නව රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරු කිහිප දෙනෙක් අද(31) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී දිවුරුම් දුන්හ.
ඒ අනුව මුදල් රාජ්‍ය ඇමැතිවරයා ලෙස එරාන් වික්‍රමරත්න මහතා ද , ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ද මීට සුළු මොහොතකට පෙර ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
මේ අතර විදේශ කටයුතු රාජ්‍ය ඇමැති ලෙස වසන්ත සේනානායක මහතා ද වාරිමාර්ග රාජ්‍ය ඇමැති ලෙස පාලිත රංගේ බණ්ඩාර මහතා ද ජනපති ඉදිරියේ දිවුරුම් දුන් අතර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැතිවරයා ලෙස ද දිවුරුම් දුන්නේය.
කරුණාරත්න පරණවිතාන මහතා නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය ඇමැතිවරයා ලෙසත් සමාජ සවිබලගැන්වීම්, සුබ සාධන සහ කන්ද උඩරට උඩරට උරුමයන් පිළිබඳ නියෝජ්‍ය ඇමැති ලෙස රංජන් රාමනායක මහතාත් අද දිවුරුම් දුන්හ.
මේ අතර මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති ලෙස ලසන්ත අලගියවන්න මහතා අද පස්වරුවේ ජනපති ඉදිරියේ දිවුරුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගංවතුරට අඩුව තිබ්බේ ඕක විතරයි.
රටේ කොටසකට ගංවතුරෙන් හානිවෙලා , මින්ස්සු 200ක් විතර මැරිලා තව ලක්ෂ 5 ක් විතර යන එනමන් නැතුව ඉන්නවා. මේ ආණ්ඩුවේ ඉන්න ඇමතිලට සහ නායකයන්ට ඒවායේ වගේ වගක් නැහැ, ඒ අස්සෙත් ඇමති තනතුරු දෙනවා.
ආපදා - ගංවතුර - නායයාම් - ආධාර බෙදිලි.... මේ හැමදේටම වඩා වැදගත් නෙවෙද නියෝජ්‍ය - රාජ්‍ය ඇමතිකම් බෙදිල්ල...
ඔන්න දැන් ගං වතුර ප්‍රශ්නෙත් ඉවරයි. එච්චරනේ ප්‍රශ්නෙකට තිබ්බේ.
රටේ මෙච්චර දෙයක් වෙලා තියෙද්දී බල තණ්හාව.
ගංවතුර ඇමති සහ නියං ඇමති තනතුරු දෙකකුත් කැබිනට් එකට ඇතුලත් කලානම් සියල්ල සම්පුර්ණයි .
දැන් රට සෞභාග්‍යයෙන් සමන්විත වෙයි. දැන් නම් රටට දෙවියන්ගේම පිහිටයි.
"අතීසාරයට අමුඩ ගැහුවා වගේ" මෙන්න රටේ දැවෙන ප්‍රශ්නය.
ගං වතුර අපිට.. හේතුව මේ අයට චන්දෙ දුන්න පාපයට..
නන්ද, ගං වතුර තිබුනේ අපිටනේ. නැත්නම් ඕස්ට්‍රේලියාවේ, ඇමෙරිකා යයිද රටේ මෙච්චර ව්‍යසනයක් වෙලා තියෙද්දී
ෂා... මේ වෙලාවේ ගන්න ඕන හොඳම තීරණය තමයි අරන් තියෙන්නේ දැන් ඉතින් කිසිම කරදරයක් නැතුව ගං වතුරෙන් නායයාම් වලින් අවතැන්වුණු අහිංසක මිනිස්සුන්ට ගෙවල් ටික ඉබේම හැදේවි. ගං වතුර ටිකත් ඉබේම බැහැලා යාවි. තවමත් ලංවෙන්නවත් බැරි පැති තියෙනවා මිනිස්සු අවතැන් වෙච්ච... ඒ මිනිස්සුන්ට කන්න පාන් කෑල්ලක්වත් නැහැ. අනේ දෙවියනේ රත්නපුරයට කළුතරට ආවවගේ ලොකු ගං වතුරක් ඔය දියවන්නාව පැත්තටත් එනවානම්....
ආණ්ඩුවේ වැඩ පිළිවෙල හොඳ නැහැ. වෙන රටවල රාජ්‍ය නායකයින් මෙවැනි විපතක් වුණ තැන අඩු වශයෙන් ගිහිල්ල බලල මිනිසුන්ට කතා කරනවා. අපේ ජනාධිපති හෝ අගමැති නිකමට වත් ගිහින් කරදරයට පත් වී ඇති මිනිසුන්ට කතා කලේ නැහැ. ඒ වෙනුවට විවේක ගන්න යනවා නැත් නම් ඇමතිවරු පත් කරනවා.
