
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
නොරෝච්චෝල ලක්විජය බලාගාරය උඩින් පියාසර කරමින් තිබූ ඩ්‍රෝන කැමරාවක් බලාගාර භූමියට කඩා වැටීමත් සමග ගුවන් හමුදාව හා අනිකුත් ආරක්ෂක අංශ එක්ව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරියෙක් පැවසීය.
අද දහවල් කාලයෙ මෙම ඩ්‍රෝන කැමරාව නොරෝච්චෝල ලක්විජය බලාගාරය උඩින් පියාසර කරමින් තිබියදී මෙලෙස කඩා බලාගාර භුමියට කඩා වැටීමකට ලක්වී ඇති බව ආරක්ෂක අංශ පවසයි.
ලක්විජය බලාගාර භුමිය ජායාරූප ගත කිරීමකට මෙම ඩ්‍රෝන කැමරාව මගින් ලක්කර ඇති බවට සැක කරන බව ආරක්ෂක අංශ පවසයි.
කෙසේ වෙතත් නීත්‍යානුකුල අවසරයකින් තොරව මෙලෙස ඩ්‍රෝන කැමරාවක් බලාගාරය උඩු ගුවනේ ගුවන් ගත කිරීම නීති විරෝධි කටයුත්තක් බව කියයි.
අදාල ඩ්‍රෝන කැමරාව කුමන හේතුවක් මත මෙලෙස ගුවන් ගත කර ඇති දැයි සොයා බැලිමට මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රජය රැකගත යුතුයි. හොරු ටික බලයට පත්වෙන්න මාන බලන යුගයක්..
රටේ ආරක්ෂාව පිළිබඳව යම් ගැටළු සහගත තත්ත්වයක් තියෙනවා. පළපුරුදු ආරක්ෂක හමුදාවක් තියෙන රටක් මේක. පවතින සුහුඹුල් රජයට කරන්න තියෙන්නේ... නිවැරැදි අයට ආරක්ෂාව බාරදීමයි.
අරඹමු නැවතත් හොර යුගයක්...! නාමල්, රනිල්, සජිත්, දිලිත් අතරින් කෙනෙකුට කෙසේ හෝ පාර්ලිමේන්තු බලය ලබාදී හොර යුගයට යන පාර කපමු...!
ආරක්ෂක අංශ ඩ්‍රෝන කැමරාවක් යනවයි කියලා දැනගෙන නැහැ .කඩා වැටුනට පසුවයි දැන ගෙන තියෙන්නේ .ආරක්ෂාව හොඳට තහවුරු කරගෙන තියනවයි කියලා හොඳට පෙන්වා