(කටුනායක ටී.කේ.ජී.කපිල / දිල්රුක්ෂි ග්‍රේරු)
රුපියල් ලක්ෂ 80 කට අධික වටිනාකමකින් යුතු නිල් මැණික් තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ විදේශිකයකු ඊයේ (29) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .
63 හැවිරිදි උගන්ඩා ජාතිකයෙකු වන මොහු ඊයේ රාත්‍රී 8.15 ට උගන්ඩාවේ සිට ඩුබායි වෙත පැමිණ , එතැන් සිට එමිරේට්ස් ගුවන් සේවයේ කේ.- 652 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් සිටියේය.
ඔහු විසින් සිය ගමන් මල්ලේ කැරට් 01 සිට කැරට් 10 දක්වා වූ බරින් යුතු නිල් මැණික් කැට 790 ක් සගවා ගෙන සිටියදී සහකාර රේගු අධිකාරී කේ.ඒ.ආර්.එල්.ආරියපාල මහතා ඇතුළු රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් රංජිත් ළමාහේවා මහතාගේ උපදෙස් මත , කටුනායක ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂ ඕ.එම්. ජාබීර් මහතාගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරුන් වන විපුල මිනුවන්පිටිය , ඕ.ජේ.ඔබේසේකර, රේගු අධිකාරිවරුන් වන උදිත ජයසිංහ සහ ආර්.එස්.කේ.සෙනෙවිරත්න යන මහත්වරුන් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටිති.
මෙහිදී මැණික් තක්සේරුකරණයෙන් මිහිඳුකුළසූරිය මහතා රේගුවට සහය විය .


(ඡායාරූප - කටුනායක ටී.කේ.ජී.කපිල)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රත්තරන්, මැණික් එහෙම නිතරම අහුවෙනවා.. දැන් කුඩු එහෙම ගේන්නෙම නැහැ වගේ..!!!