(සුසිල් ප්‍රේමලාල් ඉන්දියාවේ බුබනේෂ්වර් නුවර සිට)
ඉන්දියාවේ බුබනේෂ්වර් නුවර කාලිංග ක්‍රීඩාංගණයේදී පැවැති ආසියානු ශූරතා ජ්‍යෙෂ්ඨ ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් දිනය වූ අද (9දා) නිමාලි ලියනාරච්චි (මීටර 800) රන් පදක්කමක් දිනාගැනීමට සමත් වූවාය.
මීටර 200 කාන්තා ඉසව්වට සහභාගි වූ රුමේෂිකා රත්නායක රිදී පදක්කමක් දිනාගත් අතර නිමාලි සමග මිටර 800 ඉසව්වට සහභාගී වූ ගයන්තිකා අබේරත්න එම ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනාගත්තාය.
ආසියානු ශූරතා ජ්‍යෙෂ්ඨ ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාව විසින් දිනාගන්නා ලද පදක්කම් සංඛ්‍යාව 4 කි.
මීටර 800 කාන්තා අවසන් තරගයේ අවසානය ඉතාමත් තියුණු මුහුණුවරක් ඉසිලූ අතර ඉන්දියානු ක්‍රීඩිකාව නිමාලිට ඉදිරියට ඒමට නොහැකිවන අයුරින් මං තීරුව අවහිර කිරීම නිසා නිමාලිට පළමුව රිදී පදක්කම පිරිනැමිණ.
එහෙත් නිමාලිට සිදුවූ අසාධාරණය සම්බන්ධව ප්‍රධාන තරග විනිසුරුට පැමිණිලි කිරීමටද නිමාලි සහ ගයන්තිකා පියවර ගත්හ. ඒ සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණයකින් පසුව නිමාලිට රන් පදක්කම පිරිනැමීමට තීරණය කෙරිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම සතුටු වෙනවා. පුතාට ජයෙන් ජයම වේවා!!!
නිමාලි ලියනාරච්චි සහ ගයන්තිකා අබේරත්න ඔබ දෙපලට අපගේ ප්‍රණාමය.!!!
ඔබ කෙදිනක හෝ ලංකාවේ නම ලොවට ගෙනයන බව මා සිතුවා .
ඕක ඉන්දියාණුවන්ගෙ ජන්මගතිය.ඔබට සුබපෑතුම් සොයුරිය.
මමත් මීටර් 800 කරපු ප්‍රවීනයෙක් මගේ ප්‍රියතම ඉසව්වක් තමා මීටර් 800 මගේ උණුසුම් සුබ පැතුම් නිමාලි සහ ගයන්තිකාට
ක්‍රිකට් නෙවෙයි මේවයි අපේ රටට අන්තර්ජාතික ගෞරවයක් ගෙනෙන්නේ. ක්‍රිකට් කාරයෝ කරන්නේ ඒ අය හම්බකරගන්න එක විතරයි රටට මොනා වුනත්. ඊට පස්සේ අනිත් අයට කියන්නේ බඩ පැලෙන්න කාපල්ලා සොසේජස් කියලයි.
නිමාලි ලියනාරච්චි සහ ගයන්තිකා අබේරත්න ඔබ දෙපලට අපගේ ප්‍රණාමය.!!!
මීටර් අට සීය පිරිමි ඉසව්ව අවසානයේදීත් ඉන්දියානුවෙක් අපේ ක්‍රීඩකයා තල්ලු කරනවා. ඉන්දියානුවන්ට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා වාගෙයි....
මලල ක්‍රීඩාව අනිත් හැම ක්‍රීඩාවකටම වඩා වෙනස්.. තමන්ගේ උත්සාහයෙන් ජයගන්න ඕන දුවනකොට වෙන කව්රුහරි මගදී උදව් කරන්නේ නැහැ. ඒ වගේම තප්පරයක දශමයකින් ජයගන්නේ... ඒ ජයග්‍රහණය කොහොම වුණාද කියලා වචනවලින් විස්තර කරන්න බැහැ. ඒ අවස්ථාවේ ක්‍රීඩකයා ලබන සතුට කඳුළු බවට පෙරළෙනවා..
මොනව ! ගයන්තික ලෝකඩ නෙවෙයි රිදී රිදී රිදී පදක්කම දිනුවේ