2016-12-22-ent-125

ප්‍රසංග වේදිකාව තුළ නිතර දකින නර්තන කණ්ඩායමක් ලෙස තරංග රංගායතනයේ නර්තන කණ්ඩායම හඳුන්වා දිය හැකිය. නර්තනය තුළින් නව වෙනසක් කරන්න නිතරම උත්සුක වන ඔහු තරංග හර්ෂණය.

 

නර්තනයට කැමැත්තක් ඇති වෙන්නේ කොහොමද?

2016-12-22-ent-124මම පුංචිකාලේ ඉඳන් නර්තනයට යොමුවෙලා හිටියා. පාසල තුළදිත් මම වැඩි වශයෙන් යොමුවුණේ නර්තනයට. ගල්කිස්ස විද්‍යා විද්‍යාලයෙන් තමයි අධ්‍යාපනය ලැබුවෙ. එහිදී මම නර්තනය ගැන මූලික අධ්‍යාපනය ලැබුවේ නයෝමි ගුරුතුමිය යටතේ. පියසාර ශිල්පාධිපති කාන්ති ශිල්පාධිපති ප්‍රසාධි රණසිංහ යටතෙත් මම නර්තනය හැදෑරුවා. වසර දහයක පමණ කාලයක් එතුමිය යටතේ අධ්‍යාපනය ලැබුවා. නොදන්නා දේ ඉගෙන ගනිමින් තව තවත් මේ විෂය ඉගෙන ගන්න නැඹුරු වුණා. ඒ ඉගෙනීම නිසාම මා තුළ දැඩි ආත්මවිශ්වාසයක් ඇති වුණා. මම මේ ක්ෂේත්‍රයේ බොහෝ අය එක්ක වැඩ කළා. අත්දැකීම් ලබාගත්තා. විශේෂයෙන්ම ඉන්දියාවේ නර්තන ශිල්පීන්ගේ අත්දැකීම් ලබාගන්න මට හැකියාව ලැබුණා. ලංකාවෙත් එවැනි දේ සිදුකළ යුතුයි කියලා මම හිතුවා.

 

නර්තනය ඉදිරිපත් කිරීමට ලැබුණ අවස්ථා ගැන සඳහන් කළොත්?

මම බොහෝ රියලිටි තරගවලට දායක වෙලා තියනවා. මේ මෑතක හිරු ගෝල්ඩන් ෆිල්ම් එවෝඩ්වල නර්තනයෙන් දායක වුණා. රුවන් නන්දිකගේ ප්‍රදංගයට දායක වුණා. ඒ වගේම සම්මාන උලෙළවල් බොහෝ ප්‍රමාණයකට දායක වෙලා තියෙනවා. මේ මස අවසන විදෙස් ප්‍රසංග කිහිපයකට දායක වෙන්න බලාපොරොත්තු වෙනවා.

 

ඉදිරි බලාපොරොත්තු?

ඉදිරියේදී මම මේ ගැන තව තවත් දැනුම හොයාගෙන දැවැන්ත ප්‍රසංගයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ලංකාවෙ සංස්කෘතියට, සදාචාරයට මූලිකත්වය දීලා යම් දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තරංග රංගායතනයේ නර්තන ඉගැන්වීම් කටයුතු සෙනසුරාදා සිදුකරනවා. එය තවත් විධිමත්ව කරන්නත්, ඒ සඳහා දායක වන සහ නර්තනයට ඇල්මක් දක්වන අයට අපේ කණ්ඩායම තුළින් ඉඩ ප්‍රස්තාව ලබාදෙන්නත් බලාපොරොත්තු වෙනවා.

 

මතක් කළ යුතු පිරිස?

මට ගොඩක් අය උදව් කළා මේ ගමන එන්න. ඒ හැම දෙනාවම මේ මොහොතේ මතක් කර සිටිනවා.

0713 914 002

 

රංගන මදුසංඛ

 

2016-12-22-ent-123