නිසි උෂ්ණත්වයෙන් ශීතකරණයේ ගබඩා නොකිරීම නිසා මිනිස් පරිභෝජනයට නොසුදුසු යෝගට් 1296ක් විනාශ කරන ලෙස මැදවච්චිය අතිරේක මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා නියෝග කර යොගට් බෙදා හැරීමේ නියෝජිතයාට රුපියල් 6000ක දඩ නියම කළේය.
රඹෑව යාය දෙකේ සුසන්ත ජයලාල් ගුණතිලකට එසේ දඩ නියම විය.
මැදවච්චිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඩී ආර් විජේරත්න මහතාගේ උපදෙස් මත මැදවච්චිය මහජන සෞඛ්‍ය පරීක්ෂක එස් කේ අබේපාල මහතා පැමිණිල්ල ඉදිරිපත් කළේය.
2025 දෙසැම්බර් මස 18
583
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
286
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නරක්වූ යෝගට් බෙදූ නියෝජිතයාට දඩ
ලලිත් Friday, 20 September 2013 07:58 PM
ප්‍රවෘත්තිය නම් ඉතා වටිනවා. ඇමෙරිකාව වගේ රටවල නම් ආහාර ද්‍රව්‍ය සෙන්ටිග්‍රේඩ් පහට (ෆැරන්හයිට් 41 ට ) අඩුවෙන් ගබඩා කළ යුතු බවට නීති තිබෙනවා. එම නීතිය ආහාර ද්‍රව්‍ය විකිණීමේ බලපත්‍රය සමග කඩය තුල ප්‍රදර්ශනය කළ යුතු වෙනවා.ඒවගේම ශීතකරණය පවතින උෂ්ණත්වය ජනතාවට පෙනෙන පරිදි උෂ්ණත්වමාපකයක් එතුළ රඳවා තැබිය යුතු වෙනවා. පරික්ෂකවරු වරින් වරට එම උෂ්ණත්ව මාපක පරික්ෂා කරනවා (නි)
දිසානායක Saturday, 21 September 2013 12:14 AM
ලංකාවෙත් ඒවගේ උෂ්ණත්ව මාපයක් තියනවා (අ)
කුමාරන Friday, 20 September 2013 03:43 PM
හොඳ වැඩේ. කරුණාකර දුෂ්කර ගම්වල තිබෙන කුඩා පෙට්ටි කඩ පරික්ෂා කරන්න.90%ක් බොහෝ විට විකුණන්නේ තිරිසන් සත්වයන්ටවත් නුසුදුසු අහාර පාන.කුණු කරවල,කුණු හාල්මැස්සෝ,කල් ඉකුත් වූ බිස්කට්,තෙල්,තේ කොල,සීනි වගේ දේවල් (නි)
මහගෙදර ඇඹිලිපිටිය Friday, 20 September 2013 03:50 PM
අය්යෝ හොඳටම මදි. තව බින්දුවක් අගට එකතු කරන්න. (ස)
තිසා Friday, 20 September 2013 04:43 PM
ඔය මුදලාලි හෙට විකුණන්නෙත් ඕවා. මීට වැඩිය සෞඛ්‍යය පරික්ෂකයින් බඳවාගෙන ,මුළු රටේම හෝටල් ,සිල්ලර කඩ ,සුපර් මාර්කට් පරික්ෂා කර දැඩි දඬුවම් දෙන්න ඕනෑ. (නි)
පිටබැද්දර ජයා Friday, 20 September 2013 04:50 PM
අනේ දඬුවම් නොකර, මෙයටත් ඔය නරක වුන ඒවාගෙන් පහක් හයක් කවන්න තිබුනේ. පහුවෙනිදට සෙල්ලම බලන්න. (ස)