IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


නිරූපණයට නවකයෙකු වූ රන්මිණි

2016-05-20-ENT-62

රන්මිණි පෙරේරා කියන්නේ නිරූපණ අඹරේ අලුතින් පෑයූ තරුවක්. නිරූපණ ක්ෂේත්‍රයේ ඉදිරියට යෑමට බලාපොරොත්තු වන ඇය ඒ පිළිබඳව අපත් සමග මෙසේ පවසා සිටියා.

රන්මිණි පෙරේරා කියන්නේ නිරූපණ අඹරේ අලුතින් පෑයූ තරුවක්. නිරූපණ ක්ෂේත්‍රයේ ඉදිරියට යෑමට බලාපොරොත්තු වන ඇය ඒ පිළිබඳව අපත් සමග මෙසේ පවසා සිටියා.

 

2016-05-20-ENT-65නිරූපණ සඳහා අවතීර්ණ වෙන්නේ කොයි කාලයේද?

නිරූපණ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් උපාධිය ලබාගත් පසුගිය අවුරුද්දේ තමයි නිරූපණය ක්ෂේත්‍රයට පිවිසුණේ. මේ වන විට මම Bridal Shoot සහ Fashion Shoot කරලා තියෙනවා. නමුත් ලොකුවට ඒ දේවල් සඳහා දායකවෙලා නැහැ.

 

මේ සඳහා මුල්ම අඩිතාලම වැටුණු ආකාරය?

මුලින්ම "සයිඩ්" එකෙන් තමයි පටන් ගන්නේ. 2014 වර්ෂයේදී ANZ Education ආයතනයේ brand ambassador කෙනෙක් විදිහට කටයුතු කළා. එහිදී ඒ අයගේ වෙළෙඳ දැන්වීම සඳහා සම්පූර්ණ වශයෙන් කටයුතු කළේ මමයි. මෙහි වෙළෙඳ දැන්වීම් සඳහා තමයි මම මුලින්ම දායක වුණේ. ඊට පස්සේ පුවත්පත්වල මුල්කවර සඳහා දායක වුණා.

 

වෙනත් රැකියාවක් සඳහා යොමුවෙමින්ද නිරූපණයට දායක වෙන්නේ?

මුලින් රැකියාවක් කළා. නමුත් දැන් නම් කිසිදු රැකියාවක් කරන්නේ නැහැ.

 

නිරූපණය පැත්තෙන් ඉදිරියට යන්න බලාපොරොත්තුවක් තියෙනවාද?

ඔව්. නිරූපණය පැත්තෙන් ඉස්සරහට යන්න අදහසක් තියෙනවා. ඒ සඳහා උත්සාහයක් ගන්නවා. අපිට ඒ සඳහා පන්තිවලිනුත් උදව් කරලා නැහැ.

 

රංගනය සඳාහා දායක වෙන්න අදහසක් තියෙනවාද?

ඔව්. කවුරු හරි හොඳ නිර්මාණයක් සඳහා ආරාධනා කළොත් කැමැත්තෙන් බාරගන්නවා.

 

ඒ සඳහා සුදුසුකම් ඔබට සතුව තියෙනව කියල හිතෙනවද?

ඔව්, මම හිතනවා. මොකද මම නිරූපණය සහ ඒ පිළිබඳව හදාරා තියෙනවා. නිරූපණය පැත්තෙන් "කැට් වෝල්ක්" පිළිබඳව හදාරා තියෙනවා.

 

එක්තරා පැජන්ට් එකක් තුළදී ටයිටල් එකක් දිනා ගැනීමට අවස්ථාව ලැබුණා නේද?

පසුගිය වසරේ පැවැති "Apex Model of the Year" තුළින් තමයි ඒ සඳහා මට අවස්ථාව ලැබුණේ. එම තරගයේදී "Best Catwalk" කිරුළ මට ලැබුණා.

 

ඉදිරි බලාපොරොත්තු?

නිරූපණ ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න තමයි ලොකුම බලාපොරොත්තුව. ඊට අමතරව හොඳ තරග සඳහා දායක වෙලා එයින් ජයග්‍රහණය ලබාගන්නත් බලාපොරොත්තු වෙනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප අනුග්‍රහය - රන්මිණිගේ ෆේස්බුක් ගිණුම

 

2016-05-20-ENT-61
2016-05-20-ENT-63
2016-05-20-ENT-64
2016-05-20-ENT-66

 



අදහස් (0)

නිරූපණයට නවකයෙකු වූ රන්මිණි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 100 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 248 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 596 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site