ශ්රී ලංකාවේ නායකයන් යැයි කියාගන්නා අය රටේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්නේ නැහැ. ප්‍රශ්න ඇදි ඇදී යන්න ඉඩදෙනවා. ඒවාට උත්තර දෙන්නෙත් නෑ. අධ්‍යාපනයත් අච්චාරුවක්. උගන්වන දේ බර වැඩියි. පහේ ශිෂ්‍යත්වය නිදසුනක්. යැයි සන්ධාන මන්ත්‍රී විදුර වික්‍රමනායක පාසල් උත්සවයකදී අද එසේ කීවේය.
ෆේස් බුක් තොරතුරු අනුව ජනතාව දේශපාලනඥයන් ගැන එතරම් පැහැදීමක් නැති බවත් කියනවා.
”මේ සුළුතර රූකඩ ආණ්ඩුව ගෙදර යැවිය යුතුයි. අම්මලා තාත්තාලාට දෙන්න තිබුණු වැඩිහිටි ආධාරයවත් දෙන්න බැරිතරමට මේ ආණ්ඩුව බංකොලොත් වෙලා නම් දැන් දින 100ත් ඉවර එකේ කරුණාකරලා පුළුවන් කෙනෙකුට දීලා ගෙදර යන්න” යැයිද විදුර වික්රමනායක මහතා බදාදා හොරණ ශ‍්‍රීලනිප කාර්යාලයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී කීවේය.
පාසල් උත්සවයට විදුර වික්රමනායක මහතා සහභාගී වෙමින්
ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතාව සහතික ඇත්ත. නමුත් ඕවා ඔය පොඩි දරුවෝ ඉදිරියේ නොකියා දරුවන්ට අවවාදයක් දෙන කතාවක් කළා නම් තමා වඩා හොඳ (නි)
මේක කොහොමද ඡන්දෙන් පත්වුන ආණ්ඩුවක් කියන්නේ (බ)
මෙයා කව්ද? (බ)
මේ ආණ්ඩුව ඡන්දයෙන් පත්වුණු එකක්ද?. මෛත්‍රී බලයට පත්වුණේ යූඇන්පී ඡන්දවලින් පමණක් නොවෙයි. ඒ සඳහා යූඇන්පී නොවන ජේවීපී, සිහල උරුමය, මුස්ලිම් කොන්ග්‍රස්, දෙමළ ජාතික සංධාන ඡන්ද සමග ශ්‍රීලනිප ඡන්දත් තියෙනවා. ඒ නිසා මේ බලයේ ඉන්නේ නීත්‍යානුකූල රජයක් නොවෙයි. මෛත්‍රී ගේ පිහිටෙන් රනිල්ට ලැබුණු තෑග්ගත් පමණයි. නියම විදියට බැළුවොත් ඒකත් අල්ලසක්. (බ)
මට ඇහුනේ නැහැ (බ)
අනේ මන්ත්‍රී තුමෝ ගෙදර යවන වැඩේ හරි තියාගන්න වැඩේ හරි කරන්නේ ජනතාව බව අමතකද ? ඔබතුමාට ඕන ඕන විදියට ආණ්ඩු ගෙදර යවන්න බැහැ. ඔබතුමා වැඩි හරියක් කලේ ආඩපාලි කියා කියා කන් කෙඳිරි ගෑව එකනේ. (බ)
දැන් එතකොට මේ තිබෙන බර විෂය නිර්දේශය මේ ආණ්ඩුවේ වැඩක්ද? ඔබතුමා ඒ දවස්වල අධ්‍යාපනයේ බර ගතිය දැක්කේ නැද්ද ...(බ)
මේක ප්‍රජාතාන්ත්‍රික රටක්. ඡන්දෙන් පත් වුණ ආණ්ඩුවක්. එක එක් කෙනාගේ කටවල් වලට බයේ අකුලා ගෙන යන එකක් නැහැ. (ම)
එහෙනම් මෙයා ද හරි ? (ම)
බහුතරයක් දේශපාලකයෝ ද බොරුකාරයෝ වෙති. ඔවුන් කතා කරන්නේ ඔවුන්ගේම වාසියට පමණි. (ම)
ජනක , ඡන්දෙන් පත් උනේ ජනාධිපති මිසක් රජයක් නොවන බව මතක තබා ගන්න. රජයක් පත් වන්නේ මහා මැතිවරණයකින් (ම)
අනුන්ට එක ඇඟිල්ලක් දික් කරනකොට ඇඟිලි තුනක් තමුන් දෙසටය් දික් වෙන්නේ!!! (ම)
2005 ඉදලා කරපු හරිය අපි දැක්කා.කට විතරයි. (බ)
මේයාට ඇමතිකමක් දුන්න නම් ඉබේම කට වහයි . අනේ කාලේ වනේ වාසේ. (බ)
අනේ ඔබතුමා ඔය කරන සේවයෙන් විශ්‍රාම යන්නේ කවදාද? (බ)
හා ගෙදර යවන්න (බ)
අවුරුදු ගානක් කාපු රට දින 100න් හදන්න බැරි බව අපි දන්නවා. (යහපාලනෙත් අඩුපාඩු ඇති)..ඔබතුමා දින 100ද පාර්ලිමේන්තුවේ හිටියෙ? යුද්දේ දිනපු එකට අපි මහින්දට ගරු කරනවා. එ්ත් වරදි කරපු එකට සමාවක් නැහැ . ඒ කාලෙට වැඩිය දැන් නීතිය ආර්ථිකය හොද බව තේරෙනවා. (බ)
ඡන්ද අයිතියවත් නැති පොඩි ළමයින්ටම ඕක කිව්ව එක හොඳයි (බ)
ජනකට මහ ඡන්දෙයි ජනධිපතිවරණයයි පැටලිලා වගේ.....(ම)
පාසල් දෙෂප්ලනී කරණය කරන්න එපා ! ජනතාව තීරණය කරියි එක . නිකන් අවස්ථාවාදියෙක් වෙන්න එපා (ම)
ඉස්සෙල්ලම ඉගෙන ගන්න ඕන පාසැල තුලට දේශපාලන කතා ගේන එක නවත්වන්න .....(ම)
මේ පාසල් ළමුන් ඉස්කෝලේ ගිහින් තියෙන්නේ ඉගෙන ගන්න මිසක් ආණ්ඩු පෙරලන්න නොවේ.(ම)
දැන් ඔහොම කීවට ඔබතුමත් පහුගිය රජයේ හැමදේකටම අත ඉස්සුවනේ (ම)
තැනට සුදුසු ලෙස කතා පැවැත්වීම දේශපාලකයෙකුගේ පරිණත බවේ ලකුණක්. කනගාටුයි මෙතන නම් එවැන්නක් පේන්න නැහැ . (ම)
කතාව නම් දෝලාවෙන් හැබැයි යන්නේ පයින්....(ම)
පාසැල දරුවන් ඉස්සරහ පවත්තන්න සුදුසු කතාවක්ද මේක ? (ම)
පසුගිය අවුරුදු 10 එතකොට ඔබලා මොකද කළේ අධ්‍යාපනය සම්බන්ධව ? ඒ කාලේ හිටියේ මේ ආණ්ඩුව නෙවෙයිනේ. (ම)
අනේ මන්ත්‍රීතුමනි, ගෙදර යවන වැඩේ හරි, තියාගන්න වැඩේ හරි කරන්නේ ජනතාව බව අමතකද? ඔබතුමාට ඕනෑ ඕනෑ විදියට ආණ්ඩු ගෙදර යවන්න බැහැ. (නි)