(යොහාන් භාසුර)

නොරච්චෝලේ විදුලිබලාගාරයක අලුත්වැඩියාවක් සඳහා මේ මස 18 වැනිදා සිට දින 70 ක කාලයක් සඳහා වසා තබන බවත් එම විදුලිබලාගාරය නතර කිරීමෙන් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 300 කට ආසන්න ප්‍රමාණයක් අහිමිවන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද (16) පස්වරුවේ පැවසීය.

එම බලාගාරය වැසීමෙන් විදුලි කප්පාදුව වැඩි නොවන බවට විශ්වාස කරන බව කී අමාත්‍යවරයා පැවසුවේ එම විදුලිබලාගාරයේ අලුත්වැඩියාව අවසන් වූ පසු තවත් විදුලිබලාගාරයක් වසා අලුත්වැඩියාව ආරම්භ කරන බවත්ය.

ජාතික විදුලිබල පද්ධතියට මේ වන විට ගල්අගුරු සහ ජලවිදුලියෙන් වැඩි ධාරිතාවක් ලබාදීම නිසා බලාගාරය වැසීමෙන් අඩුවන මෙගාවොට් 300  ක ප්‍රමාණය ආවරණය කරගැනීමට හැකිවනු ඇති බව ද අමාත්‍ය කාංචන විජේසේකර මහතා වැඩි දුරටත් කීය.