නිරූපණ ශිල්පිනියක ලෙස දිගුගමනක් යන්නට බලාපොරොත්තු වන ඇය මදුෂානි සකුත්තලාය. ඇය පිළිබඳව "සාරවිට"ට පැවැසුවේ මෙවැන්නකි.
ක්ෂේත්‍රයට යොමුවීම ගැන මුලින්ම කතා කළොත්?
පුංචි කාලේ ඉඳන් මේ ක්ෂේත්‍රයට එන්න කැමැත්තක් තිබුණා. අම්මා තමයි මේ ක්ෂේත්‍ර‘යට එන්න මාව ගොඩක් උනන්දු කළේ. කැස්බෑව ධර්මසේන ආටිගල බාලිකා විද්‍යායෙ තමයි මම ඉගෙන ගත්තෙ. පාසල් කාලය තුළදිත් මම කලාවට ලොකු උනන්දුවක් දැක්වුවා. කුලසිරි බුදවත්ත සර් ළඟ වසර ගණක් උඩරට තර්තනය හැදෑරුවා.
මම මුලින්ම නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ රොසෑන් ඩයස් මහත්මිය යටතේ. මම ඇය ළඟ නිරූපණ පාඨමාලාවක් හැදෑරුවා. මෙවර ITN අවුරුදු කුමරිය තරගයට ඉදිරිපත් වෙන්න මට හැකියාව ලැබුණා. එහිදී මට අවසන් පහළොස් දෙනා අතරට එන්න හැකියාව ලැබුණා. මේ වනවිට චන්දි කොඩිකාර ලියන නවකතාවක ෆොටෝ ෂුට් එකට දායක වෙනවා. ඒ වගේම මට "කොළඹ අහස", නලින් මාපිටිය සර් කළ "ඉස්සරහට යන්න", "දුවිලි මල්" යන ටෙලි නාට්‍යවලටත් දායක වෙන්න හැකියාව ලැබුණා.
නිරූපණ ශිල්පිනියක් විදියට දිගටම කටයුතු කරන්නද බලාපොරොත්තු වෙන්නේ?
මම නර්තන කටයුතු සිදු කරනවා. ඒ වගේම රංගනයටත් යොමුවෙනවා. මේ වෙද්දි ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබිලා නැහැ. නමුත් ඉදිරියෙදි හොඳ ටෙලි නාට්‍යයක් ලැබුණොත්, දායක වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
ජනප්‍රියත්වය ගැන තිබෙන අදහස?
නිරූපණ ශිල්පිනියෙකුට අනිවාර්යෙන්ම ජනප්‍රියත්වය අවශ්‍යයි. රංගනයටත් එය අදාළයි. එහෙත් ඒ ජනප්‍රියත්වය ලබාගන්න ඕන ක්ෂේත්‍ර‘යේ වැඩකටයුතු තෝරා බේරාගෙන සිදු කිරීම තුළින්. මම හිතන්නේ එහෙම.
විලාසිතා ගැන හිතන්නේ?
නිරූපණ ශිල්පිනියෙක් විදියට මම කැමැතී වෙනස්ම දෙයක් කරන්න. හැමදාම කරන දේකට වඩා අලුත්ම දෙයක් කරන්න උත්සාහ කරනවා. ෆොටෝ ෂූට් එකක් කළත්, මම බලාපොරෝතතු වෙන්නෙ එය අලුත් විදිහට කරන්න. ගැළපෙන දේවල් කරනවා.
ඉදිරි කටයුතු හා මතක් කළයුතු පිරිස ගැන කතා කළොත්?
නිරූපණ ක්ෂේත්‍ර‘යෙන් ජාත්‍යන්තර තලයට යන්න බලාපොරොත්තු වෙනවා. අනිවාර්යෙන්ම මිස් ශ්‍රී ලංකා තරගයට මම සහභාගි වෙනවා. ආත්මගරුත්වයත් රැකගෙන ඉදිරි ගමනත් යන්න මම බලාපොරොත්තු වෙනවා.
මතක් කළයුතු කිහිපදෙනෙක්ම ඉන්නවා. රොසැන් ඩයස් මහත්මිය මතක් කරනවා. ඇය තමයි මට මුල්ම ශක්තිය වුණේ මේ ක්ෂේත්‍ර‘යෙන් ඉදිරියට යන්න. චානක කන්දනාරංචිවත් මේ මොහොතේ මතක් කරනවා.
රංගන මදුසංඛ/ඡායාරූප චානුක කුලසේකර
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
නිරූපණ ක්ෂේත්‍රයෙන් ජාත්‍යන්තර තලයට යන්න බලාපොරොත්තු වෙනවා