පරිභෝජනයට නොසුදුසු කල් ඉකුත් වූ හාල්මැස්සන් කිලෝ 20000ක් පමණකොළඹ කේසර වීදියේ ගබඩාවක තිබී සොයාගත් බව පාරිභෝගික අධිකාරිය කියයි. ඩුබායි සිට ගෙන්වන ලද බව කියන මෙම හාල්මැස්සන් පිරිසිදු කර යළි අලෙවි කිරීමට සූදානම් කරමින් සිටියදී මේ අත්අඩංගුවට පත්විය. එහි වටිනාකම රුපියල් ලක්ෂ 40කි. ගබඩා හිමිකරුට එරෙහිව නඩු පවරන බව පාරිභෝගික අධිකාරිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ දේට අපි හොඳ කිව යුතුයි. පසුගිය මාස දෙක තුන ඇතුලත පාරිභෝගික අධිකාරිය විසින් අල්ලා ගනු ලැබූ මෙවැනි අක්‍රමිකතා නිසා මහජනයා ආරක්ෂා වුණා (දිල්)
දැන් කොහොමද දිගට හරහට අල්ලන්නේ ඒ කියන්නේ මෙයට කලින් මේ ගොල්ලෝ හරියට වැඩ කරලා නැහැ (අ)
පාරිබෝගික අධිකාරිය නොදැන වෙන දේවලුත් තියෙනව මේවා ගෙවල් වලට ආපන ශාලාවලට ගෙනල්ල අඩුමිලට විකුණන අයත් ඉන්නවා.ඒ අයගේ දුක් ගැනවිල්ල අහල ගන්න අයත් ඉන්නවා. (අ)
අහුනොවෙන තව කොච්චර ජරාව මිනිසුන්ට මේ කූට වෙළෙන්දෝ කවනවා ඇත්ද?මේ අමනයන්ට මේ විදිහට ගන්න සල්ලි යාදෙනවද? (අ)
අපි හොඳ දේ ට හොඳ කියන්න නම් හොඳ මොකක්ද කියල මුලින්ම හඳුනා ගන්න ඕනේ. උදාහරණයක් හැටියට පොලිසිය අවංකව ම සේවය කරන විට දේශපාලකයා ඒ නිලධාරීන්ට දඬුවම් කරනවා. අපරාධ කර අසුවන පාක්ෂිකයි, හිතවතුන් ඥාතීන් නිදහස් කරනවා. පාලකයා කළු පාටට සුදුයි කියන කොට ඔව් ඔව් ඒක සුදු තමයි කියන ඇම්බැට්ටි ජනතාවකට ඉන්න වෙන්නේ හැමදාම අඳුරේ. මේක හාල්මැස්සන් ට සීමාවෙච්ච ප්‍රශ්නයක් නොවේ. (අ)

ඔය වගේ හල මැස්සන් ගොඩක් ඇල්ලුවා. නමුත් තෝරු මෝරු අල්ලන්නේ නෑ.අද මම බිව්වා ශ්‍රිලංකාවේ තේ ,ඒවා පැකට් කරලා තිබුනේ ඩුබියි වලින් . එහෙටත් අරින්න හැදුව කසල තේ කොළ . මේ වැඩ කරන මිනිසුන්ට උපරිම දඩුවම දෙන්න ඕන ,ඕකට හරිම කෙනා ගොඨාභය කියල මම හිතනවා.(අ)
අපේ රටේ නියම ප්‍රමිතියට අපට ලබා ගත හැකි දේ මොනවද කියල කවුරු හරි මට කියාදෙන්න ? (නදී)
කොහෙද යන්නේ මල්ලේ පොල්. (අ)
නිකන් හිතන්න ගඳ ඇති පලාතම (දී)
මට දුක මේක අල්ලපු නිලධාරීන් ගැන (දී)
බිස්නස් කරන්නේ දෙසපාලකයන්ගේ රැකවරණ ඇතුව මේවා ඉතින් හුඟක් වෙලාවට යට යනවා ඕනෙනම් අල්ලපු මහත්තුරු ටික කොහෙට හරි මාරු කරලා දායි (දී)
100 - 200 එක පාර ලෙඩ වෙන්නේ මේවා කාල තමයි (දී)
හොද වැඩක් කරලා තියෙන්නේ. (දී)