(රංජන් කස්තුරි)
ඉදිරියේ දී නියෝජ්‍ය අමාත්‍ය ධූරවල සහ රාජ්‍ය අමාත්‍ය ධූරවල ද වෙනසක් සිදුවිය හැකි බව රජයේ ආරංචි සඳහන් කරයි.
නව කැබිනට් සංශෝධනයෙන් පසුව කැබිනට් අමාත්‍ය ධූර හා රාජ්‍ය හෝ නියෝජ්‍ය අමාත්‍යධූර එකම දිස්ත්‍රික්කයකට හිමිවීම හා ඇතැම් කැබිනට් ඇමැතිවරුන් සහ රාජ්‍ය ඇමැතිවරුන් අතර පවතින අමනාපකම් ආදී හේතූන් මත මෙම සංශෝධනය සිදුවිය හැකි බව ද එම ආරංචි පවසයි.
කැබිනට් මණ්ඩල සංශෝධනයෙන් පසු විදේශ අමාත්‍යවරයා සහ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කිරීමත් මුදල් අමාත්‍ය ධූරය දරන මංගල සමරවීර මහතා සහ මුදල් රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මාතර දිස්ත්‍රික්කය නියෝජනය කිරීමත් ආදී කරුණු හා වෙනත් කරුණ පදනම් කරගනිමින් රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන්ගේ වෙනසක් සිදුවන බව කියැවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මැතිවරණ සංශෝධනයේ මූලික අරමුණ මහ, රාජ්‍ය, නියෝජ්‍ය ඇමතිවරුන්ගේ එකතුව 20 ට අඩු කිරීම නම් මේක ජනතාවගේ ජයග්‍රහණයක්....
කඳුරට උරුමයන් පිලිබඳ ඇමති කියලා අලුත් එකක් දීල තියනවා දැක්කා. "කඳුරට උරුමයන් පිළිබඳ ඇමැති" කියන්නේ මොකද්ද? ඔය පෞරාණික විහාර, දේවාල එහෙම අතුපතුගාලා ශුද්ධපවිත්ර කරලා තියනවාද කියලා බලන ඇමතිකමද? එහෙම නැත්තන් ඒ දේවාලවල දෙවිවරු ගැන හොයලා බලන ඇමතිකමද?
ජනාධිපතිතුමනි, ඔබතුමාගේ අභීත නායකත්වය,වංචා දුෂණ නැති කැබිනට් මණ්ඩලයක් පත් කිරීම ගැන රටේ හැමෝම ගොඩක් සතුටෙන් ඉන්නේ... අගමැතිතුමාගේ නායකත්වයෙන් රැකියා දස ලක්ෂයක් දීමත් සිදුවෙමින් පවතිනවා.... අත මිට සරු කාලයක් හැමෝටම තියෙන්නේ ඔබතුමා නිවැරදිව ක්‍රියා කරන නිසා... අපේ සුබ පැතුම්!!!
අලුතෙන්නේ ඇමැතිවරු හදල ගාන තව වැඩිකරලා තියෙන්නේ. මෙහෙමත් මිනිස්සුද මේ රටේ ඉන්නේ !!! අනේ අපොයි...
ඇමති සංශෝධනයෙන් කැබිනට් එක රාජ්‍ය ඇමතිධූර තව ටිකත් වැඩි වුනා. නියෝජ්‍ය ඇමැතිධූරත් තව වැඩිවෙයි හෙට අනිද්දා වැඩිවෙයි. ජනතාව තව පටිතදකර ගන්න. ජනතාවට වුන එකම සෙතේ තව අමාත්‍යාංශ මැති ඇමති පරපුර නඩත්තු කිරීමට වීම.
කඳුරට උරුමය කියල අලුත් ඇමතිකමකුත් හදපු එකේ 20ට එන්න ටිකක් කල් යයි වගේනේ.....
රටේ ජනතාවට අබ සරණම තමයි !