IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


නායක හාමුදුරැවන්ගෙන් ඇමැතිට බරබරයක්

2016-05-26-ent-06මේ රටට සාමය ගේන්න කලකට කළින් ලොකුම වැඩ කොටසක් කළ එක්තරා යුරෝපීය තානාපති කන්තෝරැවක තමන්ගෙ නිදහස් දිනේට පොඩි උත්සවයක් තිබුණලු.


මේකට සම්බන්ධ වෙන්න මැති ඇමැති පිරිසකට වගේම ඒ රටේ කටයුතු වලට උදව් දුන්න ප්‍රධාන පෙළේ ස්වාමීන් වහන්සේලා දෙනමකටත් ආරාධනා කළා. ඉතින් මේ උත්සවය ඉවරවෙලා පුංචි තේ පැන් සාදයක් පවත්වන අවස්ථාවේ ආණ්ඩුවේ ආර්ථික පැත්තෙ ප්‍රබල ඇමැති කමක් කරන කොළඹ දිසාවෙ ඇමැති සයිස් මහත්තයෙක් මේ ස්වාමීන්වහන්සේලා දෙනම ළඟට සැපත් වුණා.


මේ සැපත් වීමෙන් පස්සෙ එතන හිටපු ප්‍රධාන පෙළේ ප්‍රකට නායක හාමුදුරැවෝ... අර ඇමැතිතුමාට එක පාරටම දෙහි කපන්න ගත්තලු...


&තමුන් දැනගන්න ඕන අපිත් මේ ආණ්ඩුව ගේන්න ලොකු වැඩ කොටසක් කළා. දැන් ඔය කාටත් ඒව මතක නැහැ. මම ඒව මතක්කරල දෙන්නයි හිටියෙ.  ඔයාලා එන්න එපා අපිව රවට්ටන්න කියල ඉතාම සැර භාෂාවෙන් මේ යෝධ ඇමැතිතුමාට විවෘත සභාවෙ තදබල ප්‍රහාරයක් එල්ල කළාලු. ඒක ඉවරවෙයි කිය කියා බලන් හිටපු ඇමැතිගෙ මිත්‍ර නුගේගොඩ පැත්තෙ හාමුදුරැවන්ටත් එතෙන්දි කර කියාගන්න දෙයක් නැතිවුණේ ඉහළම නායක හාමුදුරැවන්ගෙ කට වහන්න අමාරැ බව නුගේගොඩ හාමුදුරැවොත් දන්න නිසාලු.


අන්තිමේදි සභාව ඉදිරියේ මේ සංග්‍රහය ලබාපු ඇමැතිතැන ආයෙනම් රැක්මලේ පන්සල පැත්තෙ යන්නෙ නැහැ කියල හිතාගෙන මාරැවුණා කියලයි බලන් හිටපු අයට පෙනුණෙ.

 

DESHAYA



අදහස් (0)

නායක හාමුදුරැවන්ගෙන් ඇමැතිට බරබරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 163 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 788 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site