යුද්ධයේදී මියගිය නෑයන් සමරා පහන් පත්තු කර ඔවුන් සිහිකිරීමට උතුරු පළාත් සභාවේ මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් ඇතුළු ද්‍රවිඩ ජාතික සන්ධානය යුද්ධයේ අවසන් අදියර සිදුවූ මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් වෙරළ අසලට රැස්වීමට යති.
මහ ඇමැතිවරයා තවත් මිනිත්තු 10කින් එහි පැමිණෙතියි දෙමළ සන්ධාන මන්ත්‍රීවරයෙක් කීවේය.
තහනම් සංවිධානයක් වූ කොටි සංවිධානය සැමරීම හා පෙළපාලි යාම අද සිට සතියක් පුරා මුලතිව් මහේස්ත්‍රාත් විසින් තහනම් කරනු ලැබ ඇත.
උසාවි නියෝගය අනුව තමන් කොටියන් නොසමරන බවත් මියගිය නෑයන් සමරන බවත් දෙමළ සංවිධානය කියයි.
එම ප්‍රදේශයට පැමිණ සිටින පොලිසිය කියනුයේ උසාවි නියෝගය කඩ කළහොත් එවැනි පුද්ගලයන් අත් අඩංගුවට ගන්නා බවයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලයාගේ ඇවෑමෙන් මේවා මැකීයාවී.(ම)
අපිට හිතෙන දේ මෙතන අදහසක් විදියට දැම්මොත් සමහරු කියයි ජාතිවාදය අවුස්සනවා කියලා. (නි)
දෙගොල්ලම උගුරට හොර බෙහෙත් බොනවා. (ර)
ඕවට සැලෙන්න එපා සමීර, (හේ)
ඕක කට්ටියත් එක්කම තමිල් නඩුවට ගිහින් ජයලලිත එක්ක සැමරුවනම් හොද අපිට පව් නොදී! (ර)
මේ කට්ටිය රටක් විදියට නොහිතා ත්‍රස්තවාදීන්ට උඩගෙඩි දෙන අයයි බෙදුම්වාදය කරපින්නාගෙන යනෙකයි කරන්නේ.(කේ)
නෑයන්ට එරෙහි යුද්දයක් යුද අපරාදයක්ද? (ම)
ඉක්මන් නොවී තව පැය 24ක් ඉවසීමෙන් බලා ඉඳිමු. (නි)
තමන්ගේ මියගිය නෑදෑයන් වෙනුවෙන් පහනක් පත්තු කරන එක වරදක්ද? (නි)
මට මේ ගැන මොනවා කියන්නද කියලා හිතාගන්න අමාරුයි (නි)
කැලය මාරුවුණාට කොටියාගේ පුල්ලි මාරුවුණේ නැත. මොවුන් දන්නා යථාර්ථයක් ඇත. එනම් ෆෙඩරල්වාදීන් ඔවුන්ට මේ වරදට දඬුවම් නොදෙන බවයි. මොනවා වුණත් අපිට දැන් එකක් නම් පැහැදිලිය. ඒ මැරිච්ච කොටින්ට නම් නායකයෝ ගොඩක් ඉන්නවා යන්නය. (නි)
අවසාන යුද්දයේදි මියගිය හමුදා නොවන හැම කෙනෙක්ම කොටි සාමාජිකයෙක් නොවේ නේද? (නි)
පව් අපේ රණවිරු වෝ ...(බ)
ඒකීය රටක් තුළ එකම ධජයක් යටතේ ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් මියගිය කෙනෙක් වේ නම් ඒ අය සැමරීම කළයුතුය.නමුත් මෙතන වෙන අරමුණකින් සිදුවන ක්‍රියාවක් බව මනාවට පැහැදිලිවෙනවා, මේ දමිළ දේශපාලකයන්ගේ ක්‍රියාපටිපාටියෙන්. මේ අයට ඕනෑ නැවතත් මේ රට අකර්මන්‍ය කරලා ජාතින් අතර අසමගිය ඇතිකරවන්න. (නි)
ශ්රී ලංකා හමුදාවන් බෙදුම්වාදී එල්.ටී.ටී.ඊ භාරයේ පැවැති වෙල්ලමුල්ලිවයික්කාල්හි අවසන් බිම් කඩත් ඔවුන්ගෙන් මුදාගනිමින් ශ්‍රී ලංකාද්වීපයම එකම ධජයක් යටතට පත්කෙරුණේ 2009 වසරේ මැයි මස 18 වැනි සඳුදා දිනකදීය. ආරක්ෂක හමුදාව සටන්කළේ දෙමළ ජනතාව සමග නොව බෙදුම්වාදී කොටි සමඟය. මෙම කටයුත්ත අවසන්වීමෙන් රටේ සියලුම දෙනා නිදහස ලැබීය. අපිටත් වැඩිය උතුරේ දෙමළ ජනතාව අද නිදහසේ දෛනික වැඩකටයුතු හොඳින් කරගෙන යයි. නමුත් ජාතිවාදී අදහස් ප්‍රකාශ කරන්නේ දේශපාලන හොරුන්ය. (නි)
අනේ අපි මොකුත්ම කියන්නේ නැහැ (නි)
මියගිය අය වෙනුවන් සැමරීම කමක් නැහැ, කොටි ලේබල් නොදා. (නි)
අපිට ඕනෑ කෙනෙක් ඕනෑ තැනක සමරගත්තට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ආයෙත් ඔය කිසිදෙයක් ගොඩනගන්න ඉඩතියන්නේ නැහැ. ඒකට අපි දෙපාරක් හිතන්නේ නැහැ. (නි)
පහනක් විතරනේ පත්තු කරේ. ඒ නිසා වැඩිය ඒ ගැන හිතන්න එපා.(හේ)