පුත්තලම කලපුව මැදින් නොරොච්චෝලේ විදුලි බලාගාරයට අධිබලැති විදුලි රැහැන් කුලුනු පද්ධතියක් පිහිටුවීමට ගෙන ඇති තීරණයට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම පිළිබද ලිඛිත දේශන ලබන ජූලි 08 වැනි දා ගොනු කරන්නැයි අභියාචනාධිකරණය අද (06) පෙත්සමේ වගඋත්තරකරුවන්ට නියෝග කළේය.
පුත්තලම වලර්පිරායි ධීවර සංගමය ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ලංකා විදුලි බළමණ්ඩලය,මධ්‍යම පරිසර අධිකාරිය .විදුලි බල ඇමති,වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව,නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.
මෙම අධිබලැති කුලුනු පද්ධතිය කලපුව හරහා ඉදි කළහොත් එම කලපුවේ ජෛව විවිධත්වයට දැඩි බලපෑම් එල්ල වන බවත්, එසේම එහි ධීවර කටයුතුවල නිරත ධීවරයින්ගේ ජීවිත අනතුරකට ලක් වන බව කියා සිටි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරිසරය රැකගත යුතුය-නමුත් ව්‍යාපාරයක් නොකළ යුතුය (බ)
කලපුව මැද්දෙන් කුළුණු හිටෙව්වම කලපුවේ ජෛව විවිධත්වයට වන බලපෑම ගැන මටනම් නොතේරේ. ජ්‍යාත්‍යන්තර ඉදිකිරීම් සහ අත්දැකීම් ගැන අවධානය යොමු කරන්න .මෙවැනි කඩාකප්පල් වැඩ වලින් වෙන්නේ අපේ රටේ සංවර්ධනය තවතවත් ආපස්සට යාම පමණකි. (බ)