රංජන් කස්තුරි
 
නොරොච්චෝල ගල් අගුරු බලාගාරයේ තාක්ෂණික ගැටළුව සමනයට පත්ව ඇති හෙයින් හෙට (20) විදුලි ජනනය කටයුතු ආරම්භ කිරිමට හැකි වෙතැයි විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යංශය සඳහන් කරයි.

ඒ අනුව සාමාන්‍ය පරිදි නොරොච්චෝල ගල්අගුරු බලාගාරයේ දෙවැනි යන්ත්‍රයෙන් මෙගාවොට් 270 ක ධාරිතාවයක් ජාතික විදුලිය පද්ධතියට එක්කෙරෙන බවද ඒ අනුව ඉකුත් දින දෙකේ පැවැති විදුලිය විසන්ධිවීම අද සිට අවසන් වනු ඇතැයි ද එම අමාත්‍යංශය සඳහන් කරයි.

නොරොච්චෝල ගල් අගුරු බලාගාරයේ දෙවැනි යන්ත්‍රය ක්‍රියාවිරහිත වීම නිසා අද (19) සහ ඊයේ (18) දවස පුරා ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වී තිබිණි.