(නිමල කොඩිතුවක්කු)
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධූර කාලය අවසන් වූ වහාම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අධිකරණ ක‍්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමියෝ කොළඹදී පැවැසූහ.
ආණ්ඩුක‍්‍රම ව්‍යවසතාව උල්ලංඝණය කරමින් ආර්ථික, දේශපාලනමය සහ සංස්කෘතික වශයෙන් රටට සිදුකළ හානියේ වන්දිය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ගැනීමට කටයුතු කරන බවද උන්වහන්සේ සඳහන් කළහ.
සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය රාජගිරිය පිහිටි එම කාර්යාලයේ අද (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව පැවැසූහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දඹර අමිල හිමියෝ මෙසේද කීහ.
‘‘රට වැරදි පැත්තකට යනවා , රට විනාශ විශය කරා යනවා කියලයි ඔක්තොම්බර් 26 වැනිදා මේ ඊනියා වෙනස සිදුකළේ. දැන් මාසයකට වඩා කල් ගිහින් තියෙනවා. රට හැදිලද ,ජාත්‍යන්තර කීර්තියක් ඇතිවෙලාද, ජාතික සමගිය වර්ධනය වෙලාද කියලා මේ ඊනියා ආණ්ඩුවේ ශේෂ පත‍්‍රය පරීක්ෂා කරන්න දැන් රටේ ජනතාවට පුලූවන්.
දැන් රට යන්නේ අනික් පැත්තටයි. ආර්ථිකය, සංවර්ධනය, රුපියල ආදි සියල්ලක්ම දැන් අනික් පැත්තට යනවා. අමාත්‍යාංශ වැඩ සිද්ධ වෙන්නේ නැහැ. පත් විම් උසස් විම් දෙන්නේ නැහැ. දැන් රට එක තැන් පල් වෙන තත්ත්වයක් තමයි තියෙන්නනේ.
මේ අය රට ගන්න ඇත්තම අරමුණ වුණේ ඔවුන්ගේ පටු අරමුණ ඉටු කරගැනීම සඳහායි. මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ඊළඟ වතාවෙත් ජනාධිපති වෙන්න ඉටුනොවන සිහිනයක් තිබුණා. ඒ නිසා තමයි ඔහුගේ හතුරා වූ මහින්ද රාජපක්ෂත් එක්ක එකතු වුණේ. අසූචි වලට අසූචි එකතු වෙනවා වගේ අද සිරිසේනයි රාජපක්ෂයි එකතු වෙලා ඉන්නවා.
මහින්ද රාජපක්ෂ මහතා තමන්ගේ නඩු ටික යටගහගන්න තමයි මේ අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගත්තේ. මේ අයගේ අරමුණු රටේ පොදු මහජනතාවගේ අරමුණු නෙමෙයි.
සිරිසේන මහතා අද ජාත්‍යන්තරය පිළිගන්නේ නැහැ. අඩුම තරමින් මේ රාජපක්ෂ සිරිසේන දෙන්නට මාලදිවයිනෙන්, ස්වාසිලන්තයෙන්වත් පිළිගැනිමක් නැහැ.
සිරිසේන මහත්තයට අද රනිල් වික‍්‍රමසිංහ මහතා පිලිබඳ හිනමානයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා තමයි මෙයා කියන්නේ මට ගැලපෙන කෙනෙක් තෝරලා එවන්න කියලා. එයාගේ මට්ටමෙන් බලපුවහම අපිට තේරුම් ගන්න පුළුවන් කොයි වගේ අගමැතිවරයෙක්ද මෙයාට අවශ්‍ය වෙන්නේ. ලංකා ඉතිහාසයේ පමණක් නෙමෙයි ලෝක ඉතිහාසයෙවත් ජනාධිපතිවරයෙක් මේ වගේ තත්තවයකට පත් වෙලා නැහැ.
මහින්ද රාජපක්ෂ මහතාගේ නඩු වළක්වන්න සිරිසේන මහතා පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු මාරු කළා. පොලිස් කොමිසම එම මාරුව අවලංගු කළා. ඔහු දැන් තේරුම් ගන්න ඕන 19ට අනුව පොලිස් නිලධාරියෙක්වත් මාරු කරන්න බැරි බව. එහෙව් එකේ මෙයා කොහොමද රටේ අගමැති මාරු කරන්නේ.
ජේ. ආර් ජයවර්ධන මහතා 78ට අනුව තමයි කටයුතු කළේ. ප්‍රේමදාස, චන්ද්‍රිකාත් එහෙමයි කටයුතු කළේ. මහින්ද රාජපක්ෂ මහතා වුනත් ව්‍යවස්ථාව උල්ලංඝණය කරනවා වෙනුවට එයාට ඕන සංශෝධන ඉදිරිපත් කළා. නමුත් සිරිසේන මහතා තමන්ට නැති බලතල පාවිච්චි කරමින් වැරදි ගොඩක් කරමින් සිටිනවා.
මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙදර ගියාම අනිවාරයෙන්ම මේ කරපුවට වන්දි ගෙවන්න වෙනවා. රටේ මූලික නිතිය උල්ලංඝණය කරමින් සිරිසේන මහතා කටයුතු කළා.
