පරිභෝජනයට නොසුදුසු කල් ඉකුත් වූ හාල්මැස්සන් කිලෝ 20000ක් පමණකොළඹ කේසර වීදියේ ගබඩාවක තිබී සොයාගත් බව පාරිභෝගික අධිකාරිය කියයි. ඩුබායි සිට ගෙන්වන ලද බව කියන මෙම හාල්මැස්සන් පිරිසිදු කර යළි අලෙවි කිරීමට සූදානම් කරමින් සිටියදී මේ අත්අඩංගුවට පත්විය. එහි වටිනාකම රුපියල් ලක්ෂ 40කි. ගබඩා හිමිකරුට එරෙහිව නඩු පවරන බව පාරිභෝගික අධිකාරිය පවසයි.
2025 දෙසැම්බර් මස 30
66
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
348
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නරක් වූ හාල් මැස්සන් කවන්න බැරිවේ
අල්විස් Saturday, 08 February 2014 06:57 PM
හොඳ දේට අපි හොඳ කිව යුතුයි. පසුගිය මාස දෙක තුන ඇතුලත පාරිභෝගික අධිකාරිය විසින් අල්ලා ගනු ලැබූ මෙවැනි අක්‍රමිකතා නිසා මහජනයා ආරක්ෂා වුණා (දිල්)
ලෙස්ලි Saturday, 08 February 2014 08:15 PM
දැන් කොහොමද දිගට හරහට අල්ලන්නේ ඒ කියන්නේ මෙයට කලින් මේ ගොල්ලෝ හරියට වැඩ කරලා නැහැ (අ)
ආරියසේන Saturday, 08 February 2014 09:54 PM
පාරිබෝගික අධිකාරිය නොදැන වෙන දේවලුත් තියෙනව මේවා ගෙවල් වලට ආපන ශාලාවලට ගෙනල්ල අඩුමිලට විකුණන අයත් ඉන්නවා.ඒ අයගේ දුක් ගැනවිල්ල අහල ගන්න අයත් ඉන්නවා. (අ)
ලක්ෂ්මන් ජයවර්ධන Saturday, 08 February 2014 10:05 PM
අහුනොවෙන තව කොච්චර ජරාව මිනිසුන්ට මේ කූට වෙළෙන්දෝ කවනවා ඇත්ද?මේ අමනයන්ට මේ විදිහට ගන්න සල්ලි යාදෙනවද? (අ)
සත්‍යයා Sunday, 09 February 2014 02:21 AM
අපි හොඳ දේ ට හොඳ කියන්න නම් හොඳ මොකක්ද කියල මුලින්ම හඳුනා ගන්න ඕනේ. උදාහරණයක් හැටියට පොලිසිය අවංකව ම සේවය කරන විට දේශපාලකයා ඒ නිලධාරීන්ට දඬුවම් කරනවා. අපරාධ කර අසුවන පාක්ෂිකයි, හිතවතුන් ඥාතීන් නිදහස් කරනවා. පාලකයා කළු පාටට සුදුයි කියන කොට ඔව් ඔව් ඒක සුදු තමයි කියන ඇම්බැට්ටි ජනතාවකට ඉන්න වෙන්නේ හැමදාම අඳුරේ. මේක හාල්මැස්සන් ට සීමාවෙච්ච ප්‍රශ්නයක් නොවේ. (අ)
සත්‍යයා Sunday, 09 February 2014 04:03 AM
අපි හොඳ දේ ට හොඳ කියන්න නම් හොඳ මොකක්ද කියල මුලින්ම හඳුනා ගන්න ඕනේ. උදාහරණයක් හැටියට පොලිසිය අවංකව ම සේවය කරන විට දේශපාලකයා ඒ නිලධාරීන්ට දඬුවම් කරනවා. අපරාධ කර අසුවන පාක්ෂිකයි, හිතවතුන් ඥාතීන් නිදහස් කරනවා. පාලකයා කළු පාටට සුදුයි කියන කොට ඔව් ඔව් ඒක සුදු තමයි කියන ඇම්බැට්ටි ජනතාවකට ඉන්න වෙන්නේ හැමදාම අඳුරේ. මේක හාල්මැස්සන් ට සීමාවෙච්ච ප්‍රශ්නයක් නොවේ. (අ)
ගංගෝ Sunday, 09 February 2014 05:53 AM
ඔය වගේ හල මැස්සන් ගොඩක් ඇල්ලුවා. නමුත් තෝරු මෝරු අල්ලන්නේ නෑ.අද මම බිව්වා ශ්‍රිලංකාවේ තේ ,ඒවා පැකට් කරලා තිබුනේ ඩුබියි වලින් . එහෙටත් අරින්න හැදුව කසල තේ කොළ . මේ වැඩ කරන මිනිසුන්ට උපරිම දඩුවම දෙන්න ඕන ,ඕකට හරිම කෙනා ගොඨාභය කියල මම හිතනවා.(අ)
හචිකෝ Sunday, 09 February 2014 08:29 AM
අපේ රටේ නියම ප්‍රමිතියට අපට ලබා ගත හැකි දේ මොනවද කියල කවුරු හරි මට කියාදෙන්න ? (නදී)
අනුරාධ Sunday, 09 February 2014 09:29 AM
කොහෙද යන්නේ මල්ලේ පොල්. (අ)
අජන්ත Sunday, 09 February 2014 10:45 AM
නිකන් හිතන්න ගඳ ඇති පලාතම (දී)
මලක Sunday, 09 February 2014 10:46 AM
මට දුක මේක අල්ලපු නිලධාරීන් ගැන (දී)
පිටබැද්දර ජයා Sunday, 09 February 2014 10:46 AM
බිස්නස් කරන්නේ දෙසපාලකයන්ගේ රැකවරණ ඇතුව මේවා ඉතින් හුඟක් වෙලාවට යට යනවා ඕනෙනම් අල්ලපු මහත්තුරු ටික කොහෙට හරි මාරු කරලා දායි (දී)
පාලින්ද Sunday, 09 February 2014 12:36 PM
100 - 200 එක පාර ලෙඩ වෙන්නේ මේවා කාල තමයි (දී)
ලක්මාල් Sunday, 09 February 2014 12:38 PM
හොද වැඩක් කරලා තියෙන්නේ. (දී)