අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නියෝග අනුව කටයුතු නොකිරීමෙන් ඊට අපහාස කළැයි කියන චෝදනා ඇතුළත් පෙත්සම සලකා බැලීම ලබන ජනවාරි 16 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය (30) තීන්දු කළේය.
මෙම පෙත්සම විභාග කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලෙන් අද පැමිණියේ අගවිනිසුරු කේ.ශ්‍රී පවන් සහ බුවනෙක අළුවිහාරේ යන මහත්වරුන් පමණක් නිසා මෙම නඩුව කල් තැබිණි.
අයථා ලෙස මුදල් උපයා ගැනීම සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නියෝග වලට අනුව කටයුතු නොකිරීමෙන් නාමල් රාජපක්ෂ එම කොමිසමට අපහාසයක් සිදු කළැයි පැමිණිලි කරමින් එහි හිටපු අධ්‍යක්ෂක ජනරාල් නීතීඥ දිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය මෙම පෙත්සම ගොනු කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න යන්තම් අදට නම් බේරුනා (නි)
අපහාස කළේ කවුද යන්නත් මේ කල්දැමීම් වලට හේතුවෙනවද කියලා දැනගන්න කැමතියි. (නි)