මුදිතා දයානන්ද
නාමල් කුමාරට හෝ අමිත් වීරසිංහට කිසිසේත්ම තම පක්ෂයෙන් නාම යෝජනා දෙන්නේ නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් හිටපු පළාත් සභා මන්ත‍්‍රී රේණුක පෙරේරා මහතා අද (27) පැවසීය.
ඔහු මේ බව පැවසුයේ බත්තරමුල්ල නෙලූම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදී නාමල් කුමාරට හා අමිත් විරසිංහට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාම යෝජනා ලබාදී තිබේ දැයි මාධ්‍යවේදීයකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
තවදුරටත් අදහස් දැක්වූ රේණුක පෙරේරා මහතා කියා සිටියේ විවිධ හස්තයන් විසින් මෙහෙයවනු ලබන මුදල්වලට ඕනෑම දෙයක් කරන්න සුදානම්, තමන් කළ කී ඇතැම් දේවල්වලට එලෙස මුදල් ලබාගත් බව කියන මෙවැනි පුද්ගලයන් පාර්ලිමේන්තුව වැනි තැනකට කිසිසේත්ම සුදුසු නොවන බවයි.
දැනටමත් පාර්ලිමේන්තුවේ ඉන්න ඇතැමුන් මුදලට විකිණෙන බව කියන තත්ත්වයක් යටතේ තවත් එවැනිම පුද්ගලයන්ට නාම යෝජනා දීමට තම පක්ෂයට කිසිම අවශ්‍යතාවයක් නැති බවද රේණුක මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම නොවන බව අපි දන්නවා
අපරාදේ ඡන්ද ගන්න තියන අවස්ථාව මග හරිනවා.
නාම යෝජනා දුන්නොත් මේ දෙන්නට ඡන්දයට වියදම් කරන්නත් වෙනනිසා නාම යෝජනා නොදෙන්නෙ. වෙන හේතුවකට නොවෙයි. පාර්ලිමේන්තුවට හෝ පළාත් සභාවට නොගියත් මේ දෙන්නට ජනාධිපතිගෙ නැත්නම් අගමැතිගේ නැත්නම් අමාත්‍යාංශ උපදේශක තනතුරක්' සුමනදාසට වගේ බැංකු අධ්යක්ෂ හෝ සභාපති තනතුරක් සංස්ථා සභාපති තනතුරක් නැත්නම් තානාපති තනතුරක් දෙන්න පුලුවන් එයත් මදිනම් ආණ්ඩුකාරවර තනතුරක් වුනත් දෙන්න බැරිකමක් නැහැ.