නිසි උෂ්ණත්වයෙන් ශීතකරණයේ ගබඩා නොකිරීම නිසා මිනිස් පරිභෝජනයට නොසුදුසු යෝගට් 1296ක් විනාශ කරන ලෙස මැදවච්චිය අතිරේක මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා නියෝග කර යොගට් බෙදා හැරීමේ නියෝජිතයාට රුපියල් 6000ක දඩ නියම කළේය.
රඹෑව යාය දෙකේ සුසන්ත ජයලාල් ගුණතිලකට එසේ දඩ නියම විය.
මැදවච්චිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඩී ආර් විජේරත්න මහතාගේ උපදෙස් මත මැදවච්චිය මහජන සෞඛ්‍ය පරීක්ෂක එස් කේ අබේපාල මහතා පැමිණිල්ල ඉදිරිපත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රවෘත්තිය නම් ඉතා වටිනවා. ඇමෙරිකාව වගේ රටවල නම් ආහාර ද්‍රව්‍ය සෙන්ටිග්‍රේඩ් පහට (ෆැරන්හයිට් 41 ට ) අඩුවෙන් ගබඩා කළ යුතු බවට නීති තිබෙනවා. එම නීතිය ආහාර ද්‍රව්‍ය විකිණීමේ බලපත්‍රය සමග කඩය තුල ප්‍රදර්ශනය කළ යුතු වෙනවා.ඒවගේම ශීතකරණය පවතින උෂ්ණත්වය ජනතාවට පෙනෙන පරිදි උෂ්ණත්වමාපකයක් එතුළ රඳවා තැබිය යුතු වෙනවා. පරික්ෂකවරු වරින් වරට එම උෂ්ණත්ව මාපක පරික්ෂා කරනවා (නි)
ලංකාවෙත් ඒවගේ උෂ්ණත්ව මාපයක් තියනවා (අ)
හොඳ වැඩේ. කරුණාකර දුෂ්කර ගම්වල තිබෙන කුඩා පෙට්ටි කඩ පරික්ෂා කරන්න.90%ක් බොහෝ විට විකුණන්නේ තිරිසන් සත්වයන්ටවත් නුසුදුසු අහාර පාන.කුණු කරවල,කුණු හාල්මැස්සෝ,කල් ඉකුත් වූ බිස්කට්,තෙල්,තේ කොල,සීනි වගේ දේවල් (නි)
අය්යෝ හොඳටම මදි. තව බින්දුවක් අගට එකතු කරන්න. (ස)
ඔය මුදලාලි හෙට විකුණන්නෙත් ඕවා. මීට වැඩිය සෞඛ්‍යය පරික්ෂකයින් බඳවාගෙන ,මුළු රටේම හෝටල් ,සිල්ලර කඩ ,සුපර් මාර්කට් පරික්ෂා කර දැඩි දඬුවම් දෙන්න ඕනෑ. (නි)
අනේ දඬුවම් නොකර, මෙයටත් ඔය නරක වුන ඒවාගෙන් පහක් හයක් කවන්න තිබුනේ. පහුවෙනිදට සෙල්ලම බලන්න. (ස)