2017 වර්ශයේදි මෙරට නියගයක් ඇති වුවත් සහල් හිගයක් ඇති නොවීම සදහා අවශ්‍ය කටයුතු කිරිමට දැනටමත් ක්‍රියාමාර්ග ගෙන ඇතැයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ඡනරාල් ආචාර්ය රොහාන් විඡේකෝන් මහතා පැවැසිය.
මේ වන විට මාස දෙකහමාරේ වී ප්‍රභේදයක් වන බී.ඡි. 250 වගා කළ ගොවීන්ගේ වී බුසල් 1000 ක් පමණ සහතික කර බීඡ සදහා ඊළඟ යල කන්නයේ වගා කිරිම සදහා ගොවීන් අතර ලබා දීමට කටයුතු කිරිම අරඹා ඇති බව ද කෘෂිකර්ම අධ්‍යක්ෂ ඡනරාල් වරයා කීවේය.
වි වගාව පමනක් නොව එළවලු පලතුරු වගාවන් සදහා ද නියගයට මුහුණ දිම සදහා කෘෂිකර්ම ඇමැති සමග සාකච්ඡා කර ක්‍රම වේදයක් සකසා ඇති බව ද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොච්චර වී වගාකළත් වැඩක් නැහැ වි අළෙවි මණ්ඩලය සහල් සතොස හරහා බෙදන්නේ නැතුව පුද්ගලික මෝල් හරහා බෙදාහැරීම කරනවා නම්. මේ නිසා මිල තීරණය කරන්නේ මෝල්කාරයෝ. සහල් මිල ගිනි ගණන්. මීටවැඩිය හොඳයි සහල් පිටරටින් ගෙන්වන්කොට ගහන බදු ඉවත් කළා නම්. ආණ්ඩුව පොහොර සහනාධාර දීලා, වී අළෙවි මණ්ඩලේ නිලධාරීන්ට වැටුප් සහ වෙනත් දීමන දුන්නත් මෙහි ලාභය ලබන්නේ පුද්ගලික වෙළෙන්දෝ. කරුණාකර ඉල්ලුම සහ සැපයුම මත සහල් මිල තීරණය වන්න ඉඩ හරින්න. රටින් ගෙනෙන්න සහල් වලට බදු ගැසීම නවත්වන්න (නි)
දන්නවද වී බුසල් 1000 වපුරන්න පුළුවන් වපසරිය? මට නම් මේක හරියට මහවැලි ගඟට පොල් ලෙල්ලක් දැම්මා වගේ. අපූරුවට නියඟෙට මුහුණදෙයි මන්ත්‍රීලා, ඇමතිලා ටික නම්. දුප්පතුන් ටික මැරිලා යාවි (නි)