IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


නරකම සම්මාන ටික 'ප්‍රේම් රතන් දන් පායෝ' දිනයි

පසුගියදා පැවති හයවැනි 'annual Ghanta Awards' සිනමා සම්මාන උලළේදී නරක සම්මාන බොහෝමයක් දිනා ගැනීමට සෝරාජ් භාටියාගේ 'ප්‍රේම් රතන් දන් පායෝ^ චිත්‍රපටය දිනා ගැනීමට සමත් විය. වසරේ නරකම චිත්‍රපටය ලෙස 'ප්‍රේම් රතන් දන් පායෝ' චිත්‍රපටය සම්මාන ලබද්දි වසරේ නරකම නිළිය ලෙස එම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කළ සෝනම් කපූර්ට හිමිවිය. ඇය සමගින් අනුෂ්කා ෂර්මා (බොම්බේ වෙල්වට්), අයිශ්වර්යා රායි (ජස්බා), සනී ලියෝන් (කුච් කුච් ලෝචා හේ) හා සොනක්ෂි සින්හා (තේවාර්) මෙම සම්මානය සඳහා නිර්දේශ වී සිටියහ.  

නරකම නළුවා වුයේ 'දිල්වාලී' චිත්‍රපටයේ රඟපෑ බොලිවුඩයේ කිං ඛාන් වූ ෂාරුක් ඛාන්ය. ඔහු සමගින් රිතේක් දේශ්මුක් (බැන්ගිස්ටන්), අර්ජූන් රම්පාල් (රෝයි), රන්බීර් කපූර් (බොම්බේ වෙල්වට්) හා අර්ජූන් කපූර් (තේවාර්) මෙම නරකම සම්මානය සඳහා නිර්දේශ විය. නරකම ගීතය ලෙස 'ප්‍රේම් රතන් දන් පායෝ' චිත්‍රපටයේ තේමා ගීතය සම්මාන දිනාගත් අතර, වසරේ නරම සහය නළුවා වූයේ එම චිත්‍රපටයේ රඟපෑ නීල් නිතෙන් දේශ්මුක්ය. නරකම සහය නිළිය ලෙස එම චිත්‍රපටයේ රඟපෑ ස්වෙරා බාස්කර් සම්මානයට පාත්‍ර විය. වසරේ නරකම සිනමා අධ්‍යක්ෂවරයා වූයේ 'සන්දාර්' චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ විකාශ් බාල්ය. 



අදහස් (0)

නරකම සම්මාන ටික 'ප්‍රේම් රතන් දන් පායෝ' දිනයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 129 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 755 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site