ටිය ඇවිල්ල අරගෙන යනවා කියල.හිරෙන් පැනලද දන්නේ නැහැ මේ මිනිස්සු බැනර් අරගෙන ගිහිල්ල තියෙන්නේ.(බ)
අපි මේ රට සංවර්ධනය කරනවා කියල මොනවා කළත් වැඩක් නෑ. පියරත්නලා වගේ අය ගොඩක් මේ රටේ ඉන්නවා. අපේ රටේ මිනිස්සුන්ගේ ආකල්ප දියුණු කරන විදියේ නායකයෝ අපේ රටට ඕන. (බ)
වැටත් නියරත් ...? (බ)
මේවා දැක්කම අනේ අපොයි කියල හිතෙනවා . (අ)
ඒක තමයි මේ දවස් වල ලංගම බස් අඩු. මම ඒත් බැලුවා මොකද කියලා (නි)
පිස්සු හැදෙනවා මේවා දැකලා (නි)
ආසියාවේ ආශ්චර්යය කියනවා හැරෙන්න මේවට වෙන මොනවා කියන්නද නීතියක් සදාචාරයක් නැති රටේ (නදී)
මේ විනාශයට අපිත් වගකියන්න ඕනා. ඒ නිසා වෙනසක් කරනවා අපි (නදී)
අප්පුහාමි ඔයා කොහොමද හරියටම කිව්වේ බන්දුල මහත්තයත් ජම්පරයක් ඇදගෙන මෙතන වැඩ කියලා. ඔය අන්තිම පොටෝ එකේ ඉන්නේ එයාම තමයි (නදී)
මේවා දැකලත් තේරුම් ගන්නේ නැති මිනිසුන් අපි අතර බොහෝ සිටිනවා. අනුන්ගේ වැරදි ගැන කියන්න ඉස්සේල්ලා තමන්ගේ වැරදි ටික හදාගත්තානම් තමයි හොඳ. මොකද මිනිස්සුන්ට මේ වැඩ දකින කොට එපා වෙනවා. ඇත්තටම ලැජ්ජයි.(හේ)
අන්තිමට මේ වැඩ ටික කරගන්න චීන්නුන්ව තමයි යොදවන්න වෙන්නේ. (හේ)
අනේ මෙහෙම බල තණ්හාවක්.(හේ)
මේවට තනි අකුරේ වැඩ කියලා තමයි කියන්න වෙන්නේ.(හේ)
මේ වැඩේ හරි නෑ.(හේ)
තව ටික දොහක් ඉවසමු. (නදී)
මේ වගේ වැඩ කරන ගමන් තව විනයක් හදන්නත් කතා කරනවා. මොන විලි ලැජ්ජා නැති වැඩද මේවා? ශිෂ්ට සම්පන්න සමාජය මේවා පිළිකුලෙන් හෙලා දකිනවා. (නදී)
සිර කරුවෝද මනුස්සයෝය ..(හේ)
මේවා ලෝකයේ වෙනත් රටක වෙන දේවල් ද කියලා මම නම් දන්නේ නැහැ. (හේ)
මෙහෙම නොහොබිනා වැඩ කරන්නේ අපි පුරවැසියන්ද එහෙම නැතිනම් යටත් වැසියන් කියල හිතා ගෙනද ? (නදී)
රට බේරා ගත්තනේ. අනේ කමක් නැහැ. (නදී)
නිල්වෙන්න හම්බ වෙයි ජනවාරි 8 වෙනිදට. බලන් ඉන්න බලතණ්හාවට රට ජාතියම වනසන මේ කල්ලිය නිතිය ඉදිරියට ගෙන ඒම ඉදිරි ජනාධිපතිතුමාගේ වගකීමක්. (නදී)
මට හිතා ගන්න බැරි මේ රටේ පුරවැසියන්ව කාට ආදේශ කරලද කියලා (නදී)
ලැජ්ජයි ලැජ්ජයි ලැජ්ජයි! අපි රැකියාව කරන රටේ මැතිවරණය මතක් වෙන කොට මේවා දැකල පොලව පලා ගෙන යන්න හිතෙනවා. (නදී)
මේකේ මොකක්ද වැරැද්ද රජයෙන් නිකන් ක කා ඉන්න එකේ ජනපතිට සහය දුන්නම.(හේ)
විලි ලැජ්ජාවේ බැහැ (නදී)
මුළු රටේම මිනිස්සු බැල මෙහෙවරට අරන්ද රට සංවර්ධනය කරන්න යන්නේ ? (නදී)
මේ හදන්නේ ඉදිරියේදී තවත් රට විනාශ කරන්නයි (නදී)
මේ හැටියට සාධාරණ ඡන්දයක් බලාපොරොත්තු වෙන්න බැහැ. (නදී)