ආධුනික නිරූපණ ශිල්පිනියක ලෙස කලා ලෝකයට පැමිණෙන ඇය ඉතා සරල ගති පැවතුම් ඇත්තියකි. පැහැපත් යුවැත්තියක වන මයන්ති පාලිකා ජයවර්ධන ඇගේ කලා කටයුතු පිළිබඳ ‘සාරවිට’ සමගින් පැවසුවේ මෙලෙසිනි.
ඔබව හඳුන්වා දුන්නොත්?
මයන්ති පාලිකා ජයවර්ධන. ගොඩක් සරල කෙනෙක්. දැනට නිරූපිකාවක් විදිහට වැඩකටයුතු කරනවා.
ඒ කියන්නේ වෘත්තීමය නිරූපිකාවක්?
තවම ආධුනිකයි.
කොයි කාලේදීද නිරූපණයට එක් වෙන්නේ?
දැනට එකතු වෙලා පොඩි කාලයයි.
ඇයි නිරූපණයට එන්නේ?
මම කලාවට කැමතියි. කලාවට ආදරෙයි.
ගෙදරින් අවසර දුන්නද?
ඔව් අමමයි, තාත්තයි දන්නවා මං ගැන. කලාව කියන්නේ නරක දෙයක් නෙමෙයි. බොහොම වටින දෙයක්. ඒ හැකියාව හැමෝටම ලැබෙන්නේ නැහැ. තමන් දැනගන්න ඕනේ තමන්ගේ නම රැකගන්න.
හිතනවාද නිරූපණයෙන් තැනක් ඔයාට හදා ගන්න පුළුවන් කියලා?
අනිවාර්යෙන්ම ඔව්. දක්ෂතාව අනුව තැනක් ලැබෙයි.
රංගනයට කැමැත්තක් නැද්ද?
කැමතියි. හොඳ ආරාධනාවක් ලැබුණොත් බාරගන්නවා. මගේ දක්ෂතාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්නවා.
ඉදිරි කටයුතු ගැන කිව්වොත්?
දැනට නිරූපණ කටුයුතු කිහිපයකට සහභාගී වෙනවා. ඉදිරියේදී තව කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා.
කවුරු හරි මතක් කරන්න පිරිසක් ඉන්නවාද?
ඔව්, ඡායාරූප ශිල්පින් වන හෂාන් පන්නිලගේ වගේම ඉමේෂ් නුවන්දකව මතක් කරන්න ඕනේ. මගේ පවුලේ සියලු දෙනාවමත් මගේ යාළුවෝ සියලු දෙනාවත් මතක් කරනවා.
ඡායාරූප අනුග්‍රහය - හෂාන් පන්නිල (0779806627)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
නිරූපණයට ආධුනික වන මයන්ති