නාය යාමට ලක් වූ ප්‍රදේශ අධි ආරක්ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත් කිරීමට අද (23) ජනාධිපති කාර්යාලයයේ දී පැවැති රැස්වීමක දී තීරණය විය.
හදිසි ආපදා තත්ත්වය කළමනාකරණය කර ගනිමින් ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීම සඳහා මෛත්‍රීපාල සිරිසේන ජනපති විසින් පිහිටවනු ලැබූ ජනාධිපති කාර්ය සාධක බළකාය අද පස්වරුවේ රැස්විණි.
අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම විෂය භාර අමාත්‍යවරුන් ද ජනාධිපති ලේකම්වරයා ඇතුළු අමාත්‍යාංශය ලේකම්වරු ද, ත්‍රවිධ හමුදාපතිවරු ඇතුළු ආරක්ෂක අංශ නිලධාරිහු ද ඊට සහභාගී වූහ.
පවතින තත්ත්වයට සාර්ථකව මුහුණ දෙමින් එම ජනතාව වෙනුවෙන් අවශ්‍ය උපරිම සහන සැළසීමට කටයුතු කරන ලෙස නිලධාරින්ට උපදෙස් දුන් ජනපතිවරයා මුදල් ගැලළුවක් කර නොගෙන සුබසාධන සේවා ක්‍රියාත්මක කිරීමට ද උපදෙස් දුන්නේය.
ආපදා තත්ත්වයෙන් බලපෑමට ලක්වූ එක් නිවසක් වෙනුවෙන් ක්ෂණික ආධාරයක් වශයෙන් රුපියල් 10,000 ක දීමනාවක් ලබාදීමට ද තීරණය විය.
අද සිට කොළඹ දිස්ත්‍රික්කයේ කිසිදු ඉඩම් ගොඩකිරීමකට ඉඩ නොදෙන ලෙස ද ජනපති නිලධාරින්ට උපදෙස් දුන්නේය.
අවතැන් වූ ජනතාව නැවත පදිංචි කරවීම වෙනුවෙන් කළයුතු ඉඩම් පවරා ගැනීමේ කටයුතු විධිමත් අයුරින් සිදු කරන ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටද උපදෙස් දුන්නේය.
ගංවතුරින් යටවූ නිවාස පදිංචියට සුදුසු තත්වයක තිබේදැයි පරික්ෂා කිරීමට ද ගොඩනැගිලි පර්යේෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට උපදෙස් දුන් අතර හානියට පත් ප්‍රදේශ සුද්ධ පවිත්‍ර කිරීම වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ද උපදෙස් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් සුනාමිය වෙලෙත් ඔහොම කිව්වා. එ්ත් දැන් තත්වේ මොකක්ද? එගොඩ උයන, කොරලවැල්ල තාමත් එහෙමයි. නීති දැම්මට මදි. ඒවා ක්‍රියාත්මක කරන්න ඕනේ. ලංකාවේ ඉතින් නැත්තෙත් ඕකම තමයි. (බ)
පස් යට ඇති මළසිරුරු ස්කෑන් ක්‍රමයකින් සොයන්න පුළුවන් ක්‍රමයක් නැද්ද? (නි)
රුපියල් 10000 කින් මොනවා කරන්නද? අද කාලෙ කාමරයක් සුද්ද කරගන්නත් රුපියල් 20000 ක්වත් ඕනෑ (නි)
කටින් කියන දේවල් බොහොම ඉක්මනට බර වචන දාලා කියනවා කියනවා වගේම වචන වල හරයක්ද තිබිය යුතුයි (නි)
සුනාමිය වෙලාවෙ රජය මී. 100 සීමාව වෙරළ ආරක්ෂිත කලාපයක් ලෙස මහින්ද නම් කළාම එවක විපක්ෂය ඒකට විරුද්ධව මිනිසුන් පෙළ ගැස්සුවා, ජනතා ඉඩම් කොල්ලකනවා කියලා. (නි)
වැඩේ වැරදුනාට පස්සේ කතන්දර අවශ්‍ය නැහැ. පරිසරය විනාශ කරන්නේ අපි නෙමෙයි (නි)
රජයක් වශයෙන් මේ වෙලාවේ හොඳ බුද්ධිමත් තීරණ ගැනීම වැදගත් (නි)
අශ්වයා පැනගිය පසු ඉස්තාලය වසා දැමීම! (බ)
මේ අවස්ථාවේදී අපි බලන්න ඕනෑ කොහොමහරි වැඩක් කරවගන්න රාජ්‍ය අනුග්‍රහයෙන් විපතට පත් අය වෙනුවෙන්. හැමදේටම කටුව ගහන එකේ තේරුමකුත් නැහැනේ හැමදාම. (නි)
අනේ මන්දා අපේ රටේ මිනිස්සු! හොරා කෑවත් වැරදියි, හොඳ වැඩක් කළත් වැරදියි (නි)
කොළඹ සහ අවට ප්‍රදේශත් අධි ආරක්‍ෂිත කරන්න.. අපේ මිනිස්සු ගෙවල් "සුද්ද " කරන්න පටන් අරගෙන.. .. උන්ට නම් දුටු තැන ඔලුවට වෙඩි තියන්න ඕනේ (බ)
නුවන් අශ්වයා ඉන්න කාලේ ඔය පැති යට වුන වෙලේ රජා මොනවද කළේ කොළඹ නගරයේ ගෙවල් හදල පිටරට උන්ට කෝටි ගණන් වලට විකුණලා උන්ගේ පොත්වල සල්ලි දාගත්ත ලංකාවේ පත්තර වල දැන්වීම් නොදා ඉන්දියාවේ මාලදිවයිනේ චීනේ මැලේසියාවේ පත්‍ර වල දැනිවීම් දාල ඒ රටවල මිනිස්සු අපෙන් අහනවා ලංකාවේ ගෙවල් විකුනන්න දාල තියනවා අපේ පත්තරවල ඒවා හොදද කියල ඒකාලේ ඔහෙලා බුදියන්ද උන්නේ (බ)
රනිල් කිවුවෙ කොළඹ ඔක්කොම කුඹුරු ගොඩ කරන්න ඕනෑ කියල.. ඉතින් කොහොමද ගොඩ නොකර ඉන්නෙ (බ)
සුනාමිය ආවට පස්සෙත් මෙහෙම දෙයක් කළා මතකද. අද වෙනකොට තත්වය මොකක්ද? දේශපාලකයෝ ම තමා මේ නීති කඩන්නේත්. (බ)