(දයාරත්න ඇඹෝගම)

නියගයෙන් පිඩාවට පත්වු ගොවි ජනතාව වෙනුවෙන් රුපියල් මිලියන හත්දහසක මුදලක් ලබාදි ඇතැයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා කියයි.

“පසුගිය කාලයේ ඇතිවු දැඩි නියගය හේතුවෙන් ආහාර නිෂ්පාදනය 40%කින් අඩු වුණා.මේ නිසා අපට සහල් පිටරටින් ආනයනය කරන්න වුණා.පසුගිය මාස දෙකේදි සහල් මෙට්ටි‍්‍රක් ටොන් ලක්ෂ දෙකක් ගෙන්වලා තිබෙනවා.තවත් සහල් මෙට්ට‍්‍රික් ටොන් ලක්ෂ දෙකක් ගෙන්විමට උපදෙස් ලබාදි තිබෙනවා.

මේ නිසා රටේ සහල් හිඟයක් හෝ මිල වැඩිවිමක් වෙන්නේ නැහැ“යැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.

අනුරාධපුර මහජන ක‍්‍රිඩාංගනයේදි පැවති ගොවි සංවිධානවලට නොමිලේ කෘෂි යන්ත‍්‍ර බේදා දිමේ ජාතික මහෝත්සවයට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසිය.