(නිමන්ති රණසිංහ)
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ විමර්ශන නිලධාරියකුට තර්ජනය කළැයි කියන සිද්ධියකට අදාළව පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් පොලිස් බලතල අනුව කි‍්‍රයාකරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා අද (18) නියෝග කළේය.
2015 අංක 43 දරන අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් හට සහය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනතේ වගන්ති 8 සහ 9 ප්‍රකාරව මෙම සිද්ධියට අදාළව නාමල් රාජපක්ෂ මහතාට අධිකරණය හමුවේ පෙනී සිටිමින් කරුණු ඉදිරිපත් කිරීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙස මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කරමින් මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් බලතල අනුව වෙඩි තැබීමට වුවත් හැකිය. එහෙත් ඒ සඳහා වෙඩි තැබීමේ නියෝගයක් අවශ්‍යයි.
උතුරේ දේශපාලන ලොක්කෙක් නාවික හමුදා ලොක්කෙකුට පසුගියදා තර්ජනය කර වේදිකාවෙන් ගෙටවුට් කියපු එකට පොලිස් බලතල ක්‍රියාත්මක නොකළේ බයටද?
මෙයා විතරක් නෙමෙයි.., මෙයාගේ සහෝදරයින් දෙදෙනාත් එකම බෝට්ටුවේ ....
නියෝග නිකුත් කරනකන් ඉන්නේ මොකද? අර ඊයේ පෙරේදා දඩමස් ටිකක් උයාගත්ත කැකිරාවේ ආච්චි අල්ලන්නත් නියෝග එනකල් බලා හිටියද? එයයි මෙයයි දෙන්නම එකම රටක සම බලතල ඇති සාමාන්‍ය රටවැසියෝ. ගැවසෙන තැනක් බලලා කැකිරාවේ පොලිසියට ඔත්තුවක් දෙන්න.
පොලීසියට කරන්න පුළුවන් දේ පැත්තක තියලා උසාවියෙන් නියෝග ගන්න ගිහින් සවුත්තු වෙලා වගේ. හොඳ වැඩේ. දැන් ඔන්න නීතිය නවනවා එහෙම නෙවෙයි.
දැන් කුලියට අඬන්න බවලත්තු ටිකක් සොයා ගනිමු ජාතියේ පුතා බේරා ගමු කියලා
යකෝ බලය නැති කාලේ මෙයා මෙහෙම නම් මෙයා අායෙත් බලයට අවොත් මොන නස්පෙත්තියක් කරයිද? ඇගේ මස් ගොබ ලොකු කරන් උන්නට මොලේ මස් ගොබ නැති නිසා තමා මේ ප්‍රශ්න,,,කොල්ලනේ බොරුවට නොදන්නා දේශපාලනයක් නොකර දෑතේ දෙපයේ ර්ස්සාවක් කරලා තමන් හම්බ කරගෙන කාල යහතින් ජිවත් වෙල්ලයකෝ අපිට තවත් වදනොදී
මාලුවා නහින්නේ කට නිසාලු..
පොලිස් බලතල පාවිච්චි කරන්න කියල කියන්නේ බැටන් පොල්ලෙන් තඩිබාන්න කියන එකනේ.
මේ අයට රටේ නිතිය අදාල නැද්ද?
බැනල වැඩක් නැහැ. බොහොමයක් දේශ පාලකයින්ගේ දරුවෝ ඔය විදිහ තමයි, අර පක්ෂේ මේ පක්ෂේ කියල වෙනසක් නැහැ. මොකද අතේ පයේ මහන්සියෙන් නැතිනම් මොලේ පාවිච්චි කරලා කරන කර්මාන්තයක් ඉගෙන ගෙන තියෙනවා කියලද?
ඕක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තියන වරප්ප්‍රසාදයක්.
ඉතින් පොලිසියට පුළුවන්නේ අත්අඩංගුවට අරන් උසාවියට ඉදිරිපත් කරන්න.
ඔක්කොටම ඉස්සෙල්ල මේ පවුලට තියෙන බය හා ගෞරවය ඉවත දමන්න ඕනේ. බය තියෙන්නේ මේ ගොල්ලෝ නැවත බලයට ඇවිල්ල විරුද්ධ වාදීන්ව හම ගහයිද කියන එක නම්, කරන්න තියෙන්නේ මේ වගේ පුහු චන්ඩින් ව ලබන මැතිවරණයේදී ගෙදර යවන එක.