සන්සුන් වෙන්න. දැන් මියගිය දරුවන් සිහි කරන්න. අඬන මාපියන් සිහි කරන්න. ජාතික ශෝක දිනයක් සිකුරාදාට යොදන්න. 2004 වගේ ආගමික හා දේශපාලන සියලු දෙනා එක්වී එක තැනක කරන්න. ජනපතිට කියන්න. ජනපති, අගමැති ආගමික නායකින් එක්වී උප කැබිනට් මණ්ඩලයක් පත් කරන්න. කොටින්ට අමතරව , අහිංසක ජීවිත නැති කිරීමේ සාපය සහ දකුණේ මුදල් තරගයට ගසා කෑම, දකුණට බලපා තිබේ. එසේ නොකර ඊළඟ දරුණු විපත වන තුරු නොසිටින්න. ගෙවල් සාදන විට අමතක නොකරන්න...
මේවා වැඩක් නැති වැඩ.. සොබාදහමින් වුණත් දඬුවම් දෙන්නේ ඒකයි...
සාලාවේ ගෙවල් තවම හදනවා. මේවා හදනකොට තව අවුරුදු ගණනාවක් ම යයි .
දේශපාලන බලපුළුවන්කාරකම තමයි. සත්‍යය දැන්වත් වැටහේවා !!!
ඉත්තන් කොහොම ඇද්දත් දැන් නම් තරගය පරාද වෙලා ඉවරයි.
දැන් රටට වෙන්න ඕන මේවද? කලකිරෙනවා මේවා දැක්කාම. යකෝ රටේ මෙච්චර විපතක් වෙලා තියෙද්දී මේවාද රටේ දැවෙන ප්‍රශ්න? විපතක් වුණ පළාත්වල දැකපු නැති දේශපාලුවෝ දිව්රුම් දෙන්න නම් ඇවිත්.... බල තණ්හාවට පුළුවන් තරම් බොරු කියලා ආණ්ඩුවක් බිමට සමතලා කරලා දාලා අලුත් ආණ්ඩුවක් හදලා මුළු රටම යයි ආපස්සටම... ගංවතුර, සුනාමි ඇවිල්ලා ගහගෙන ගියත් ඒවා ඒ අයට අදාල නෑ....
මේ ආණ්ඩුවට පුළුවන් "රැවුල ගිනිගද්දී සුරුට්ටු පත්තු කරන්න" විතරයි...
නැව ගිලුණත් බෑන්ඩ් චූන් !!!
ගංවතුර නායයාම් කියන්නේ ආණ්ඩුවේ තවත් බිස්නස් එකක් දැන් පිටරටවලින් ලැබෙන අධාර ටික බෙදන්න ඇමතිලා කොච්චර ඕනද අනේ මෙහෙම රටක්
අපේ රටේ පාලනය හා පාලකයන්ට වඩා සූර පප්පා කථා මාලාව මීට හොඳයි..
මෙහෙම වුණොත් රටට කුමක් වෙයිද?
දකුණු පළාතට ගංවතුර බලපෑමට හා ගංවතුර බැසනොයාමට මූලික හේතුව සැලැස්මකින් තොරව කලින් ආණ්ඩුව කරන ලද සංවර්ධනයයි. අනිවාර්යයෙන්ම ආපදාවට ලක්වූවන්ට සහන සැලසිය යුතු අතර රාජ්‍ය යාන්ත්‍රණය නුසුදුස්සන්ට අවශ්‍ය පරිදී කඩා වැටීමට දියයුතු නැත. රාජ්‍ය යාන්ත්‍රණය පවත්වා ගැනීමට අදාල අමාත්‍යාංශ සඳහා ඇමතිවරු හා නියෝජ්‍ය ඇමතිවරු අනිවාර්ය වේ. අාපදාවකදී හා හදිසි අවස්ථාවකදී අවශ්‍ය වන්නේ පෙර මෙන් ජනාධිපතිතුමා හෝ අගමැතිතුමා වතුරට බැසීම හෝ ජනතාව අතරට ගොස් මාධ්‍යයට පෙනීසිටීම නොව ඕනෑම ස්ථානයක සිට තීන්දු තීරණ ගෙන ප්‍රතිපාදන නිදහස් කිරීමට අවශ්‍ය පසුබිම සකස්කිරීම හා ජාත්‍යන්තර සහයෝගය ලබාගැනීමයි. මේ වනවිට එය නිසියාකාරව සිදුවන අතර ප්‍රාදේශීය දේශපාලකයින් හා පරිපාලන නිලධාරීන් තම වගකීම හරියාකාරව ඉෂ්ට කරන්නේනම් ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ගන්නා උත්සාහය සාර්ථක වනු ඇත.
කාලගූණේටම බැන බැන ඉන්නේ නැතූව අඩුපාඩු වෙලා තියෙන්නේ කොහේද කියලා හොඳට හොයලා බලන්න. නැත්නම් ඊලඟ ආපදාවෙන් පස්සෙත් ආයෙත් වරක් කාලගූණේටම බනින්න පුළුවන්...