ස්වර්ණවාහිනි නාළිකාවේ විකාශය වූ ‘හාට් බීට්’ සංගීතමය වැඩසටහන හරහා කලා ලෝකයට එක්වූ නිරාෂා ඒකනායක මේ දිනවල ගීත ගායනයට සම්බන්ධව සිටියි. පසුගියදා ඇය සිරස රියැලිටි තරු මාවතේ ආ සංඛ දිනෙත් සමගින් ‘හුස්මක් පවා’ නමින් ගීතයක් එළිදැක්වීය. මේ දිනවල එම ගීතයට හා රූප රචනාවට ඉහළ රසික ප්‍රතිචාර ලබමින් සිටින ඇය, ඒ පිළිබඳව හා ඉදිරි කලා කටයුතු පිළිබඳව ‘සාරවිට’ අපිට මෙසේ තොරතුරු පැවසුවෙමු.

“මගේ අලුත්ම ගීතය ‘හුස්මක් පවා’ ගීතයට හා රූප රචනාවට හොඳ රසික ප්‍රතිචාර ලැබෙනවා. ලැබෙන රසික ප්‍රතිචාරත් එක්ක අලුත් ගීතයක් කරන්න පොඩි අදහසකුත් තියෙනවා. නමුත්, ගීතයක් කරනවාට වගේ මම හිතාගෙන ඉන්නෙ ලබන අවුරුද්දේ අගෝස්තු මාසයේදී ලංකාවේ පදිංචියට එන්න. මගේ විවාහයත් එක්ක මම ඇමෙරිකාවේ පදිංචියට ආවා. ඒ එක්කම මගේ කලා කටයුතුවලට සම්බන්ධ වීමත් අඩුවුණා. ඒ කරුණු කාරණා නිසා තමයි නැවතත් ලංකාවට එන්න හිතුවේ. ලංකාවට ආයෙත් ආවොත් මම වැඩි කාලයක් කලා කටයුතුවලට සම්බන්ධ වෙනවා. ගායිකාවක් විදිහට විතරක් නෙමෙයි රංගන ශිල්පිනියක් මෙන්ම නිවේදිකාවක් විදිහටත් ලංකාවට ඇවිල්ලා වැඩ කරන්න මම බලාපොරොත්තු වෙනවා.”

20161214Nirasha-1