පවතින නියං තත්ත්වයේදී ජනතාවට සහන සැලසීමට ත්‍රිවිධ හමුදාව යොදා ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ගුවන් හමුදාවේ විසිරයෑමේ උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා එසේ කීවේය.
‘මම ඊයේ සන්ධ්‍යාවේ නාවික හමුදාපතිතුමා සහ ආරක්ෂක ලේකම්තුමා සමගත් කතා කළා. වර්ෂාව නොමැතිව ඇති වී තිබෙන නියඟ තත්ත්වයේදී ජනතාවට අවශ්‍ය සහන සැලසීමට රජයේ නිලධාරීන් හා එක් එක් දිස්ත්‍රික්ක සඳහා ත්‍රිවිධ හමුදාව යෙදවීමට මා බලාපොරොත්තු වෙනවා.
ත්‍රිවිධ හමුදාවට නියඟය පවතින දිස්ත්‍රික්ක ලබා දී එම ජනතාවට පානීය ජලය සැපයීම සහ අනෙකුත් සුබදාධන කටයුතු සිදු කිරීමේ වගකීම ත්‍රිවිධ හමුදාවට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.‘ යැයි ද ජනාධිපතිවරයා කීවේ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ ආරංචියක්! (නි)
මේවායින් ඉගෙනගත හැක්කේ කුමක්ද? මිනිසුනේ, බුද්ධිමත්ව හිතන්න. මුදලට ගතනොහැකි දේත් උගත්කමයි. (නි)
දැන් යුද්ධය කරන්න වෙලා තියෙන්නේ ස්වභාව ධර්මයත් එක්ක වීම පුදුමයක් නොවෙයි. මට හිතෙන්නේ නම් ස්වභාව ධර්මය කුපිතවෙලා රටේ වෙන දේවල් දැකලා. යහපත් නොවුණොත් ජනතාවට කරදර වේවි. මේ හානි වෙන්නේ පාලකයින්ගේ වැඩ නිසා බවයි මම අහලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ කාලයේත් මේ වගේ දේවල් වෙලා තියෙන බව බුදු බණේ තියනවනේ. ඉතින් එහෙනම් දැන් තියෙන්නේ කවුරුත් යහමඟ ගිහින් වාද බේද අත්හැර එකමුතුව ජනතාවට සෙත සැළසීමයි. (නි)
ත්‍රිවිධ හමුදාවට ඉස්සරහට වැඩ වැඩිවෙයි එහෙනම් (නි)
හේනක් කොටන්න. (අ)
ත්‍රිවිද හමුදාවට ආයේ වැඩ තියෙයි.(හේ)
ඉස්සර වෙලා වන විනාශය නවත්වන්න. (හේ)
ත්‍රිවිධ හමුදාව සිවිල් වැඩවලට යොදා ගන්නේ නැහැ කියල පොරොන්දු වූ අය නේද මේ? (අ)
කතාව විතරයි හැමදේටම (නි)
ආ……දැන් ත්‍රිවිධ හමුදාව ඕනෑවෙලා නේද? ත්‍රිවිධ හමුදාවේ අය හිරේ දානකොට, මඩකළපුවේදී නිග්‍රහ කරනකොට, යාපනේදී පහරදෙනකොට ඔවුන්ව නොරැක්කේ ඇයි? දැන් තමයි ආයේ මතක්වෙලා තියෙන්නේ (නි)
යන්තම් අවුරුදු දෙකයි ගියේ. අනේ අපේ රටට මේ මොකද වුණේ. "දේවෝ වස්සතු කාලේන....... රාජා භවතු ධම්මිකෝ". (නි)
දැන් ඔය නැගෙනහිර පුරාවස්තු විනාශ කරලා නිජබිම් හදන එක වළක්වන්නේ කවුද? සංහිඳියාවේ නාමයෙන් එහෙම හිතෙන්නෙම නැද්ද?