IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


නාමල්ගේ සමාගම් දෙකක ගිණුම් පිරික්සයි

නාමල්  රාජපක්ෂ මහතාට අයත් බව  කියන ගවර්ස් කොපරේට් සමාගම හා එන්.ආර්. කන්සල්ටේෂන් සමාගම් වලට  අයත්  බැංකු  ගිණුම්වල සාරාංශගත වාර්තා  පරික්ෂා කිරිමට මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට අවසර  ලබාදෙන ලෙස එම බැංකුවල කළමණාකරුවන් හට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් මහතා  අද (31) නියෝග කළේය. 

 පාර්ලිමේන්තු මන්ත්‍රි  නාමල් රාජපක්ෂ මහතාගේ  හිමිකාරිත්වය ඇතැයි  කියන ගවර්ස් සමාගම විසින්  හෙලෝ කෝප් නැමැති  සමාගමේ මිලියන 125 කට  අධික වටිනාකමකින් යුත් කොටස්,  මිලදී  ගත්තැයි  කියන දේපල මුල්‍ය  අපාරාධ විමර්ශන කොට්ඨාසය විසින්  මුදල් විශුද්ධිකරණ පනත යටතේ  විමර්ශනයට ලක් කරයි.

මීට  පෙර  හෙලෝ කෝප්  හා  ගවර්ස් සමාගම්  වල නිලධාරින්  හත් දෙනෙකුට  විදේශ  ගමන්  තහනම්  කර තිබුණි.

මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණිල්ල ගොනු කරනු  ලැබුයේ  2015.07.27 දුෂණ විරෝධී  හඩ  ව්‍යාපාරයේ  කැඳවුම්කරු  වසන්ත සමරසිංහ මහතා  විසිනි.

පැමිණිලිකරු දන්වා  ඇත්තේ නාමල්  රාජපක්ෂ මහතා  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුව සිටියදී  විවිධ ගිවිසුම්වලින්  අයථා  ලෙස මුදල්  උපයා ඇති  බවයි. එම මුදල් ගවර්ස් සමාගම සඳහා  හෙලෝ කෝප් ආයතනයේ කොටස්  මිලට  ගැනිමට  භාවිතා කර  ඇති බව පැමිණිල්ලේ සඳහන්  කර ඇත.



අදහස් (0)

නාමල්ගේ සමාගම් දෙකක ගිණුම් පිරික්සයි

ගාමිණි Friday, 01 April 2016 03:13 AM

මේ අයට සල්ලි එහෙ මෙහේ කරන්න කල් දීලා දැන් මොන හොයන්නද. ඇවන්ගාඩ් එක ගැන කතාවකුත් නැහැ. අපි හිතුවේ යු එන් පියෙන් මේවා කාර්යක්ෂමව කරයි කියලා.වැඩක් නැහැ , අපි කලකිරිලා ඉන්නේ. ඒ ඒ අයට ඒ ඒ අයගේ පක්ෂේ රැකගන්න එක ඔක්කොටම වැඩිය ලොකුවෙලා. ඒ අපි ගැන තියෙන ආදරයකට නෙවෙයි. වමේ පක්ෂයක් බලයට ආවානම් මෙලහකට හොරු දාන අලුත් හිරගෙවල් හදන්න වෙනවා (හේ)

:       0       0

ඉන්දු Friday, 01 April 2016 03:27 AM

අම්මෝ මේ අයට සමාගමනුත් තියෙනවද?(හේ)

:       0       0

චානක් ලොස් ඇන්ජලිස් Thursday, 31 March 2016 07:28 PM

ඇයි මොවුන් අත්අඩංගුවට නොගන්නේ? (නි)

:       0       0

ශ්‍රීලාල් Thursday, 31 March 2016 09:12 PM

ඕවා හොයන්න දැන් බොහොම ප්‍රමාද වැඩියි. අර කිවුවා වගේ අල්ලයි වලිගෙ (නි)

:       0       0

ජනක Thursday, 31 March 2016 10:24 PM

නන්ද, ඔබටයි මටයි ඔය විදියෙට හිතුනාට තාමත් රාජපක්ෂලට ආවඩන කට්ටියට ඔහොම හිතෙන්නේ නැහැනේ. මහින්ද මහත්තයාගේ නම කෑවේ මෙයාලා තමයි. හැබැයි ඉතින් මහින්ද මහත්තයාත් නොදැන හිටිය වෙන්න බැහැ නේද? යුද්ධයෙන් රට බේරාගත්තා කියලා මෙහෙමත් කරනවද? (නි)

:       0       0

නන්ද Thursday, 31 March 2016 12:29 PM

මන්ත්‍රී වෙන්න කලින් කිසිම රැකියාවක්වත් නොකොට, එහෙමට ලොකු ආදායමකුත් නැතිව කොම්පැනියක් ආරම්භ කිරීමට මුදල් කොහෙන්ද ලැබුනේ කියල යි මම මේ කල්පනා කළේ...(කෞ)

:       0       0

ගමගේ Thursday, 31 March 2016 12:49 PM

මීටත් වඩා හොරකම් තවත් කොයින්ද? (නි)

:       0       0

රොහාන් දයාදර Friday, 01 April 2016 12:45 AM

බලනකොට කරලා තියෙන්නෙම හොරමැරකම්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site