ඇමතිතුමා මාත් එක්ක පැටලෙන්න එපා අනර්කලී වගේ නෙවෙයි මාත් එක්ක පැටළුණොත් අවුරුදු විස්සකට හිරේ යවනවා යැයි දකුණු පළාත් සභා මන්ත්‍රිණී ගීතා කුමාරසිංහ මහත්මිය සුළු අපනයන බෝග සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතාට කීවාය. ඇය මෙසේ කියා සිටියේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලෙය් දී අද පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අතරතුරදීය.
බෙන්තර ඇල්පිටිය ආසනයේ කැටගොඩ සතිපොල ඉදිකිරීම සම්බන්ධයෙන් ඇතිවූ සාකච්ඡාවක දී මුලසුන හෙඹවූ නියෝජ්‍ය අමාත්‍යවරයා ගීතා කුමාරසිංහ මහත්මියට නිශ්ශබ්ද වන්නැයි පැවසීමත් සමඟ
‘‘ ඇමතිතුමා කටවහගන්න. මට අපහාස වෙන විදියට කතා කරන්න එපා“ යැයි කීවාය.
‘‘ මා අනර්කලී සමග පැටලිලාල හිරෙත් ගිය මිනිහෙක් යැයි“ ඒ අවස්ථාවේ නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීමත් සමග ගීතා කුමාරසිංහ මහත්මිය කියා සිටියේ තමන් අනර්කලී මෙන් නොවන බවයි. ‘‘ ඒකට මට කමක් නැහැ. ඇමතිතුමා මාත් එක්ක පැටලෙන්න එපා. මම ඔයාව හිරේට යවන්නේ අවුරුදු 20ට“ යැයි කීවාය.
2025 දෙසැම්බර් මස 04
710
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
451
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නියෝජ්‍ය ඇමතිව වසර 20ට හිරේ යවන බව ගීතා කියයි.