
(ගයාන් සුරියආරච්චි)
මඩකළපුව බන්ධනාගාරය තුළට මත්ද්‍රව්‍ය රැගෙන ගිය එම බන්ධනාගාරයේ නියාමකවරයකු අත්අඩංගුවට ගත් බව මඩකලපුව පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහබුලන්කුලම ප්‍ර දේශයේ පදිංචි 55 හැවිරිදි බන්ධනාගාර නියාමකවරයෙකි.
එම නියාමකවරයා බන්ධනාගාරය තුළට මත්ද්‍රව්‍ය රැගෙන යන බවට ඇති වූ සැකයක් මත බන්ධනාගාර නිලධාරීන් කළ පරීක්ෂාවකදී සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 800 ක් හමුවී ඇති බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු කාලයක් තිස්සේ මත්ද්‍රව්‍ය බන්ධනාගාරය තුළට රැගෙන ගියේද යන්න සහ බන්ධනාගාරය තුළ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණේද යන්න පිළිබදව වැඩිදුර විමර්ශන සිදුකෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd