නිරිත දිග චීනයේ චොන්ග්ක්වින් නුවර සහ කොළඹ අතර ප්‍රථම නිත්‍ය බලපත්‍රලාභී ගුවන් සේවාවක් හඳන්වා දෙමින් චීන ජාතික සංචාරකයෝ 140 ක් රැගත් ප්‍රථම ගුවන් යානය අද කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් දිවයිනට ලඟා විය.
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සේද මාවතේදී චොන්ග්ක්වින් සිට මෙරටට පැමිණි ප්‍රථම චීන ජාතික සංචාරක කණ්ඩායම මල් දම් පළඳවා ඉතා උනුසුම් අන්දමින් පිළිගනු ලැබීය.
චොන්ග්ක්වින් හූවාපොන්ට් ජාත්‍යන්තර සංචාරක සේවා සමාගමේ මෙරට එකම නියෝජිතයා වන වෝකර්ස් ටුවර්ස් සමාගම ශ්‍රී ලංකන් ගුවන් සමාගම සමග එක්ව මෙම නව සේවාව ආරම්භ කර ඇත.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඒ 320 වර්ගයේ ගුවන් යානා මෙම නව සේවාව සඳහා යොදා ගැනේ.
මෙම සහයෝගීතාව සීග්‍රයෙන් ඉහළ යන චීනය හා ශ්‍රී ලංකාව අතර ගුවන් සේවාවන් සඳහා වන ඉල්ලුම සපුරාලීම සඳහා මනා පිටුවහලක් වන ඇතැයි ශ්‍රී ලංකන් ගුව්න සමාගමේ ප්‍රධාන විධායන නිලධාරී කපිල චන්ද්‍රෙස්න මහතා පැවසීය.
එසේම ජෝන් කීල්ස් ව්‍යාපාර සමූහයේ ගමනාන්ත කළමනාකරණ අංශ ප්‍රධානී විධායක උප සභාපති වසන්ත ලීලාන්නද මහතා පැවසුවේ සිවුආන් ප්‍රාන්තය ආවරණය කෙරෙන නිරත දිග චීනයේ ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම හා චොන්ග්ක්වින් හුවාපොන්ට් ජාත්‍යන්තර සංචාරක සමාගම සමග එක්වන්නට ලැබීම ගැන සතුටු වන බව පැවසීය.
මෙම නව සේවාව චොන්ග්ක්වින් වලින් බැහැරව නව කේන්ද්‍රස්ථානයක් විවර කිරීමට අවස්ථාව උදාකර දෙන අතර මේ සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම දක්වන සහයෝගය අගය කරන බවත් පැවසුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුවන් සේවා සේම රටක් සමගම අත්වැල් බැදගෙන වැඩ කලොත් අපේ රටේ සංචාරක කර්මාන්තය ඉබේම දියුණු වේවි. (දී)
සුභ ආරංචියක්! (නි)
හොඳ ආරම්භයක්. සුභ පැතුම්! (නි)
ලංකාව චීනය නිසා තමයි ඔලුව උස්සලා තියෙන්නේ (දී)
ඔය සංචාරයේදී චීන ව්‍යාපෘතියක් වන නොරොච්චෝලේ විදුලි බලාගාරයත් දැකබලා ගත්තා නම් ලොකු දෙයක් (නි)
අපි කොන්ඩ බැදපු චීන්නු නොවේ! (දී)
හොඳ ආරම්භයක්. (නි)
ඒ320 නොනවත්වා චීනය දක්වා පියාසර කරනවාද? (නි)
මමත් ඔය සමගම පිටරට ඉදන් අාව,බැලුව මොකක්ද වෙන්නේ කියල,මටත් මල් මාලයක් දාල ආයුබෝවන් කිව්වා, ඔය පේලියේම මම එලියට ගියා; (ස)
දැක්කම ආසයි මෙහෙම එනකොට ඇයි ශ්‍රිලංකන් පාඩු කන්නේ? ඒකට හෙතුව ඕකේ ඉන්න අයම තමයි. මම දැක්කා පත්තරේ එක ගුවන් සෙවිකාවක්, එයට රට ගියාම අනික් අයට වඩා හොඳ රෑම් එකක් ඕනාලු ,කාගේ සල්ලිද ? සමහර ගුවන් සෙවිකාවෝ හිතන් ඉන්නෙ අපි එයාලගේ වැඩකාරයෝ කියල. සුදු හමක් දැක්කොත් දත් 32 ම පෙන්නගෙන, සාමාන්‍ය පෙළවත් පාස් නැති අය ඉහල පුටුවල ඉන්නකොට දවසට මේ වගේ සංචරකයො ලක්ෂයක් ආවත් වැඩක් නෑ. අපිට ඉතිං මෙවා බලලා හිත හදා ගන්න තියෙන්නේ "අනේ අපේ රටට සංචරකයෝ ආවා අපේ රටේ ලස්සන බලන්න" කියල තමයි. (ස)
කුසලාවති,ඒ පොතක් විතර ජංගම දුරකතනයක් නෙවෙයි සාමාන්‍ය දුරකතනයක්. ඒක කේස් එහෙක දාලා තියෙන්නේ.කේස් එක දිග ඇරියහම පොත වගේ තමයි පෙන්නේ. (දී)
