(මනෝප්රිය ගුණසේකර)
අයථා ලෙස රුපියල් කෝටි තුනක මුදලක් උපයා ගත් බවට මුදල් විශූද්ධීකරණ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර විභාග කටයුතු ලබන ජූනි මස 08 වැනිදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා අද (03) නියම කළේය.
විත්තිකාර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයවැය විවාදයට යෑමට අවසර දෙන්නැයි ඉල්ලමින් ඉදිරිපත් වූ කරුණු පිළිගත් විනිසුරුවරයා එලෙස නියම කළේය.
2013 ඔක්තොම්බර් මස 01දාත් 2014 අගෝස්තු මස 31 වැනිදාත් අතර කාලය තුළ කොළඹදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් ගවර්ස් කෝපරේට් සර්විසස් සමාගම වෙනත් සමාගමක් සමඟ කළ ගනුදෙනුවකදී අයුතු ලෙස මුදල් උපයාගැනීමට කුමන්ත්‍රණය කිරීම සහ රුපියල් මිලියන 30ක මුදලක් උපයාගත් බවට මුදල් විශූද්ධීකරණ පණත යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා එකොළහක් යටතේ නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි.
අයථා ලෙස උපයන ලද රුපියල් මිලියන 30ක මුදලකින් ‘‘හෙලෝ කෝප්’’ ආයතනය මිලදී ගෙන ඇති බවටද නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව වැඩිදුරටත් චෝදනා නගා තිබිණි.
දුෂණ විරෝධී පෙරමුණේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා විසින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කරන ලද පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයකින් අනතතුරුව නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා, පවිත්රිකා සුජානි බෝගොල්ලාගම, ගුවන් සේවිකාවක් වු නිත්‍යා සේනානී සමරනායක, ඔරනෙල්ලා ඉරේෂා සිල්වා සහ ඉන්දික ප්‍රභාත් කරුණාජීව නමැත්තන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇත.
නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී නඩුවේ විත්තිකරුවෝ හා සාක්කිකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ.
ඉදිරිපත් වු කරුණු සැලකිල්ලට ගනිමින් වැඩිදුර විභාගය ලබන ජූනි මස 08 වැනිදා දක්වා කල් තැබීමට නියම කළ විනිසුරුවරයා එදින අධිකරණයේ පෙනී සිටින ලෙස විත්තිකරුවන්ට හා සාක්කිකරුවන්ට නියම කළේය.
පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා පෙනී සිටියේය. විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥවරුන් වන සම්පත් මෙන්ඩිස්, ගනේෂ් ධර්මවර්ධන සහ ජීවන්ත වීරසිංහ යන මහත්වරු ද ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා ඇතුළු නීතීඥ කණ්ඩායමක් ද පෙනී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ උසාවි තියෙන්නේ නඩු කල් දාන්න විතරද? ලෝකේ කොහෙවත් මේ වගේ අකාර්යක්ෂම අධිකරණ පද්ධතියක් නැහැ.
මේ වගේ කාලකන්නින්ගෙන්ද? අයවැය තර්කයට උදව් ගන්නේ... නාමල් විමල්ගේ නූගත්කම කැපී පෙනුණාට මිලියන ගණනින් මුදල් වංචා කරලා තියෙන්නේ. මේ කට්ටියගේ නඩු පුදුම විදියට කල්දමන්නේ, මිලියනයට එක පෙරකදෝරුවා බැගින්... කට්ටියක් එනවා. නඩු දිනයට හොරුන්ට කඩේ යන්න. මේ නඩේ තමයි, මේ නඩු කල් දමන වැඩ. කරන්නේ මොවුන් ටිකයි, අධිකරණයේ ටිකයි නඩුඅහන්නේ නැතිව බලෙන් කූඩුවට දමන්න ඕනෑ...
කල් දැමීම හැර මොකක්ද කරන්නේ? මෙහෙම කල් ගිහින් ආණ්ඩුව වෙනස් වුණොත් ඔය මිනිස්සු නිදහස් වෙන්නේ නිදොස් කොට... ඊට පස්සේ හොරු වීරයෝ වෙනවා. මේක නම් මේ රටේ මහා කරුමයක්...
ජනතාව රවට්ටන්න තවතවත් විශේෂ මහාධිකරණ විවෘත කරන්න.
