නාමල් රාජපක්ෂ මහතාට අයත් බව කියන ගවර්ස් කොපරේට් සමාගම හා එන්.ආර්. කන්සල්ටේෂන් සමාගම් වලට අයත් බැංකු ගිණුම්වල සාරාංශගත වාර්තා පරික්ෂා කිරිමට මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට අවසර ලබාදෙන ලෙස එම බැංකුවල කළමණාකරුවන් හට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් මහතා අද (31) නියෝග කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතාගේ හිමිකාරිත්වය ඇතැයි කියන ගවර්ස් සමාගම විසින් හෙලෝ කෝප් නැමැති සමාගමේ මිලියන 125 කට අධික වටිනාකමකින් යුත් කොටස්, මිලදී ගත්තැයි කියන දේපල මුල්‍ය අපාරාධ විමර්ශන කොට්ඨාසය විසින් මුදල් විශුද්ධිකරණ පනත යටතේ විමර්ශනයට ලක් කරයි.
මීට පෙර හෙලෝ කෝප් හා ගවර්ස් සමාගම් වල නිලධාරින් හත් දෙනෙකුට විදේශ ගමන් තහනම් කර තිබුණි.
මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණිල්ල ගොනු කරනු ලැබුයේ 2015.07.27 දුෂණ විරෝධී හඩ ව්‍යාපාරයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා විසිනි.
පැමිණිලිකරු දන්වා ඇත්තේ නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුව සිටියදී විවිධ ගිවිසුම්වලින් අයථා ලෙස මුදල් උපයා ඇති බවයි. එම මුදල් ගවර්ස් සමාගම සඳහා හෙලෝ කෝප් ආයතනයේ කොටස් මිලට ගැනිමට භාවිතා කර ඇති බව පැමිණිල්ලේ සඳහන් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට සල්ලි එහෙ මෙහේ කරන්න කල් දීලා දැන් මොන හොයන්නද. ඇවන්ගාඩ් එක ගැන කතාවකුත් නැහැ. අපි හිතුවේ යු එන් පියෙන් මේවා කාර්යක්ෂමව කරයි කියලා.වැඩක් නැහැ , අපි කලකිරිලා ඉන්නේ. ඒ ඒ අයට ඒ ඒ අයගේ පක්ෂේ රැකගන්න එක ඔක්කොටම වැඩිය ලොකුවෙලා. ඒ අපි ගැන තියෙන ආදරයකට නෙවෙයි. වමේ පක්ෂයක් බලයට ආවානම් මෙලහකට හොරු දාන අලුත් හිරගෙවල් හදන්න වෙනවා (හේ)
අම්මෝ මේ අයට සමාගමනුත් තියෙනවද?(හේ)
ඇයි මොවුන් අත්අඩංගුවට නොගන්නේ? (නි)
ඕවා හොයන්න දැන් බොහොම ප්‍රමාද වැඩියි. අර කිවුවා වගේ අල්ලයි වලිගෙ (නි)
නන්ද, ඔබටයි මටයි ඔය විදියෙට හිතුනාට තාමත් රාජපක්ෂලට ආවඩන කට්ටියට ඔහොම හිතෙන්නේ නැහැනේ. මහින්ද මහත්තයාගේ නම කෑවේ මෙයාලා තමයි. හැබැයි ඉතින් මහින්ද මහත්තයාත් නොදැන හිටිය වෙන්න බැහැ නේද? යුද්ධයෙන් රට බේරාගත්තා කියලා මෙහෙමත් කරනවද? (නි)
මන්ත්‍රී වෙන්න කලින් කිසිම රැකියාවක්වත් නොකොට, එහෙමට ලොකු ආදායමකුත් නැතිව කොම්පැනියක් ආරම්භ කිරීමට මුදල් කොහෙන්ද ලැබුනේ කියල යි මම මේ කල්පනා කළේ...(කෞ)
මීටත් වඩා හොරකම් තවත් කොයින්ද? (නි)
බලනකොට කරලා තියෙන්නෙම හොරමැරකම්නේ (නි)