දැක්කම ආසයි මෙහෙම එනකොට. ඇයි ශ්‍රිලංකන් පාඩු වෙන්නේ? ඒකට හේතුව ඕකේ ඉන්න අයම තමයි. මම දැක්කා පත්තරේ එක ගුවන් සේවිකාවක් එයාට රට ගියාම අනික් අයට වඩා හොද රූම් එකක් ඕනාලු ,කාගේ සල්ලිද ? එංගලන්තේ කට්ටියක් එනකම් ඉන්න බැ කියලා කෝල් එකකින් සුද්දො ටික දාලා ගිහින් එතකොට එ් කට්ටිය හෝටලේ දාලා පහුවෙනිදා යවලා හොටෙල් එකට ගෙවන්නේ කාගේ සල්ලිද ? සමහර ගුවන් සෙවිකාවෝ හිතන් ඉන්නෙ අපි එයාලගේ වැඩකාරයෝ කියලා. සුදු හමක් දැක්කොත් දත් 32 ම පෙන්නගෙන, ඕලේවල් වත් පාස් නැති අය ඉහල පුටුවල ඉන්නකොට දවසට මෙ වගේ සංචරකයො ලක්ෂයක් ආවත් වැඩක් නැ . අපිට ඉතිං මෙවා බලලා හිත හදා ගන්න තියෙන්නේ "අනේ අපේ රටට සංචාරකයෝ ආවා අපේ රටේ ලස්සන බලන්න" කියලා (නදී)
අතිරේක භාෂාවක් ලෙසට චීන භාෂාව පාසල්වල උගන්නමු .(දී)
මත්තලින් ආවා නම් තමයි අපිට සතුටු.... (නි)
ඔය කහ හැට්ටේ ඇඳලා ඉන්න එක්කෙනා සමදරා ආරියදාස, කැකනදුර ගම (නදී)
මේ චීන්නු නොවෙයි දෙයියෝ (නදී)
ජයරත්න ඔයා කවුද මට උගන්නන්න? (නදී)
චීනයෙන් මීට පෙර ලංකාවට කට්ටිය ඇවිල්ලා නැද්ද (දී)
තරහ අවසර කුසලාවති,පොතක් ගැන කියපු නිසයි කිව්වේ....... (නදී)
කුසලවතීගේ අධ්‍යාපන මට්ටම ගැන මට දුකයි .. ලංකාවේ මිනිස්සුන්ට හොඳ අධ්‍යාපනයක් දිය යුතුයි ..(දී)
සුද්දෝ වගේ නෙමෙයි, මොවුන් නම් හොඳ පාටයි. සෑහෙන සල්ලිකාරයෝ වගෙයි. බලන්නකෝ පාවිච්චි කරන ජංගම දුරකනයේ ප්‍රමාණය... පොතක් විතර ඇති (නි)
අපේ රටට චීන සංචාරකයින් ගෙන්වා ගැනීමට කැපවීමෙන් වැඩකළ අයට මෙහි ගෞරවය හිමිවිය යුතුයි (නි)
දුවේ සත්‍යා, ඔයා තවම මේවා තේරුම්ගන්න ලාමක වැඩියි (නි)
තව දශයකින් චීනය ලෝකයේ ආර්ථික බලවතා මෙන්ම . යුදමය බලවතද වනවා . ඔය ඇමරිකානුවන් සහ බටහිර රටවල් පවා දෙනාටම චීනය හමුවේ දන ගසනවා . චීනය අපිට සිටීම ලොකු ආඩම්බරයක් ආසියාවේ රටක් හැටියට (දී)
ඒ රටවලට යද්දී අපිවත් පිළිගන්නේ ඔය විදිහටමයි. (නි)
කුසලවති නිසා වෙනත් අය ප්‍රතිචාර දමා අකුසල් කර ගන්න එපා . එමෙන්ම කුසලාවති මැතිනියද අකුසල් වලින් වැලකි සිටින්න (දී)
සුභ පැතුම්! (නි)
උයන්ගොඩ මහත්තයට ගොඩාක් සතුටු ඇති (දී)
මට ප්‍රශ්නයක් තියෙනවා මෙතන අහන්න බැහැ (දී)
කුසලවති වගේ කට්ටිය නිසා තමයි ලංකාවට වැරදිලා තියෙන්නේ (දී)
ශා නියමයි නේද (දී)
චීන ගැහැණු ළමයි ලස්සනයි (දී)
එන කොට එන්නේ මෙහෙම තමයි. (දී)
කුසලාවති වැස්සකටවත් ඉස්කෝලේ ගිය කෙනෙක් නොවෙයි වගේ (දී)
මෙච්චර කල් නිත්‍ය බලපත්‍රලාභී ගුවන් සේවාවක් තිබ්බේ නැද්ද (දී)
සංහිදියාව (දී)
වැඩේ නම් ඉතා හොදයි සංවර්ධන මාර්ග තවත් වැඩි දියුණු වෙයි (දී)
චීන භාෂාව ඉගෙන ගන්න චෝන්කින්ග් විශ්වවිද්‍යාලයට කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශිෂ්‍යත්ව සඳහා වාර්ෂිකව ළමයි යනවා. එත් ඒ ළමයි යන්නේ කැන්ටන් ගුවන් තොටුපොල හරහා ගිහින් පැය 28ක් විතර කෝච්චියේ ගිහින්. ඒ ළමයිටත් කෙලින්ම චෝන්ග්කින්ග් වලට යන්න ටිකට් දෙනවනම් ගොඩක් වටිනවා. ඊයේ චෝන්ග්කින්ග් වලින් එනකොට චෝන්ග්කින්ග් විශ්වවිද්‍යාලේ ලංකාවේ ළමයින්ගෙන් සංස්කෘතික උත්සවයක් තිබුණා. එකේ පින්තුරත් දැම්ම නම් ගොඩක් වටිනවා. (ස)