1.රන්ජන් රමනයක හරියටම හරි 2.ජාත්‍යන්තර අධිකරණ ඉල්ලීමට වලංගු භාවයක් ලබා ගත හැක 3. කල්ගිය සෑම නඩුවක්ම ලබන වසරේදී නිශ්ප්‍රභා විය හැක 4.මොහු මොලේ කළඳක් නැති දූෂිත දේශපාලකයෙක් පමණි...
තව මාස පහයි. ඊට පස්සේ මේ ගොල්ලන්ට නඩු දාපු උන්දැලාට තමයි ගස් යන්න වෙන්නේ. ඒවා නම් මේවගේ කල් දාන්න දෙන එකක් නැහැ.
නඩු දාපු උන්දැලාට ඕනෑ වෙලා තියෙන්නේ නඩු කතා කරකර ඇද ඇද ඉඳලා ජනතාවත් රවට්ටගෙන ඊළඟ චන්දෙට යන්න.
රටේ ජනතාවගේ සල්ලි... එවුන් පාර්ලිමේන්තුවේ කතා කරන්නේ සුදනෝ වගේ. පට්ට හොරු දැන් දැන් එළියට ඇවිත් සුද්දවන්තයෝ වගේ පාරම් බාන්නේ අධිකරණ ක්‍රියාවලියේ ඇති මෙවැනි දුර්වලතා නිසා. රටේ ජනතාව අසරණ කරන්න එපා. දවසක ජනතාව බලය අතට ගත්තොත්, හොරුන්ටයි, ඔය ලොකු ටෝක් දෙන කෙරුමොන්ටයි, නඩුකල් දදා ඉන්න හොර පෙරකදෝරුවන්ටයි යන කලදසාව බලාගන්න පුළුවන්. අපි කියන්නේ ජනතාව ඒ තත්වයට පත් කරන්න එපා. රටේ අයිතිකාරයෝ, බදු ගෙවන මේ ජනතාව.. ඒ මිනිස්සුන්ගේ අයිතීන් ආරක්ෂා කරලා දෙන්න ඕනෙම කෙනෙක් දැනගන්න ඕනේ...
පේනවා නේද රටේ සියලු දෙනාම මේ අයට විරුද්ධව කතා කරන හැටි. ඒ වුනාට බමුණා ඇවිල්ලා පක්ෂව මෙතන මෝඩ අදහස් ටිකක් ලියයි.
සත්‍යය නම් අපේ අධිකරණ පදධතිය ඉතා බලගතු, කාර්යක්ෂම නිර්භීත ආයතනයක්. ප්රශ්නය තියෙන්නෙ ඒ පද්ධතිය ඉදිරි පස සිට තීරණ ගන්නා (සමහර) විනිශ්චය කාරවරුන්ගේ ඔතෑති කමත්, මුදලට බලයට ඇති කෑදරකමත්, බියගුලු කමත් නිසා මේ උතුම් ආතයනය හෑල්ලුවට ලක් වෙනවා.
මේවා අහන නඩු නෙවි............
අනේ රන්ජන්, ඔබට නඩු 26 ක් වැටිලා තියෙන්නේ ඇත්ත කියන්න ගිහිල්ල බව අපි නම් හොඳටම දන්නවා. නාගානන්දටත් ඒකමයි වුණේ. ඔබටත් බැරිද නඩු දවසට පාර්ලිමේන්තු යන්න ඕන කියල නඩු කල් ගන්න. කෙප්ප ඇදබාන නැති මන්ත්රීෙකනෙක්ට පුළුවන් නම් ඔබ වගේ ඇත්ත කතාකරන කෙනෙකුට බැරිද? නඩු 26 ක් තියෙන හින්ද ක්‍රිස්තු වර්ෂ 2500 දී විතර පුළුවන් වෙයි ඉවරයක් කරලා දාන්න.
මේ ක්‍රමය වෙනස් විය යුතුයි කියන්නේ ඕකට තමයි...
මුන් වගේ අය නේ තාම වීරයෝ වගේ කෑ ගහන්නේ? ඔක්කොම හොරු.
මේ පොටෝ එකේ ඉන්න හාදයා පනාවක් දැකලාවත් නැහැ වගේ. යකෝ කොණ්ඩය පීරා ගනින්කෝ... සූප්පු කොරපු අඹ ඇටේ වගේ ඔලුව තියාගෙන ඉන්නේ...