තමන්ගේ මානව හිමිකම් භුක්ති විඳීමට නම් අන් අයගේ මානව අයිතිවාසිකම් සුරැකිය යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිනි දීපිකා උඩගම මහත්මිය පැවසූවාය.
68 වැනි ලෝක මානව හිමිකම් දිනය උදෙසා 'නැඟී සිටිමු අන් අයගේ මානව හිමිකම් වෙනුවෙන්' යන තේමාවෙන් මානව හිමිකම් කොමිසම සංවිධානය කළ ජාතික මානව හිමිකම් දින වැඩසටහන අමතමින් ඇය මේ බව කීවාය.
“නියෝජිත දේශපාලනය නිසා ජනතාව දුර්වල වෙනවා.ඡන්ද කාලෙට ඡන්දය දෙනවා.ඊට පස්සේ තමන්ගේ රජකාරිය ඉවරයි කියලා හිතනවා.දේශපාලන නියෝජිතයන් හැමදේම කරන තුරු බලන් ඉන්නවා.අපේ අයිතිය වෙනුවෙන් අපි පෙනී සිටින්න ඕනෑ.අනුන්ගේත් මානව අයිතිය වෙනුවෙනුත් පෙනී සිටින්න ඕනැ“යැයීද ඇය කීවාය.
මෙම තේමාව අර්ථවත් කරමින් නාට්‍යයක්ද රඟ දැක්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතාව ඇත්ත. ඒ වුනාට අයිතිවාසිකම් රැකුනාද කියා සොයා බලන්න ඉස්සරවෙලා මේ කියන අය සැබෑ මානව වර්ගයට අයත්ද කියල සැක හැර ගන්න ඕනේ. (ම)
කතා අහලා නම් අපිට දැන් ඇතිවෙලා (නි)
මේවා හැමදාම කියන වැදගැම්මකට නැති කතා,.(ම)