(විනීතා එම් ගමගේ)
‘ජනාධිපතිතුමා දන්නේ නැහැ එතුමා ජනාධිපති බව. රනිල් මහත්තයා දන්නේ නැහැ එතුමා අගමැති බව, හිතාගෙන ඉන්නේ විපක්ෂ නායක කියලයි. මහින්ද මහත්තයා හිතාගෙන ඉන්නේ එතුමා ජනාධිපති කියලයි. චන්ද්‍රිකා නෝනත් එහෙමයි. හිතාගෙන ඉන්නේ එයා ජනාධිපති කියලයි‘ යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා ප‍්‍රකාශ කළේය.
‘‘යෙලෝ කාඩ් පාවිච්චී කළා ඇති. දැන් රෙඞ් කාඩ් පාව්චිචි කරන්න කාලෙ හරි කියා ජනාධීපතිතුමාට හිතවන්න අපි මෙවර මැයි දිනය යොදා ගන්නවා. බලය පාවිච්චි කළ යුතු තැන්වල එය පාවිච්චි නොකිරීම වැරදියි. නමුත් ඒක සිද්ධ වෙනවා. ජනාධිපති බලතල වෙනත් අයට පාවිච්චි කරන්න දෙන්න එපා කියල මෙවර මැයි රැලියේදි අපි මතක් කර දෙනවා.’’ යැයි ද ඔහු පැවැසීය.
‘ජනධිපතිතුමා බලය පාවිච්චි කරනවා මදි. අපි හදන්නේ එතුමා ජනාධිපති බව මතක් කරල දෙන්නයි. මෙවර මැයි රැලියේ දී විශේෂ දේශපාලන ඉඟියකුත් ලැබෙයි‘ යැයි ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ අද (6) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාට නම් හිතාගෙන ඉන්න කිසි දෙයක් නැහැ. මොකද විදේශ සේවා ඇමති වෙලා හිටියට කරපු වැඩක් නැහැනේ.
බලය පාවිච්චි කරන්න රටේ වෙන්නේ මොනවද කියල දැනගන්න එපැයි. සමහර නාමික නායකයෝ රටේ වෙන වැදගත් දේවල් දැන ගන්නේ වුනාට පස්සේ පත්තරෙන්නේ!
එතුමාලා විතරක් නෙවෙයි ජනතාවත් හිතන් ඉන්නේ එහෙමමයි. වැඩ කරන්නෙත් ඒ විදියටමනේ
ඕක කියන්න මැයි දිනය එනකල් ඉන්නේ මොකටද?
අනේ පව් මෙයාටත් ඔය කියන මනසක් තිබුනානම් ඔහොම කතා කෙරන්නේ නැහැ
මෙයාගේ මනස අවුල් ජාලයක් නිසා මොන තනතුරේ කොයි අකාරයෙන් හිටියත් මෙයාට වෙනසක් නැහැ.