නියඟය නිසා උඩරට හා පහතරට තේ නිෂ්පාදනය පහත වැටී ඇත. නුවරඑළිය කළුගල බ්‍රෝඩ්ලන්ඩ්ස් තේවත්තේ කළමනාකරු නිලන්ත වීරසිංහ මහතා පවසනුයේ පසුගිය දින 48 දීම වැසි නොලැබුණු බවයි.
ජනවාරි හා පෙබරවාරියේ දින 5ක් පමණක් වැසි ලැබුණු බවත් මේ තත්ත්වය ඉතා බරපතල ලෙස තේ නිෂ්පාදනයට බලපාන බව කියති.
දකුණු පළාතේ එවර්ග්‍රීන් සමූහයේ අධ්‍යක්ෂ ඉන්දික නල්ලපෙරුම මහතා පවසනුයේ තේ නිෂ්පාදනය 40%කින් පහත වැටී ඇති බවයි.
බොහෝ වතු වසා දමා ඇති අතර තවත් බොහෝ වතුවල නිෂ්පාදනය අඩකින් පමණ අඩුවී ඇත. නුවරඑළියේ පානීය ජලය ද ප්‍රශ්නයක් වන ලකුණු පෙනෙන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටක මෙවැනි දුර්බික්ශ එනවා පාලකයෝ ධාර්මික නැති නිසා (රේ)
රට පාවදෙනකොට ,හාමුදුරුවරු හිර කරනකොට මේවා වෙනවා ,ලෝකේ සතුටු කළාට මේ රට මෙච්චර කලක් රැකලා දීපු සිවුරට අත තිබ්බොත් ආනිසංස කොහොමත් දරුණුයි (බ)
සුරේන් - ඒ පව් ගෙවන්න වෙලා තියෙන්නෙ අහිංසක ජනතාවටද? මට මතකයි අපි පොඩිකාලේ වැස්සම මාසයක් විතර යනකන් වත්ත මැදිං සීතල දිය පාරක් ගලාගෙන යනවා අපි නාන්නත් යන්නෙ එතනට ඒත් දැං තිබ්බ ඔකකොම කොටලා බාප්පලා වගා කරනවා ඕකයි හේතුව මිනිස්සු ස්වභාවධර්මය වනසනවා ඉතිං දුක් විදින්න වෙනවා. (ර)
ලංකාව කොච්චර සුන්දර රටක්ද ?? දින 48 ක් වැසි වැටුනේ නැහැ කියන එක නුවර එලියට ලොකු දෙයක් . නමුත් මම ජීවත් වන නගරයට අවසාන වතාවට හොඳ වැස්සක් වැස්සේ 2011 පෙබරවාරි 10/11 දින දෙකේදීයි. (ර)
දැන් සෑම් කියන්නේ වහින්නේ නැති එක හොඳයි කියලද, සුන්දරත්වයෙන් වැඩක් තියෙනවද මිනිස්සුන්ට බොන්න වතුර ටික නැත්නම්... (ර)
ඉන්දු , යන්නේ කොහෙද මල්ලේ පොල් කතාවක් නේ ඔයා කියන්නේ . දින හතලිස් අටක් ( සති හතක්) වැස්ස නැති වුනේ ලංකා ඉතිහාසයේ පළමුවෙනි වතාවටද ?? හැම වසරකම සිංහල අවුරුද්ද ලබන්නේ නියඟයක් සමගයි . ලංකාව වගේ වාසනාවන්ත රටක සති කිහිපයක් වැස්ස නැති වුනත් ඒක නියඟයක් ලෙස සලකනවා. ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ උතුරු පෙදෙසට 1992-2006 වසර දාහතරක් හරි හමන් වැස්සක් නැතිව හිටියා . ලංකාවේ ඉන්න මිනිස්සු ලංකාවට ගරහනවා මිසක් තමන් කොයි තරම් වාසනා වන්ත රටක ඉපදිලා තියනවාද කියලා තේරුම් ගන්නේ ලෝකයේ වෙනත් රටවලට ගියාමයි (බ)
සෑම් ඔබගේ කමෙන්ට් එක දැකපුවම පුදුම හිතෙනවා. අපේ ලංකාවත් එක්ක පිටරටවල් සංසන්දනය කරන්න එපා. මේ වගේ නියගයන් ලංකාවට එන්නේ බොහොම කලාතුරකින්. අපේ පළාත්වල දැනටම තේ වතුවල ගන්නම දෙයක් නැහැ. සිංහල අව්රුද්ද කවමදාකවත් නියගයක් එක්ක ලබන්නේ නැහැ. අපේ පලාත්වල ඒ කාලෙට හැමදාම වැස්ස. (ර)
සුමිත්‍රා බස්නායක , මම ඔබගේ කියමන ගැන පුදුම වෙනවා . මට තාම මතකයි ඉස්සර ලංකාවේ ඉන්න කාලේ (මේ කියන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ) සිංහල අව්රුද්දට බයිසිකල් රේස් වලට වතුර ගහන්න ළිං වල වතුර නැතිව දුර තියන ළිං වලට ගිහිල්ලා පාන්දරම බැරල් වලට වතුර එකතු කරලා ලැහැස්ති වුන හැටි . ඔබයි මමයි කතා කරන්නේ එකම ලංකාව ගැනද කියා හිතෙනවා . හැබයි මම කතා කරන්නේ 1990 ට පෙර ලංකාව ගැනයි . (ර)
නැවත වැසි පැමිණියත් මියගිය තේ ගසට යලිපණ දෙන්න හැකිද? පවතින රජය මෙන්ම ස්වාභාව ධර්මයද අපට රිදවයි. පවතින තේ මිලත් සමග අපට යලි හිස එසවීමක් හිතාගන්නටවත් බැරිය.(බ)