සිරිසේන මහතාගේ ධූර කාලය අවසන් වූ ගමන් ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කළා කියන පදනම මත චෝදනා එල්ල කරලා අධිකරණ ක‍්‍රියාමාර්ග ගන්න අපි කටයුතු කරනවා‘‘ යැයිද උන්වහන්සේ එහිදී පැවැසූහ.
ඡායාරූප : ඉෂාන් සංජීව


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාමුදුරුවනේ, මහබැංකුව කොල්ල කාපු අයට ඇයි කේස් එකක් ෆයිල් කරන්නේ නැත්තේ?
ජයවේවා... නීතිය කාටත් සමානයි... ජනාධිපති, අගමැති, ඇමතිවරු, මන්ත්‍රීවරු, පූජකවරු, රණවිරුවන්, යන අය කවුරුත් ඇට මස් ලේ නහර වලින් සමන්විත් මිනිස්සු වේ. එමනිසා කාටත් නීතිය සමානවිය යුතුයි. හැබැයි වැරදි කළොත් තරාතිරමක් ස්වභාවධර්මයට නොමැති බව සිහියේ තබාගත යුතුයි ....!!!
හාහා මුහුද හත් ගව්වක් තිබෙද්දී අමුඩ ගහන්න එපා කියලා සිංහල කියමනක් තිබෙනවා නේද? ඔය කාලය තුල රටේ කොපමණ දේවල් සිදුවන්න පුළුවනිද?
රජයේ හෙද සේවයේ සිටිමින් කෝටි 3.5කට අධික වටිනාකමකින් යුතු දේපලක් මිලදී ගැනීමට හැකිවූයේ කෙසේදැයි අසා නඩු පැවරීමට හැකි පුද්ගලයකු ඔබ 'වහන්සේගේ' අත දිගු කරන මානයේ සිටියි...
හිටපු ජනාධිපතිට විරුද්ධව නඩු දාන්න බැරිබව පස්වෙනි පන්තියේ ළමයි කතාවෙනවා... අහගෙන හිටියා... එක ඇත්තද හාමුදුරුවනේ!!!
හොද අදහසක් නමුත් ප්‍රායෝගිකව මෙහෙම දෙයක් කරයිද කියන්න බැහැ
අනේ ඇත්තමයි මේ කට්ටියට පුදුම ඇම්මක් නේ තියෙන්නේ... මම හිතන්නේ NGO එකෙන් ඩොලර් හම්බ වෙන්නේ තියන මාධ්‍ය සාකච්ඡා ගණන අනුව වෙන්න ඇති?
අනිවාර්යෙන්ම කළයුතු දෙයක්. සමාජයක යහපත් බව රැකෙන්නේ පාලකයෝ නීතිගරුක වුවහොත් පමණයි .පාලකයෝ දිවුරුම් දෙන්නේ රටක ව්‍යවස්ථාව රැකගන්නයි. සියලු දියුණු රටවලින් මේ ආදර්ශය අපට ගත හැකිය. ඔබ වහන්සේගේ අදහස ඉතාම කලොචිතයි.
ඔය හැමෝම කෑගහන්නේ ඩොලර් වලටනේ? ඔය කාටවත් කඩේ යන්න එපා. ඔය සුද්ද කරන 225ම අද මේ රට කාපු අය කියල මුළුරටම දන්නා නිසා.
පන්සලට වෙලා බුදුදහාමට අනුව බනක් භාවනාවක් කරගෙන හිටියොත් නරකද හාමුදුරුවනේ..........
ප්‍රංශය වැනි රටවල් එහෙම තමයි වැරදි කළොත් ජනාධිපතිත් උසාවි යනවා දඬුවම් විඳිනවා. ශ්‍රී ලංකාවට අනිවාර්යයෙන්ම එහෙම විය යුතුමයි. එතකොටවත් අපේ රට හැදේවි.. හැකි ඉක්මනින් නීති හදන්න.
පහුගිය දවස්වලත් අපි දැක්කා මලපහ යනතුරු බෙරිහන් දුන්නා. දායකයෝ දෙන දන් ටික වළඳලා බණක් භාවනාවක් කරගෙන හිටියොත් නරකද? සෝම හාමුදුරුවන්ගේ තැනවත්, ඥානසාර හාමුදුරුවන්ගේ තැනවත් ලැබෙන්නේ නෑ...
හාමුදුරුවන්ගේ එන්ජීඕ සල්ලිවල සද්දේ හරි සැරයි වගේ...
ඔන්න ඔහේගේ කෙරුවාව අද පත්තරයක මුල් පිටුවේම තිබෙනවා. මාසයකට 95000 යි. අපි නිකමට නොවෙයි කීවේ කුලියට කහිනවා කියලා. මෙයාට තිබෙන සුදුසුකම හයියෙන් කතා කිරීමට පුළුවන් කමයි. නැතුව කතා කළයුතු ප්රස්තුතය හා කරුණු කාරණා සපයන්නේ අදාළ සේවාදායකයායි.