දරුණු නායයෑම් ඇති වීමට හේතුව වසර ගණනාවකට එපිට නායයෑම් සිදුවු ප්‍රදේශවල ජනතාව නොදැනුවත්ව ජනාවාස ඇතිකර ගැනීම බවත් අධික වර්ෂාව හේතුවෙන් මීට පෙර සිදුවු නායයෑම් සක්‍රියව වර්ධනය වීය හැකි බවත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භු විද්‍යා පිළිබඳ මහාචාර්ය කපිල දහනායක මහතා පවසයි.
අරණායක නාය ගිය ප්‍රදේශයේ කළ සංචාරයේදි එම තත්වය නිරික්ෂණය කළ හැකි වු බවත් මහාචාර්යවරයා පැවැසිය.
මෙවන් ආකාරයේ නායයෑම් මහනුවර, මාතලේ, නුවරඑළිය, රත්නපුර, හම්බන්තොට, ගාල්ල, මාතර, කළුතර, ගම්පහ යන දිස්ත්‍රික්කවල ඇතිවිමට බොහෝ සේ ඉඩ කඩ ඇති බවත් මෙවන් නායයෑම් ඇති විය හැකි ස්ථාන හඳුනාගෙන එහි වෙසෙන පිරිස් කල් තියා ඉවත් කිරිම හෝ ඔවුන්ට වෙනත් ස්ථාන ලබාදීම කළ යුතු බවත් දහනායක මහතා කීවේය.
නායයෑම් ඇරඹුණු විට පැයට කිලෝමීටර් 10 කටත් වඩා වැඩි වේගයකින් ගලා හැළෙන බවත් එයින් අනතුරු ඇතිවීමේ හැකියාව වැඩි බවත් මහාචාර්යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපට දැන් අවශ්‍ය වන්නේ කාලගුණික ව්‍යයසනය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ නොව ඉවක් බවක් නැතුව වනාන්තර එළිකරන දේශපාලන හෙන්චයිලාගෙන් සිදුවන ජාතික විනාශය වළක්වාලන සක්‍රීය වැඩපිළිවෙලක්. මෙතෙක් ලංකාව විනාශ කරන්න දායකවූ කිසිම දේශපාලන තක්කඩියෙක් වෙනුවෙන් මැතිවරණ කාලවලදී ඉදිරිපත් නොවන්න ඒකාබද්ධ ව්‍යාපාරයක් දියත් කළයුතුයි. පොළව රැකගත්තොත් රට රැකේ කියලා සැවොම හිතන දවස වහාම උදා කරගත යුතුයි. (නි)
මොන ව්‍යයසන අාවත් මිනිස්සු කැමති තමන්ට හුරුපුරුදු තැනටමයි. හරියට මැති ඇමතිවරු පාර්ලිමේන්තුම එන්න දඟලනවා වගේ (නි)
මධ්‍යම කදුකරේ ජනතාව අඩු කර හැකි තරම් වනාන්තර ඇති කල යුතුයි. (ර)
මේ වගේ දේවල් කව්රු කිවුවත් වැඩක් නැහැ. උදාහරණයක් කිවුවොත් මහනුවර මහා රෝහලට උඩින් තිබෙන හන්තාන කඳු බැවුම වරින්වර නායයාම් සිදුවුන ප්‍රදේශයක්. මේ වෙනකොටත් අනවසර ඉදිකිරීම් සිදුවෙනවා. මෙය මහ රෝහලටත් කවදා හෝ විශාල ප්‍රශ්නයක් වෙනවා. නිවැරදි දැකීමක් නැතිකම තමා හැමදේටම මුල. (නි)