ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරිමේ අධිකාරිය හෙවත් නයිටා ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස විෂමාචාර චෝදනා එල්ල වූ පුද්ගලයෙකු පත්කිරිමේ සූදානමක් ඇතැයි වෘත්තිය පුහුණු රාජ්‍ය අමාත්‍යංශ ආරංචි කියයි.
එවැන්නකුට උසස් තනතුරක් ලබා දෙන්නේ කෙසේදැයි විමසමින් රාජ්‍ය ඇමැති පාලිත රංගේබණ්ඩාර මහතා අමාත්‍යංශ ලේකම්, නයිටා සභාපති ඇතුළු පිරිසකගෙන් ලිඛිතව කරුණු විමසා තිබේ.
මෙම පුද්ගලයාට එරෙහිව විගණන වාර්තාවකින් චෝදනා එල්ල වී ඇතැයි ද ඇමැතිවරයා පවසයි.
යහපාලනයේ අර්ථය සුණුවිසුණු කර දමන මෙවැනි තත්ත්වයන්ට එරෙහිව තමන් නොබියව හා නොපැකිලිව පෙනී සිටින බව ඇමැතිවරයා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද රටේ මොන දේ වෙන්නෙත් ඉතින් මෙහෙමනේ (නි)
මේක යහපාලනය නොවේ, යමපාලනයක් (නි)
ඔබ හරි ඇමතිතුමා. අන්න එහෙම හැමතැනම වෙනවා නම් කොච්චර හොඳද? (නි)