තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ
මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිගෙන් සහ උප පොලිස් පරීක්ෂකවරයකුගෙන් කෝටි 20ක වන්දියක් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ගොනු කළ නඩුව ලබන 12 වැනි දා විභාගයට ගැනීමට කොළඹ අතිරේක දිසා විනිසුරු චමත් මදනායක මහතා අද නියෝග කළේය.
මූල්‍ය අපරාධ කොට්ඨාසයෙන් තමන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරවීමෙන් සිදුවූ අපකීර්තියට වන්දියක් ලෙස මන්ත්‍රීවරයා මෙම මුදල ඉල්ලා තිබේ.
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ගෙන් වන්දි ඉල්ලා නඩුවක් ගොනු කළ නොහැකි බැවින් මුල් අවස්ථාවේම නඩුව ඉවත දමන ලෙස නීතිපතිවරයා ඉල්ලා සිටියේය. එම ඉල්ලීම අතිරේක දිසා විනිසුරුවරයා ප්‍රතික්ෂේප කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරු අල්ලන්නේ නැතිව නිකන් බලාගෙන ඉන්න අයට මේවා හොඳ පාඩම්....
කලින් ඉඳන් කියාගෙන එන සරලව ඔප්පු කල හැකි බරපතල නඩු අසනවාට වඩා වේගයෙන් අලුත් නඩු ඇසීමවලට මනා සේ ප්‍රමුඛත්වය සැලසෙන් බවකුයි පෙනෙන්නට තිබෙන්නේ. කල් මැරීමයි, නඩු භාණ්ඩ නැතිවීමයි, අලුත් නඩු ඇසීමට පටන්ගැනීමයි අතර ඇත්තේ , විද්‍යානුකූල භාෂාවෙන් කියනවා නම් සමානුපාතික සහ සම්බන්ධතාවක් ඇති බවයි . මේ අන්‍යොන්‍ය ප්රතික්රියාවන්හී ඵලය වනුයේ චුදිතයින් සියලු චෝදනාවන්ගෙන් නිදොස්කොට නිදහස් කිරීම හා අපහාසය වෙනුවෙන් යහපාලනය වන්දි ගෙවීමයි. මෙහෙම ගියොත් තව ටික කලකින් හොඳ හොඳ සෙල්ලම් බලාගන්න හැකි වෙයි .
දළ දේශීය නිෂ්පාදිතයට වඩා රාජ්‍ය ණය 85% ක්ලු. යුද්දේ ඉවරවුනත් හරි රට හොඳ පැතකට යයි කියල හිතුව. මුළු පවුලම එකතුවෙලා කිසිම පිළිවෙලක් නැතිව සෙල්ලම් දාල, දැන් කොටි 20 ක් ගන්නත් හදනවා. මේගොල්ලන්ට නැතිවෙන්න නමක් තියෙනවද? හරියමක් කරනම් යුද්දේ ඉවර වුනාට පස්සේ රට අගාධයට යන්න විදියක් නැහැනේ. රග්බි කණ්ඩායමේ නායකකමයි, නීතින්යකමයි, දේශපාලනයයි. ඔක්කොම බදාගෙන හරියට නිකන් හින්දි ෆිල්ම් එකක නළුවෙක් වගේ. මොනවා කරනවද? පොළාවේ පයගහල ජිවත් වෙන ක්‍රමය හරියට ඉගෙන ගෙන වැඩ කරනම් හොඳ නැද්ද.
පහසුවෙන් රුපියල් කෝටි 20ක් කොටා බාගන්න ක්‍රමයක් චුටි මොළේට ආවා නේ ! !
අනේ කාලේ වනේ වාසේ. බුදුදහමේ විස්තර කළ අයුරින්ම සිදු වෙයි. වැරදි කළා නම් කර්මයෙන් බේරී යා නොහැක...